බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ කරන්නේ අප කිව්ව දේ නෙමෙයි… කාදිනල් හිමිපාණෝ ගම්මන්පිලට තේරෙන සිංහලෙන්ම කියති!

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන, දැන් රජයට සම්බන්ධ නිලධාරීන් 02ක් දඩයම් කරන්න හදන හැටි කාදිනල් තුමෝ මුල සිටම හෙළි කරති....

by editor
ඔක්තෝබර් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • ඔය වාර්තා අලුත් දේවල් නෙමෙයි… අපිටත් ලැබුණා. පාස්කු නිර්දේශවලට අමතරව ආණ්ඩුවට සම්බන්ධ වෙලා මේ විමර්ශනයෙ ඉන්න නිලධාරීන් 02ක ගෙ නම් දාලා ඔවුන් ගැන විමර්ශනයක් කරන්න කියලා නිර්දේශ කරලා තියනවා…

  • මේ යෝජනා ඉදිරිපත් කළේ කවුද?. හිටපු රජය. අපට එය පිළිගන්න අවශ්‍ය නෑ… පාස්කු ප්‍රහාරයේ විමර්ශන දේශපාලනයට අවශ්‍ය විදිහට ඒ අතට මේ අතට පෙරළුවා ඇති… මෙච්චර කල් නිහඬව ඉඳලා ඔයගොල්ල මේ කරන්නේ අපට අවශ්‍ය දේ නෙමෙයි… කාදිනල් තුමෝ ගම්මන්පිල ඇතුළු කණ්ඩායමට   කියති!

පාස්කු ප්‍රහාරයේ අලුත්ම වීරයින් සෙට් එකක් බිහිවී ඇති බව අතිගරු මැල්කම් කාදිල් රන්ජිත් හිමිපාණෝ අද (20) පැවසූහ.

මෙතෙක් කල් පාස්කු ප්‍රහාරයේ කටයුතුවල බාධා කරමින් සිටි මේ පිරිස අද අමුතු කැක්කුමකින් පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නට පටන් ගෙන ඇති බව කී කාදිනල් හිමිපාණන් කීවේ මේ පුද්ගලයින් උත්සාහ කරන්නේ දැන් රජය පාර්ශවයේ සිට මේ පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශනය කරන නිලධාරීන් දෙදෙනෙක් දඩයම් කිරීමට බවය.

මේ කොමිටියත් රජය මගින් පත් කළ එකක් බවත්, ජනාධිපති කොමිසමේ නිර්දේශවලට අමතරව  අදාල නිලධාරීන් දෙදෙනාට ද දඬුවම් කළ යුතු බව ඇතුළත් කර ඇති ඒ කමිටු වාර්තාවේ අන්තර්ගත වන්නේ රජයේ අවශ්‍යතාවය මත ලබාදුන් යෝජනා බවත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.

“ආණ්ඩුවලට ඕන ඕන පදයට පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඒ අතට මේ අතට අර අතට යවන්න ඒ ගොල්ල කටයුතු කළාට ඒවා පිළිගන්න අප සූදානම් නෑ. අපට ඕන මේකට ඇත්තටම මොකක්ද වුනේ කියලා විමර්ශනය කරන්නයි.” කාදිනල් හිමිපාණෝ කීහ.

රාගම පොල්ගහ හේන ජේසු බිළිඳුන්ගේ දේවස්ථානයේ ආසිරි ගැන්වීම සහ අභිෂේක කිරීමේ අවස්ථාවට එක්වෙමින් අතිගරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ අද (20) මේ බව ප්‍රකාශ කළහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

උන්වහන්සේ  සිය අනුශාසනාව අතර මෙසේ ද පැවසූහ.

අද වැනි කාලයක අපි මේ ශ්‍රී ලංකාවේ අවුරුදු හැත්තෑ හයක කාලයක් තිස්සේ ගෙන ගිය දුර්දාන්ත පාපිෂ්ඨ ඇතැම් දුර්වලතා ඇතැම් දුර්වලතා ජය ගන්න අපි කතෝලිකයන් විදිහට ඉදිරියට ආ යුතුයි. නීතියක් නැති, සාධාරණයක් නැති, යුක්තිකරුගක්වයත් නැති, විනයක් නැති, ආගම ධර්මය ප්‍රතිපත්ති නමට පමණක් පාවිච්චි කරන, ආගමත් දේශපාලනීකරණය කරන්නට උත්සාහ කරන, භාෂාව, ආගම ජාතික නිසා මිනිස්සුන්ව භේද බින්න කරපු,   භේද බින්න කරලා ඒ මගින් දේශපාලන බලය අල්ලා ගත්තු දුර්දාන්ත දේශපාලන ක්‍රමයක් වෙනස් කරන්න අපි තීරණය කළා.

ඒ තීරණය ඉදිරියටත් අපි ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුයි එම සමාජ පරිවර්තනය ඇති කරගන්නට නම්.

විශේෂයෙන්ම මෙහිදී වැදගත් වන්නේ අපගේ පාස්කු ප්‍රහාරය පිළිබඳ යුක්තිය ලබා ගැනීමේ කටයුත්තයි.

මේ දවස්වල අපේ දේශපාලන නායකයො, මන්ත්‍රීවරු සමහර අය ආගමේ කියලා කියා ගන්න මන්ත්‍රීවරු, මෙපමණ කල් නිහඬව ඉඳලා අපි ඉල්ලන කිසිදේකට සලකන්නෙ නැතිව, ඒ අය පාර්ලිමේන්තුවෙ ඉඳලා වචනයක්වත් සඳහන් නොකර, අපේ වැඩට බාධා කරමින් හිටපු අය… දැන් අමුතු කැක්කුමකින් අපේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න පටන් අරන්.

කොමිෂන් සභාවල වාර්තා කෝ… ඒවා කොහෙද තියෙන්නේ කියමින් ප්‍රශ්න කරන්න අරන්… පාස්කු ප්‍රහාරයේ අලුත්ම වීරයො සෙට් එකක් බිහි වෙලා තියනවා මේ ගොල්ල අතරේ.

අපට ඒවයින් වැඩක් නෑ, අපි මෙච්චරකල් කිව්ව දේ නෙමෙයි ඔය කරන්නේ. අපි ඒක නෙමෙයි අපි බාලපොරොත්තු වුනේ.
අපේ ප්‍රශ්නයක් තියනවා. මේ පාස්කු ප්‍රහාරය යට කවුද හිටියෙ කියලා අපි තවම දන්නේ නෑ, අන්න ඒක අපි දැනගන්න ඕන. ඒක මේ ජනතාවගේ අයිතිවාසිකමක්. තමන්ගේ මෑණීයන්ව පියාව තමන්ගේ දරුවන්ව දරු පවුල විනාශ කරපු, දෙසීය හැත්තෑ හතරක් අපේ සහෝදර සහෝදරියන්ව….  අපේ විතරක් නෙමෙයි,  දේවස්ථාවලට පැමිණ ‍බෞද්ධ මුස්ලිම් විවිධ ජාතිකයන්ව කෑලි කෑලිවලට කඩලා විනාශ කරලා දැම්මේ කවුද?, අන්න ඒක අප දැනගත යුතුයි.

ඇත්ත තමයි. මුස්ලිම් අන්තවාදීන් හත් දෙනෙක් තමයි මේක කළේ. මේ ගැන හොඳින්ම දැනගෙන හිටිය තවත් කට්ටියක් මේක වළක්වන්න කිසිම දෙයක් කළේ නෑ. පැනලා ගියා රටෙන්. පැනලා ගිහින් වෙන රටවල්වලට වෙලා හිටියා වගකිව යුත්තෝ. ඒ නිසා ඒ කට්ටියත් දඬුවම් කරන්න ඕන.

තුන්වෙනුව ඊටත් වඩා භයනාක මේ හත් දෙනාගේ කණ්ඩායමට පුපුරණ ද්‍රව්‍ය දුන්නේ කවුද?, මේ හත් දෙනාගේ කණ්ඩායමට බෝම්බ හදන්න ඉගැන්නුවෙ කවුද?,  මේ හත්දෙනාගේ කණ්ඩායමට මේවා ටයිම් කරන්න කියාදුන්නෙ කවුද?. මේව අප දැනගන්න ඕන… අන්න ඒ පිටිපස්සේ හිටියෙ කවුද කියලා

මේ නිසා අපි කතෝලික රදගුරු මණ්ඩලය පිට පිටම ඉල්ලා හිටියා සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා. අපට නොයෙකුත් විදිහේ සාක්ෂි ඉදිරිපත් වුනා මේ පාස්කු ප්‍රහාරය නිකම්ම නිකම් මුස්ලිම් හත් දෙනෙක් නිකම්ම නිකම් අන්තවාදය නිසා බොම්බ පුපුරුවා ගත්තු එකක් නෙමෙයි කියලා. ඊට වඩා ලොකු දෙයක් යටින් තියනවා කියන සාක්ෂි මතු වෙන්න ගත්තා. අදත් මතු වෙමින් තියනවා.

මේ සාක්ෂි ගැන විමර්ශනය කරන්නෙ නැතිව සාධාරණ තීන්දුවක් ගන්න අමාරුයි. අහිංසක මිනිසුන්ව එල්ලන්න අපට උවමනා නෑ, නමුත් අපට අයිතියක් තියනවා මේක පිටුපස්සේ හිටිය මහමොළකරුවො කවුද කියලා දැනගන්න. ඒ කට්ටිය කවුද කියන එක අපි දැනගන්නකම් අපි ප්‍රශ්න කරනවා.

දැන් මේ අය කියන වාර්තා බැලුවොත්… ඒ රජය විසින් පත් කරන ලද කොමිටි දෙකක්… මේ කොමිටි දෙකේ වාර්තාවල් කතෝලික රදගුරු මණ්ඩලයට රජය ලබා දුන්නා.

පළවෙනි වාර්තාවෙ තියෙන්නේ මොකක්ද?. ජනාධිපති කොමිසම දුන්න නිර්දේශම තමයි ඒකෙ තියෙන්නෙ. ජනාධිපති කොමිෂන් සභාව දුන්න නිර්දේශම ලියන්න තව කොමිටියක් පත් කරන්න ඕන ද?. හැබැයි එතන පොඩි කට්ට වැඩක් කෙරුවා. ඒ නිර්දේශවලට අමතරව දැන් රජය පැත්තේ වැඩ කරන උසස් නිලධාරීන් දෙන්නෙකුට විරුද්ධව නීතිමය කටයුතු කරන්න කියලා ඒ කොමිටියෙන් යෝජනා කෙරුවා.

ඒ කොමිටියට ඒ යෝජනා දුන්නේ කවුද?. ආණ්ඩුවමයි. ආණ්ඩුවට ඕන ඕන පදයට පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඒ අතට මේ අතට අර අතට යවන්න ඒ ගොල්ල කටයුතු කළාට ඒවා පිළිගන්න අප සූදානම් නෑ.

අපට ඕන මේකට ඇත්තටම මොකක්ද වුනේ කියලා විමර්ශනය කරන්න. මේ රටේ නායකයා අපට එක පොරොන්දවක් දීලා තියනවා. ඒ පොරොන්දුව අනුව විමර්ශනයක් ආරම්භ කරලා තියනවා. අපි ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්නේ අපේ නායකයා දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරයි කියලා.

ඒ නිසා වැඩිකල් නොගොස් පාස්කු ප්‍රහාරය වැනි කෲර ක්‍රියා පිටිපස්සේ හිටියෙ කවුද කියන එක, මොකටද කියන එක අපට දැනගන්න ලැබුනොත් ඒක තමයි අපට අවශ්‍ය කාරනාව.

ඒ විතරක් නෙමෙයි. මේ රටේ පහුගිය අවුරුදු 15 – 20 ඇතුළත ගංගාවල පා කර හැරපු මිනිස්සු, අතුරුදහන් කළ මිනිස්සු සුදු වෑන්වලින් උස්සන් ගිය මිනිස්සු, පාරෙ මරා දමාපු මිනිස්සු… ඒ ගොල්ල ගැනත් යුක්තිය ඉෂ්ඨ විය යුතුයි.

කාදිනල් තුමා පැවසුවේ පසුගිය වසර විසි පහ තිහ කාලය තුළ දේශපාලන බලය අවභාවිතා කරමින් මේ රටේ ගෙන ගිය දුර්දාන්ත පාලනයේ සිදුවූ අයුක්ති සහගත මානුෂික ව්‍යසනයන් පිළිබඳ දැනගැනීමට ඒ පිළිබඳව විමසීමට කතෝලිකයන් ලෙස තමන්ට ඇති සමාජ වගකීම අමතක නොකරන බවය.

ඒ සම්බන්ධව සත්‍ය දැනගැනිමට පුරවැසියන් ලෙස තමන්ට අවශ්‍ය බවය. පාස්කු ප්‍රහාරය වැනි සිද්ධි සම්බන්ධව නැවත නැවතත් ප්‍රශ්න කරන්නේ ඒ නිසා බව කාදිනල් තුමෝ කීහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රත්තරන් ගේ බෑණාගේ නිවසේ සඟවා තිබී තීරු බදු නොගෙවා වරායෙන් පැන්නූ බවට සැක කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලියු රථයක් සහ මිට්සුබිෂි ජිප්රථයක් සොයා ගනී….

Next Post

ඊයේ රටම සැරසූ පල්ලකැලේ මංගල්ලය…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.