සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අමුතු දඟ පන්දු යවන්න ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමට එක් වුන අවුරුදු 15 පොඩි එකී…

by editor
අප්‍රේල් 13, 2024
in ක්‍රීඩා
ශෂිනි ගිම්හානි

ශෂිනි ගිම්හානි

Share on FacebookShare on Twitter

බීබීසී –

විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරග කිරීමට නියමිතව තිබේ.

මෙම තරගාවලිය අප්‍රේල් 25 වැනිදා සිට මැයි 07 වැනිදා දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගාවලියේදී ක්‍රීඩා කරනු ලබන්නේ A කාණ්ඩය යටතේ ය.

ශ්‍රී ලංකා සංචිතයට නම් කළ නවක ක්‍රීඩිකාව කවුද ?

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා නම් කළ 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය සඳහා 15 හැවිරිදි ක්‍රීඩිකාවක් ද ඇතුළත් කර ඇත. ඇය නමින් ශෂිනි ගිම්හානි ය.

බොහෝ දෙනාගේ අවධානය ඇය වෙත යොමු වුයේ දකුණු අප්‍රිකාවෙන් බිහිවූ හිටපු දඟ පන්දු ක්‍රීඩක පෝල් ඇඩම්ස්ගේ ඉරියව්වට සමාන අයුරින් මෙම හුරුබුහුටි ක්‍රීඩිකාව පන්දු යැවීම නිසා ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින තරගාවලියේදී කඩුලු 07ක් දවා ගැනීමට මෙම ක්‍රීඩිකාව සමත් වූවාය.

 ‘ඇයට අත් දෙකෙන්ම පන්දු යවන්න පුළුවන්’

මෙම 15 හැවිරිදි ක්‍රීඩිකාව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කාරියක් ලෙස කටයුතු කරනු ලබන අප්සාරී තිලකරත්න පවසා සිටියේ ගිම්හානි සිය අත් දෙකෙන්ම පන්දු යැවීමට සමත්කම් දක්වන බවය.

ඇය චයිනමන් පන්දු යවන්නියක් බවත් වයස අවුරුදු 15ක් වුවද ක්‍රිකට් ක්‍රීඩාව ගැන හසල දැනුමක් ඇති ක්‍රීඩිකාවක් බවත් අප්සාරී තිලකරත්න වැඩිදුරටත් පැවසුවාය.

“රත්ගම දේවපතිරාජ විදුහලේ තමයි මේ දුව ඉගෙන ගන්නේ. විදුහලේ ක්‍රිකට් පුහුණුකරු තමයි අපිට ඇය ගැන මුලින්ම දැනුවත් කළේ.”

“මෙයා චයිනාමන් බෝලර් කෙනෙක් වගේම එයාට අත්දෙකෙන්ම පන්දු යවන්න පුලුවන්. ”

“අපේ ඩිවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එක යටතේ අවුරුදු දෙකක් මෙයා ගැන අපි අවධානයෙන් හිටියා. මොකද එයා පොඩි වයසේ ක්‍රීඩිකාවක් නිසා.”

“මෙයා පාසලේ දී වගේම, ක්‍රීඩා සමාජ තරගාවලදී හොඳින් දක්ෂතා දැක්වුවා. ඒ වගේම පසුගියදා අවසන් වූ තුන්කොන් එක්දින තරගාවලියේදීත් හොඳින් පන්දු යවලා කඩුලු ලබා ගත්තා.”

ශශිනි ගිම්හානි ට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩිකාව ලෙසට ඉතිහාසයට එක්වීමට අවස්ථාව උදාවී ඇත

“ලෝකයේ මේ වගේ ප්ලේයර් කෙනෙක් නැහැ. මෙයා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා සංචිතයට නම් කරලා තියෙන්නේ. එයා අනාගතේ අපේ ප්‍රබල අවියක් වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.”

“ඒ වගේම මෙයාට ක්‍රිකට් ගැන හොඳ දැනුමක් තියෙනවා. ක්‍රිකට් ගැහුවා කියන එකම නෙමේ ඒ ගැන හොඳ දැනුමක් තිබීමම කුඩා වයසේ ක්‍රීඩිකාවක් හැටියට වටිනවා.” අප්සාරි තිලකරත්න පැවසීය.

විශ්මි ගේ වාර්තාව බිඳ වැටෙයි ද?

ශශිනි ගිම්හානි ට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩිකාව ලෙසට ඉතිහාසයට එක්වීමට අවස්ථාව උදාවී ඇත.

තවමත් 15 හැවිරිදි වියේ පසුවන ඇය මෙවර අබුඩාබි හි පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළහොත් එම වාර්තාවට උරුමකම් කීමට ඇය සමත් වන්නීය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ මේ වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක් වන විශ්මි ගුණරත්න ය.

විශ්මි ගුණරත්න 2022 වසරේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සිය පළමු පන්දුවාර විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කරන විට ඇයගේ වයස අවුරුදු 16කි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊශ්‍රයාලයේ වර්ධනය වන තත්ත්වය ගැන ඊශ්‍රයාල ශ්‍රී ලංකා තානාපතිගෙන්  ඊශ්‍රයාලයේ ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් මාලාවක්!

Next Post

ඇමරිකාවේ අයෝමය රැකවරණය සිදුරු කර ප්‍රකාශ කළ ලෙසම ඉරානය ඊශ්‍රයාලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.