සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉතාලි ඔලිම්පික් කමිටුව හොබවන ආඩම්බරකාර ශ්‍රී ලාංකිකයා

ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන විධායක තනතුරකුත්

by editor
ඔක්තෝබර් 14, 2020
in ක්‍රීඩා
Kelum-Perera

කැළුම් පෙරේරා

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක 

ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකිකයකු  ලැබූ ඉහළම ගෞරවය අත්කර ගැනීමට ශ්‍රී ලාංකික තරුණයකු වන කැලුම් පෙරේරා සමත්වී තිබේ. ඉතාලියේ උපන් 36 හැවිරිදි මේ තරුණයා එරට ඔලිම්පික් කමිටුවේ මලල ක්‍රීඩා කොමිසමේ උපසභාපතිවරයා වන අතර ඉතාලි ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් කටයුතු කරමින්  සිටී. 

කැළුම් පෙරේරා

ඉතාලි ඔලිම්පික් කමිටුවේ නිලයක් හොබවන ළාබාලතම පුද්ගලයා ද ඔහුය. එමෙන්ම එරට ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය දරන එකම විදෙස් ජාතිකයා ද කැලුම් පෙරේරාය. ඔහු ඉතාලි ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය දරනු ලබන්නේ 2009 වසරේ සිටය.

ක්‍රීඩා අමාත්‍යාංශයක් නොමැති ඉතාලියේ දසදහසක් පමණ වන ක්‍රීඩා සමාජ හා මිලියන දහයකට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වගකීම කරපින්නා ගත් එරට ඔලිම්පික් කමිටුවේ නිලතලවලට පත්වන්නේ ඡන්ද විමසීමකිනි. එම ගෞරවනීය තත්ත්වයට පත්වීමට වැඩිදෙනෙකුගේ විශ්වාසය දිනාගත යුතුව තිබෙන අතර කැලුම් පෙරේරාට එම අවස්ථාව ලැබීම විශේෂත්වයකි. ඔහු ඊට පෙර ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමේද ප්‍රබල සාමාජිකයකුව සිටියේය. 

කැළුම් ඉතාලියේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සිටි අවධිය..

කැලුම් පෙරේරා උපන්නේ ඉතාලියේය. ඔහුගේ පියා කුමාරදාස පෙරේරා සහ මව අශෝකා ඉතාලියට සංක්‍රමණය වී ඇත්තේ 70 දශකයේ අගභාගයේදීය. ඔහුගේ පියා මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ  කැපී පෙනෙන ක්‍රීඩකයකුව සිටි අතර, ආනන්ද විදුහලේ පළමු පෙළ ක්‍රිකට් පිලේ දස්කම් දැක්විමෙන් පසු වෙළෙඳ සේවා ක්‍රිකට්  තරග බිමේ විශිෂ්ට දස්කම් අතර සිටි අයෙකි. පිතිකරුවකු ලෙසත්, කඩුලු රකින්නකු ලෙසත් පියා දැක්වූ ක්‍රිකට් දස්කම් කැලුම් පෙරේරාගේ ක්‍රිකට් දිවියට ද බෙහෙවින් බලපෑවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉතාලියේ ක්‍රීඩා සමාජ කිහිපයක්ම නියෝජනය කළ කැලුම් පෙරේරා එරට අවුරුදු 15න් පහළ, 17න් පහළ, 19න් පහළ සහ 23න් පහළ ජාතික කණ්ඩායම්වල නායකයා ලෙසත් කටයුතු කර තිබේ. අනතුරුව වසර කිහිපයක් ඉතාලි ජාතික ක්‍රිකට් පිලේ සාමාජිකයකු ලෙස කටයුතු කළ කැලුම් පෙරේරා 2010දී ක්‍රීඩාවෙන් සමුගත්තේ පරිපාලනය තුළින් වැඩි සේවයක් ලබාදීමේ අරමුණ ඇතිවය. 

අනතුරුව 2012 සිට 2016 දක්වා කාලයේදී ඉතාලි ජාතික ක්‍රිකට් පිලේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ කැලුම් පෙරේරා 2016 සිට මේ වසරේ මුල් භාගය දක්වා ජාතික ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළ අතර ඒ කාලය තුළ ඉතාලි ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ලෙසත් සිය දායකත්වය ලබා දුන්නේය. ඒ අතරතුර කාලයේ එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් සිය ක්‍රිකට් දස්කම් මුවහත් කරගත්තේය.

කැලුම් පෙරේරා ඉතාලි ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වූයේ මේ වසරේදිය. ඔහු ලොව පිළිගත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මෙහෙවනු ලබන තුන්වැනි මට්ටමේ ක්‍රිකට් පුහුණු පාඨමාලාව ද සාර්ථකව හදාරා සහතිකලත් අයෙකි. 

‘මම අධ්‍යාපනය ලැබුවේ ඉතාලියේ. පොඩි කාලේදීම මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ මගේ තාත්තා. මගේ ක්‍රිකට් දිවිය ඔප්නැංවීමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිටියේ හිටපු ක්‍රීඩකයන් වන ජේ.සී.ගමගේ, නිරෝෂන් රාමනායක (චම්පක රාමනායකගේ සොයුරා) වගේම අනූෂ සමරනායකත් විශාල සහයෝගයක් ලබා දුන්නා.‘ ඔහු කීවේය. 

‘ඉතාලි ඔලිම්පික් කමිටුවට සාමාජිකයන් පත්වෙන්නේ ඡන්දයෙන්. තනතුරුවල සිටින හැමෝම වගේ ඔලිම්පික් පදක්කම්ලාභී ඉතාලි ජාතිකයන්. ක්‍රීඩා අමාත්‍යාංශයක් නැති නිසා ඔලිම්පික් කමිටුව තමයි ඉතාලියේ ඉහළම ක්‍රීඩා පරිපාලන ආයතනය වෙන්නේ. ඉතින් තරුණ කාලයේදීම මට මේ ගෞරවනීය තනතුරු ලැබීම ආඩම්බරයක්. ඒ වගේම මම හරි වාසනාවන්තයෙක්. ඉතාලි ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා මගේ සමීපතම හිතවතෙක්. ඔහු විවිධ කටයුතුවලට මගේ උපදෙස් ලබා ගන්නා අවස්ථාවන්ද තිබෙනවා. ඔහු මා අමතන්නේ ‘ප්‍රොෆෙසර්‘ කියායි.‘ කැලුම් පෙරේරා කීවේය.

25 හැවිරිදි වියේදී මුලින්ම ඉතාලි ඔලිම්පික් කමිටු සාමාජිකත්වය ලැබූ කැලුම් පෙරේරා මේ වනවිට අඛණ්ඩව තුන්වැනි වරටත් කමිටු සාමාජිකත්වය ලබා සිටින අතර ඉදිරියේදී ඉතාලි මලල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිය දායකත්වය උපරිමයෙන් ලබාදීමට බලාපොරොත්තු වෙයි. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බාල වයස්කාර සිසුවා සමඟ පැනගිය ගුරුවරිය හා සිසුවා නුවරඑළියේ දී අත්අඩංගුවට…

Next Post

පරිසරය සුරකින්න කැපවුණු ස්විස්ටර්ලන්තයේ සුනඛ සුරතලිය… ලින්ඩා

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.