බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

by editor
ජූනි 6, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

2013 වසරෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු එක්දින තරග ජයග්‍රහණය මීට දෙදිනකට පෙර වාර්තා කළේය.   නව ප්‍රධාන   ගේරි කර්ස්ටන්ගේ ධුර කාලය ආරම්භ වන්නේ ඒ ජයග්‍රාහී ප්‍රවේශයත් සමගය.    තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලියේ  දෙවැනි තරගය   හෙට (ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 1.00 ට)  මුල් තරගය පැවැත්වු සබීනා පාර්ක්  ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

දැන්  සත්කාරක කොදෙව්වන් තරගාවලිය රැකගැනීම සඳහා තරගයකය.  ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට ප්‍රවේශ වන්නේ  සිය ජයග්‍රාහී ගමන ඉදිරියටම රැගෙන යාම සඳහාය.

ශ්‍රී ලංකා පිලේ සැලසුම් සහ වෙනස්කම්

පළමු තරගයේදී ප්‍රධාන පුහුණුකරු කර්ස්ටන් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනාගනිමින් නව අත්හදා බැලීම් කිහිපයකට මුල පිරුවේය. එහිදී කමිඳු මෙන්ඩිස් ආරම්භක පිතිකරුවකු ලෙස පෙරමුණට එවීමට ගත් තීරණය පළමු තරගයේදී සාර්ථක වූයේ නැත.  එහෙත් අංක 3 පිතිකරු ලෙස  නායක කුසල් මෙන්ඩිස්   පෙන්වූ ආක්‍රමණශීලී පිතිහරඹය   නායකත්වය ඔහුගේ සුපුරුදු වේගවත් ක්‍රීඩා විලාසයට බාධාවක් නොවන බව පෙන්නුම් කළේය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ඉනිමේ යම් පසුබෑමක් ද දක්නට ලැබිණි. 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පවන් රත්නායක, අතිශය තීරණාත්මක අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරමින් පන්දු 38 කදී රැස් කළේ ලකුණු 24 ක් පමණි. කුසල් මෙන්ඩිස් ගොඩනැගූ වේගවත් ලකුණු වේගය  අඩාල කිරීමට මෙම ඉනිම හේතු වූයේය.  කෙසේ වෙතත්  අවසාන පන්දුවලදී ජනිත් ලියනගේ දැක්වූ දක්ෂතාව සැලකිල්ලට ගෙන, මීළඟ තරගයේදී ඔහු අංක 4 ස්ථානය සඳහා අත්හදා බැලීමට පුහුණුකරුගේ අවධානය යොමුවිය හැකි බව ජාත්‍යාන්තර විශ්ලේෂකයෝ  පුරෝකථනය කරති.

කොදෙව්වන්ගේ දුර්වලතා සහ අභියෝග

බටහිර ඉන්දීය කොදෙව් පිලට පළමු තරගයේදී ධනාත්මක කරුණුවලට වඩා ගැටලුවලට මුහුණ දීමට සිදු විය. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා දුන්නද, මැදපෙළ පිතිකරුවන්ට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට නොහැකි විය. සාමාන්‍යයෙන් හයේ පහරවල් සඳහා ප්‍රසිද්ධ කොදෙව්වන්, මාස හයකට පසු සහභාගි වූ පළමු එක්දින තරගය මෙය වීම නිසාදෝ, මැදපෙළදී ඉනිම ගොඩනැගීමේදී යම් අපහසුතාවක් සහ මන්දගාමීත්වයක් පෙන්නුම් කළහ.

RelatedPosts

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

එසේ වුවද, ලකුණු නොලබා සිටිය දී තරගයේ මුල්ම පන්දුවේ දී ලබා දුන් උඩ පන්දුව කොදෙව්වන් අතින් ගිලිහී ගිය පසු   පළමු තරගයේදී ලකුණු 79ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ පැතුම් නිස්සංකව ඉදිරි තරගයේදී මෙල්ල කිරීම සඳහා කොදෙව්වන් විශේෂ සැලසුම් සකස් කරනු ඇත.  හෙට පැවැත්වෙන තීරණාත්මක තරගයේදී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණගේ දඟපන්දුවලට මුහුණ දීමේදී දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයාවන  චේස්ගේ භූමිකාව කොදෙව් පිලට අතිශය වැදගත් වනු ඇත.

වේගපන්දුවේ දරුණු ප්‍රහාරය  

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ඕනෑම තණතීරුවක තවමත් තමන් සතු දරුණු වේගය ප්‍රබල අවියක් බව ඔප්පු කරමින් ලකුණු 67 කට කඩුලු 4 ක් බිඳහෙළා ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය උදා කර දුන්නේය. ඔහුගේ පන්දු යැවීමේ රටාව හෙට තරගයේදී ද කොදෙව් ආරම්භක පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරනු නොඅනුමානය.

හෙට තරගය සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිල කිසිදු වෙනසක් නොමැතිව ක්‍රීඩා කිරීමට ඉඩ ඇත. ශ්‍රී ලංකා පිල ද බොහෝ දුරට පෙර කණ්ඩායමම පිටියට බස්සවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත්, පළමු තරගයේදී දක්නට ලැබුණු ‘රිවර්ස් ස්වින්ග්’ (Reverse Swing) පන්දු යැවීමේ දී පිතිකරුවන්ට එල්ලවන තර්ජනය  සැලකිල්ලට ගෙන, අසිත ප්‍රනාන්දු වෙනුවට එෂාන් මාලිංග කණ්ඩායමට කැඳවීමේ හැකියාවක් ද පවතී.

තණතීරුව සහ කාගුණික තත්ත්වය

සබීනා පාර්ක් තණතීරුව සාම්ප්‍රදායික මන්දගාමී ස්වභාවයෙන් බැහැරව, මුල් පන්දුවාර කිහිපයට සාර්ථකව මුහුණ දෙන පිතිකරුවන්ට පහසුවෙන් ලකුණු රැස් කිරීමට අවස්ථාව සලසා දෙයි.

පළමු තරගයේදී දඟපන්දු යවන්නන්ට ද මෙහි සහායක් ලැබුණු බැවින් හෙටත් එවැනිම තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. මෙම තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන බැවින් දෙවැනි ඉනිමේදී පිනිබෑමේ (Dew) බලපෑමක් ඇති විය හැකිය. සවස් කාලයේදී වැසි සහිත කාලගුණයක් වාර්තා වුවද, පසුව එය පහව යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

සුවිශේෂී වාර්තා කිහිපයක්

  • සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාව එක්දින තරගයකදී ලැබූ ප්‍රථම ජයග්‍රහණය මේ තරගාවලියේ මුල්ම තරගය ජයග්‍රහණය කිරීමය.
  • වත්මන් එක්දින පිතිකරුවන් අතරින් ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම ලකුණු ලාභීන් අතර ෂායි හෝප් ලකුණු 663 ක් ලබා 4 වැනි ස්ථානයේ පසුවේ. (පෙරමුණේ පසුවන්නේ ජෝ රූට් – 1425, ශකීබ් අල් හසන් – 716 සහ බාබර් අසාම් – 700 වේ).
  • පළමු තරගයේදී මහීෂ් තීක්ෂණ පන්දුවාරයකට ලකුණු 2.60 ක ඉතා විශිෂ්ට පන්දු යැවීමේ වේගයක් (Economy Rate) පවත්වා ගැනීමට සමත් විය.

යළිත් සිහි කළ යුතු කතාවක් තිබේ.  ජාත්‍යාන්තර කණ්ඩායමක් සිය රටේ දී පරාජය කිරීම මොන තත්ත්වයක වුවද අභියෝගයකි. එහෙත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අප ඉන්නේ 06 වැනි තැන වුවද බටහිර ඉන්දීය කොදෙව්වන් ඉන්නේ බංගලියන්ටත් පහළ 10 වැනි තැනය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

Next Post

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

Related Posts

ක්‍රීඩා

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ක්‍රීඩා

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.