සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

by editor
ජූනි 26, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නායක ධනංජය ද සිල්වා පන්දු 168කදී ලකුණු 120ක් රැස් කිරීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවණීය අවසාන ලකුණක අභියෝගය කොදෙව්වන් වෙත ලබා දි ඇත.   තරගයේ මුල් දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 308ක් ලබා ගෙන සිටිති.

මේ 308 සිහිනයක්ව තිබිණි. ආරම්භය ඒ තරම් බිඳවැටෙන සුළු විය.

තරගයේ කාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු පැය ඇතුළත කඩලු 3ක් අහිමි විය. තරගයේ පළමු පන්දු වාරයේදීම කෙමාර් රෝච් ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීම ආරම්භ කළේය. තරගයේ පළමු පැය සම්පූර්ණයෙන්ම තිබුණේ ඔවුන් අතේය. කණ්ඩායමේ  ප්‍රබලම පිතිකරුවන් තිදෙනෙක් ලකුණු 02කට අඩුවෙන් දැවී ගොසිනි. පැතුම් නිශ්ශංක ලකුණු 02කි. කමිඳු මෙන්ඩිස් ලකුණු නැත. කුසල් මෙන්ඩිස් ලකුණු නැත.

කෙමාර් රොච් ගේ පන්දුවකට පැතුම් නිස්සංක පාදය දෙසින් එල්ල කළ    පහරක්     ෂෝට් ලෙග් කලාපයේදී උඩ පන්දුවක් බවට පත් විය.   ඉන්පසු 10 වැනි පන්දු ඕවරය යැවූ  අල්සාරි ජෝසප්ගේ පන්දුවක් නිෂාන් මදුෂ්කගේ පා ආවරණයේ වැදීමෙන් ඔහු දැවී ගියේය. ඊලඟ පන්දුවේ දී  කමිඳු මෙන්ඩිස්  විකට්ටුවෙන් පිටතට ඇදී ගිය පන්දුවකට පළමු ස්ලිප් ක්‍රීඩකයා වෙත උඩ පන්දුවක් ලබා දුන්නේය.  ජොෂප් පන්දු 03ක් තුළ කඩුළු 02ක් බිඳහෙළුවේය.  ඒ අනුව තරගයේ මුල් භාගයේදීම ශ්‍රී ලංකාව ලකුණු 42කට කඩලු 3ක් බිඳ වැටී අසීරු අඩියකට පත්ව තිබුණි.

අල්සාරි ජෝෂප්

සටනට අවතීර්ණ වීම

කෙසේ වෙතත්, වේග පන්දු යවන්නන්ට යම් සහයෝගයක් දැක්වූ තණතීරුව මත ශ්‍රී ලංකා පිතිකරුවෝ පෙරළා සටනක් දියත් කළහ. පීඩනයක් පතිත වූ අවස්ථාවක දී එය කළමනාකරණය කර ගත හැකි  ටෙස්ට් ක්‍රීඩකයෙකුගේ අත්දැකීම් සහිත පරිනතිය ඉනිමේ මුලින්ම ප්‍රකට වන්නේ දිනේෂ් චන්දිමාල්ගෙනි.    දිනේෂ් චන්දිමාල් වේගවත් අර්ධ ශතකයක් ලබා ගනිමින්  කණ්ඩායම පීඩනයෙන් ගලවාගෙන විශ්වාසනීය රිද්මයකට යොමු කළේය.    ඉන්පසුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා  තරගයේ පූර්ණ පාලනය තමන් වෙත ගනු ලැබුවේය. නායකයෙකුගේ වගකීම සහිතව වෘත්තීය පිතිකරණයක යෙදුන ධනංජය  ඉනිම රිද්මයානුකූලව ගොඩනැගුවේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ධනංජය ද සිල්වාගේ මෙම ඉනිම ප්‍රධාන වශයෙන් සබඳතා තුනක් මත ගොඩනැඟිණි. ඔහු චන්දිමාල් සමඟ ලකුණු 68ක සබඳතාවක් ද, සොනාල් දිනූෂ සමඟ ලකුණු 99ක සබඳතාවක් ද, සහ 7 වැනි කඩල්ල වෙනුවෙන් මිලින්ද රත්නායක සමඟ ලකුණු 64ක සබඳතාවක් ද  ලෙස ඒ වගකීම් සහගත පිතිකරණය ඇදී ගියේය.

චන්දිමාල් සමග සබඳතාව ගොඩනගද්දී කැපී පෙනන ලක්ෂණය වූයේ ධනංජය ඉතාම කල්පනාකාරීව පිතිකරණයේ යෙදීමය. ඒ අතර අනෙක් අන්තයෙන් දිනේෂ් චන්දිමාල් වේගවත් සහ පීඩනය බිඳිනසුළු ආකර්ශනීය පතිකරණයක නිරත විය. චන්දිමාල් සහ ධනංජය අතර ගොඩනැගෙන සම්බන්ධතාවය ලකුණු 68කි. ඉන් 41ක් චන්දිමාල්ගේය. චන්දිමාල් සිය අර්ධ ශතකය පසු කරමින් හොඳින් ක්‍රීඩා කරමින් සිටියදී ෂැමර් ජෝසප්ගේ විශිෂ්ට යෝකර් පන්දුවක් හමුවේ දැවී ගියේය.

Dinesh
දිනේෂ් චන්දිමාල්

එම පන්දුවාරයේදීම කුසල් මෙන්ඩිස් දැවී යෑම යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වුන මරු පහරක් වන්නේ එකම ඕවරය කඩුළු දෙකක් දැවී ගිය දෙවැනි අවස්ථාව මෙය වීමත් සමගය. කුසල් මෙන්ඩිස් දෙවැනි ස්ලිප් කලාපයට උඩ පන්දුවක් දී දැවී ගියේය.

කෙසේ වෙතත් ධනංජය ද සිල්වා මනරම් පිතිකරණයක යෙදෙමින්  ශ්‍රී ලංකාව එම අනතුරෙන් මුදා ගත්තේය.  ඔහුට අනගි සහයක් ලබා දෙමින් 06 වැනි කඩුල්ල වෙනුවෙන්  සොනාල් දිනූෂ ද ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව අසීරුතාවෙන් මුදා ගැනීමට දායක විය. කෙටී ඉහළ නැගෙන   පන්දු ලැබුණු සැණින් බැක්වර්ඩ් පොයින්ට් කලාපයෙන් පහරවල් එල්ල කළ දිනූෂ පන්දු 75කදී ලකුණු 43ක් රැස් කළේය.

sonal
සොනාල් දිනූෂ

තේ පානයෙන්  පසු ධනංජය ද සිල්වා සිය 13 වැනි ටෙස්ට් ශතකය පන්දු 150කදී සම්පූර්ණ කළේය.    අවසානයේ දී ජස්ටින් ග්‍රීව්ස් යැවූ සාමාන්‍ය පන්දුවකට මිඩ්විකට් කලාපයෙන් පහරක් එල්ල කිරීමට යාමේදී පිත්තේ උඩ දාරයේ වැදී පොයින්ට් කලාපයේ සිටි ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය දැවී ගියේය. ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 273ක් වූ අතර, පසුව පැමිණි පිතිකරුවන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. එහිදී මිලින්ද රත්නායක ලකුණු 27ක් රැස් කළේය.

308 ඇති  ද?

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 308ක එකතුව තරගය පාලනය කළ හැකි මට්ටමක එකතුවක් නොවන බව පැහැදිලිය. නමුත්   එය තරගකාරී පළමු ඉනිමක ලකුණු සංඛ්‍යාවකි.

කොදෙව් වේග පන්දු යවන්නන් වන කෙමාර් රෝච්, අල්සාරි ජෝසප් සහ ෂැමර් ජෝසප් වරින් වර ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළහ. නමුත් අවසානයේ දී ශ්‍රී ලංකා ඉනිමට වැඩිම හානියක් කළේ  මද වේග පන්දු යවන ජස්ටින් ග්‍රීව්ස් ය. ඔහු ධනංජය ද සිල්වාගේ කඩල්ල දවා ගැනීමෙන් පසු පසුපෙළ  පිතිකරුවන් දෙදෙනකු ද දවා ගනිමින් ලකුණු 39කට කඩලු 3ක් බිඳ දැමීය. රෝච්, අල්සාරි සහ ෂැමර් ජෝසප් කඩලු 2 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 308කට සීමා කිරීමෙන් පසු, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මුල් දිනයේ ක්‍රීඩාව නිම වීමට පෙර පන්දු වාරයක් පන්දුවට පහර දීමට සිදු වූ අතර, ඔවුන් කිසිදු කඩල්ලක් නොදැවී එය නිමා කළේය. කෙසේ වෙතත්, කොදෙව් කණ්ඩායමේ පන්දු වාර යැවීමේ වේගය ඉතා මන්දගාමී වූ අතර, පැය හයහමාරක ක්‍රීඩා කාලය සම්පූර්ණයෙන්ම භාවිත කර තිබුණ ද මුල් දිනයේ දී යැවීමට හැකි වූයේ පන්දු වාර 72.5ක් පමණි.

 

 

Share69Tweet43
Previous Post

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Next Post

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.