මාතර තලල්ල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 40 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. තුවාලකරුවන් කඩිනමින් මාතර සහ බතීගම රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම අනතුර අද (26) උදෑසන 07.50 ට පමණ මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ තලල්ල, වජිරවංශ මාවත ප්‍රදේශයේදී සිදුව තිබේ.
තංගල්ල දෙස සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ගාල්ල දෙස සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ වෙනත් පෞද්ගලික බස් රථයක් මෙලෙස එකිනෙක ගැටී අනතුරට පත්ව ඇත. අනතුරින් තුවාල ලැබූ පිරිස අතරින් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.









