එක්සත් ජනපදය ඊශ්‍රායලයට ලබා දෙන බවකි “යකඩ ආවරණය” බිඳ හෙළමින් ඉරානය සෙනසුරාදා අගභාගයේදී ඊශ්‍රායල භූමියට ඩ්‍රෝන සහ මිසයිල සිය ගණනක් සහිත පළමු දැවැන්ත ගුවන් ප්‍රහාරය එල්ල කළේය.
මිසයිල සහ ඩ්‍රෝන හරහා එල්ල කළ මෙම ප්‍රහාරයත් සමග 7 හැවිරිදි ඊශ්‍රයාල දැරියක බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ ඉරානය ඊශ්‍රායලයට ගොඩබිම් මිසයිල දුසිම් ගණනක ප්‍රහරයක් එල්ල කළ බවත්, ඒවායින් බොහොමයක් ඊශ්‍රායල දේශසීමාවෙන් පිටතදීම නිශ්ක්‍රීය කළ බවත්ය. අක්‍රීය කළ මිසයිල අතර කෲස් මිසයිල 10කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වූ බව ඔහු පැවසීය.
ඉරානය මේ වන විට ඩ්‍රෝන යානා සහ මිසයිල 200කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවත්, එක් ඊශ්‍රායල හමුදා මධ්‍යස්ථානයකට සුළු හානි සිදු කර ඇති බවත් හගාරි පවසයි.
ඊශ්‍රායල හමුදාව පසුව කියා සිටියේ පදිංචි ස්ථාන අත්හැර යෑමට සූදානම් වන ලෙස කිසිදු නිවැසියෙකුට උපදෙස් නොදෙන බවය. පෙර අනතුරු ඇඟවීමේ මෙම සංශෝධනය තර්ජනයේ අවසානය සංඥා කිරීමක් පෙනී යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඊශ්‍රායලයේ චැනල් 12 රූපවාහිනිය නම් සඳහන් නොකළ ඊශ්‍රායල නිලධාරියෙකු උපුටා දක්වමින් ප්‍රකාශ කළේ මෙම ඉරාන ප්‍රහාරයට ඊශ්‍රයාලයෙන් “සැලකිය යුතු ප්‍රතිචාරයක්” ලැබෙනු ඇති බවය.
අප්‍රේල් 0 1 වැනිදා ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් දෙදෙනකු ඇතුළු ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ නිලධාරීන් හත් දෙනකු මරා දමමින් සිරියාවේ ඩැමස්කස් නුවර ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට පළි ගන්නා බව ඉරානය මින් පෙර නිවේදනය කළේය.
ඊයේ (13) එල්ල කළ ඉරාන ප්‍රහාරය “ඊශ්‍රායල් අපරාධවලට” දඬුවමක් බව ද ඉරානය කීවේය. කෙසේ වෙතත් ඩමස්කස්හි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලය තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නැත.
“ඊශ්‍රායල් පාලන තන්ත්‍රය තවත් වැරැද්දක් කළහොත්, ඉරානයේ ප්‍රතිචාරය සැලකිය යුතු තරම් දරුණු වනු ඇති” බව එක්සත් ජාතීන්ගේ ඉරාන දූත මණ්ඩලය පැවසුවේ, එක්සත් ජනපදයට “දුරින් සිටින ලෙස” අනතුරු අඟවමිනි.
කෙසේ වෙතත්, ඉරානය දැන් “කාර්යය අවසන් වී ඇතැයි සලකන” බව ද එම ප්‍රකාශයේ දක්වා තිබේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉරානයේ ප්‍රහාරය හෙළා දකිමින් කියා සිටියේ “කලාපය පුරා ව්‍යසනකාරී උත්සන්න වීමේ සැබෑ අනතුර ගැන තමා දැඩි ලෙස තැති ගන්වන” බවය.
මේ අතර ඊයේ විශේෂ ප්‍රකාශයක් සිය නිල X ගිනුමේ සටහන් කරන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉරාන ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවත් ඊශ්‍රයාලයට රැක ගැනීම සඳහා ඇමරිකාවේ අයෝමය කැපවීම නැවතත් තහවුරු කරන බවත් ප්‍රකාශ කළේය.
I condemn Iran's attacks in the strongest possible terms and reaffirm America’s ironclad commitment to the security of Israel.
My full statement on Iran’s attacks against Israel: pic.twitter.com/EuPJZoGw6w
— President Biden (@POTUS) April 14, 2024