සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

by editor
ජූනි 6, 2026
in පුවත්
49 දෙනා සමූහ මිනී වළේ මිහිදන් කරන අයුරු...

49 දෙනා සමූහ මිනී වළේ මිහිදන් කරන අයුරු...

Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

හාත්පස ගිනි ගෙන දැවෙමිනි.  මිනිස් පුලුටක් නැත. මිනිස් පුලුටක් තබා ගහක කොලක දැකුමක් නැත. නෙත් මානයේ ඇත්තේ  අනන්තය තෙක් ඇදී යන වැලිතලාව පමණි.  රළ මෙන් නැඟී සිටින කුඩා වැලි  කඳු ඒ අතරය.  මිනිසුන්ගේ මතකයන් සේ පෙනෙන සුන්බුන් ද විටෙක පෙනේ.  කාන්තාරය මැද කැඩී ගිය විට කළ හැක්කක් නොමැතිව  අත්හැර ගිය බව පෙනෙන වාහනයක දිරාපත් සුන් බුන් කලාතුරකින් තැනක දක්නට ඇත.

ඔවුන්   ගමන් කරමින් සිටියේ  මාර්ගයක් යැයි කිව නොහැකි එවැනි භූමියකය.   එහි පාරක් කියා දෙයක් නැත. මීට පෙර මේ මග භාවිතා කළ බවට සිතිය හැකි වාහනයක ටයර් ලකුණක් පමණක් ට්‍රක් රථය පදවන රියදුරාට මග සලකුණු කියයි.  සුළඟට ගසාගෙන එන රත් වූ වැලි කැටවලින් ඒ ටයර් පාරවල් ද නිරන්තරයෙන් වැසී යන බැවින්, ඉදිරියට යා යුතු නිවැරදි දිශාව තීරණය කිරීම  රියදුරා සිදුකරන්නේ සහජ ඉවෙනි.

මේ වැනි ගමන් පළපුරුදු නයිජර් රියදුරන්ට ප්‍රිය ය. ඔවුන් මේ පැමිණෙන්නේ දේශ සීමා තරණය කර වෙනත් රටකට ගොස්ය. ඔවුන්ට ඒ සඳහා වීසා අවශ්‍ය නැත. ආගමික උත්සව සඳහා යන ගමන්වලදී ඔවුන්ගේ ජාතික හැඳුනුම් පත් පමණක් ප්‍රමාණවත්ය.  එවැනි ගමනක දී   ගමනේ දී  අනවශ්‍ය පොලිස් හෝ දේශ සීමා මාර්ග බාධක නැති, දඩ ගැසීම්වලින්  තොර අතුරු මාර්ග  ප්‍රධාන මාර්ගයට වඩා කෙටි නොවුනද දේශීය ගැමියෝ පහසුවක් කොට සිතති. එමෙන්ම  මේ රියදුරන් සතු මග ලකුණු සොයා ගැනීමේ අසාමාන්‍ය හැකියාව මෙන්ම පළපුරුද්ද කිසිම මගියෙක් තුළ බියක් සැකයක් උපදවන්නේ නැත. එක් අතකට කාන්තාර ආශ්‍රිත ජීවිත ගත කරන වැසියන්ට මේ ආකාර ගමන් ජීවිතවලම කොටස්ය.

sahara
සහරා කාන්තාරය මැදින් යන දුර්ග ගමන්….

මේ දුර්ග කාන්තාරයේ අබලන් ලොරියක නැගී මේ  ගමන් කරමින් සිටින්නේ නයිජර් රාජ්‍යයේ වැසියන් කණ්ඩායමකි. ගණනින්   51 දෙනෙකි.  ඔවුන් නයිජර් රාජ්‍යයේ සිට අසල්වැසි මාලි රාජ්‍යයේ  Talhandek  නගරයේ සිට යළි  නිජිරියාවේ සිය ගම් බිම් බලා එන ගමන්ය.  ඒ ආගමික සද්කාර්යයක් සඳහා වූ සහභාගීත්වයකින් අනතුරුවය.  ඔවුන් අසල්වැසි මාලි රාජ්‍ය්‍ය වෙත යන්නේ  යාඥාවන්, පවුලේ නැවත හමුවීම් සහ එකට එක්ව ගන්නා භෝජන සංග්‍රහයන්ගෙන් පිරුණු, මුස්ලිම් බැතිමතුන්ගේ පරිත්‍යාගයේ උත්සවය වන ‘ඊද් අල්-අද්‍හා’ (Eid al-Adha) උත්සවය සැමරීම සඳහාය.   සාද කතාවෙන් පිරී ගිය උත්සව සැමරුවෙන් අනතුරුව යළි එන පිරිස ප්‍රධාන මාර්ගයෙන් බැහැර මේ දුර්ගයට වැටෙන්නේය.

ඉරණම තීන්දුයි

කාන්තාර මැදින් එන මේ ගමන දින කීපයක ගමනකි.  වාහනය  දැවෙන වැලි අතර දුහුවිලි නගමින්  ගමන් කරමින් තිබිණි.  එක්වරම  රථයේ  ගැස්සී ගැස්සී ගොස් නැවතෙන්නේ මේ අතරය. මේ  මාලි සහ ඇල්ජීරියානු දේශසීමාවට ආසන්නව පිහිටි සුප්‍රකට ‘ටෙනරේ’ (Tenere Desert) කාන්තාර කලාපය ය.     පරිසරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශය හතලිහට වැඩිය. හාත්පස මහා පාලුකරයකි. මිනිස් පුලුටක් සහිත එකම ජනාවාසාය වූ අසමකා නැමැති දේශ සීමා කාන්තාර නගරයට කිලෝ මීටර 80ක දුරක් යා යුතුය. ගිනියම්  සුළඟ සහිත වාතය හැර ජීවත් විමට අවශ්‍ය කිසිම සාධයක් හාත් පස නැත.  අඩුම තරමින් දුරකථනයකට සංඥාවක් හෝ නොමැති බිහිසුණු හුදකලා කලාප මිනිස්සු හඳට යන ලෝකයේ තවමත් ශේෂ වී තිබෙන්නේය.

RelatedPosts

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

වාහනය නැවතී ඇත.   මේ පා එරෙන වැල්ලේ අඩියක් හෝ ඉදිරියට යෑමට ඇති එකම බලාපොරොත්තුව වාහනය පන ගන්වා ගැනීමය.   රියදුරා, ඔහුගේ සහායකයින් සහ මගීන් සමග  එක්ව වාහනය  අලුත්වැඩියා කිරීමට දැඩි උත්සාහයක් දරමින් සිටියේය. එය ජීවිතය පිළිබඳ වූ බලාපොරොත්තුව බඳු උත්සාහයකි. එහෙත් මේ අසරණ මිනිස්සු අවසානයේ දී දැඩි වෙහෙසට පත් ව සිටියහ. කිසිම උත්සාහයකින් වාහනය පණ ගැන්වෙන්නේ නැත.

sahara
අනතුර සිදුවූ ස්ථානය..

සීමිත වතුර ප්‍රමාණයකි. කෑමට ඉතිරි කරගත් දෙයක් නැත. කිලෝමීටර 80ක් යනු  කාන්තාරයේ වුව ද වරුවකට අඩු ගමනකි.  ප්‍රධාන  දේශසීමා නගරයක්වන අසමකා (Assamaka) වෙත ඉන් පසුව ප්‍රවේශ විය හැකිය. පිරිස පැමිණෙන්නේ ඒ අපේක්ෂාවෙනි.  නමුත් සියලු අපේක්ෂාවන්  බිඳී ගොස් තිබුණේය. වාහනය පණ ගැන්වීම ගත් කිසිම උත්සාහයක් ඵල දැරුවේ නැත.

ඉතිරිව ඇත්තේ   කාන්තාරයේ පවතින රළුම යථාර්ථයන්ට මුහුණ දීමය. සෙල්සියස් අංශක 40 (ෆැරන්හයිට් 104) ඉක්මවා යන දවාලයේ දැවෙන උෂ්ණත්වය ය.  සහ රාත්‍රී කාලයේ ගත ගල් කරවන අධික ශීතලය. මග ඔස්සේ කිසිවෙක් එනු ඇතැයි යන අපේක්ෂාව පමණක් දැල්වෙමින් ඇත.  එහෙත් පැය දින ගණන්වලට පෙරළිනි. මෙවැනි ශුෂ්ක පරිසරයක මිනිසෙකුට ජීවත් විය හැකි කාලය තීරණය වන්නේ පැය ගණෙනි. බොහෝ විට එය පැය 72ක් පසු කරන්නේ නැත.  එකිනෙකා ක්ලාන්තව වැටෙන්නට ආසන්න විය.

ජීවිතය සොයා යෑමට තීරණය කළ මිනිස්සු

එළඹෙන්නේ මරණය ය. වාසනාව තමන් සොයා එන තෙක් නොසිට කෙසේ හෝ ජීවිතය බේරාගෙන ගොස් මේ මැරෙන්නට නියමිත මිනිසුන්ගේ ජීවිත ගලවා ගැනීමට හැකි පණිවිඩය අසල දේශ සීමා නගරයට ගොස් ලබා දීමට කණ්ඩායමේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් තීරණය කළහ. මේ ගමන  මිනිසෙකුට සිතා ගත නොහැකි තරම් බිහිසුණු අභියෝගයකි. ඔවුන් දෙදෙනා පා ගමනින්ම අසමකා නගරය වෙත කිලෝ මීටර 80ක් දුර ගමන ආරම්භ කළහ.

විජලනය වී මුව පුපුරා යමින් තිබිණි. දෙපතුල් පැලී ගොස්ය.  දිය පොදක් සහිත ජල මූලාශ්‍රයක් සොයා ගැනීමට කිලෝ මීටර පහනහකට වැඩි දුරක් මේ මිනිස්සු දෙන්නා පැමිණියහ. දේශ සීමා නගරය වෙත පැමිණෙනන විට දෙදිනකට ආසන්න කාලයක් ගෙවී තිබිණි.  සිදුවූ ව්‍යසනය ඔවුන් බලධාරීන් වෙත කීහ.

මේ ව්‍යසනය  සැල වූ වහාම  දේශ සීමාවට පැය කීපයක දුරින් ඇති අනතුර සිදුවූ ස්ථානයට  නයිජර් ගලවා ගැනීමේ පිරිස්  සහ හමුදා කණ්ඩායම් ලඟා වූහ. ඔවුන් දුටුවේ හදවත කම්පාකරන දසුනකි.  අක්‍රිය වූ ලොරි රථය ඇතුළත සහ ඒ අවට විසිරී තිබූ මළ සිරුරු 49ක් ඔවුන්ට හමු විය. සමහරු තම අවසාන මොහොතේ රථයට යටින් ඇති කුඩා සෙවනක් සොයා එතැනම මියගොස් සිටියහ. මෙ

ම ශෝකජනක දසුනින් කම්පනයට පත් වූ මුදාගැනීමේ කණ්ඩායම්, එම දුෂ්කර පරිසරයේ ස්වභාවය සලකා බලා, මියගිය පිරිසගේ දේහයන් එම කාන්තාරයේම සමූහ මිනීවළක්  තුළ තැන්පත් කිරීමට පියවර ගත්හ.

මෙම ඛේදවාචකය යනු හුදෙක් ඉලක්කම් 49ක් පමණක් නොවේ. ජීවිත ධර්මතාවයේ මහා ගැඹුරක් විවරණය කරන්නකි.     දින කිහිපයකට පෙර ජීවිතය සතුටින් සැමරූ පියවරුන්, සහෝදරයන්, පුතුන් සහ මිතුරන් ලෝකයේ  විඳිය හැකි අන්තම වේදනාව විඳ සොබා දහමේ රුදුරු නීතිය ඉදිරියේ දිවි හැර ගොස් තිබුණහ.

assamaka
අසමකා හුදකලා කාන්තාර නගරය..

සමූහ මිනීවළ

නයිජර් හි සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ මේ වන විට තමන් වෙත කිසිදා නොඑන තම ආදරණීයයන් වෙනුවෙන් දැඩි සේ ශෝක වෙමින් සිටිති. දිවි ගලවා ගත් දෙදෙනා තම ජීවිත කාලය පුරාම, මනුෂ්‍ය ශක්තියේ සීමාවන් පරීක්ෂා කළ ඒ බිහිසුණු අවසාන දින කිහිපයේ මතකයන් සහ තමන් ඇස් පනාපිට දුටු දේ හදවතින් දරාගෙන ජීවත්  වීමට නියමව සිටිති.

මීට පෙරද   සහරා කාන්තාරය හරහා ගමන් කළ බොහෝ  දෙනෙක්  කාන්තරාය තුළ ජීවිතය අත් හළහ.  අප්‍රමාණ උද්දච්ඡකමක් සහිත මෝඩ මිනිසුන්   ඇසුරු සැනින් තලා දැමිය හැකි   සහරා කාන්තාරය යනු සැමවිටම ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු කලාපයකි. අධික තාපය, ජලය නොමැතිකම, වාහන බිඳවැටීම් සහ අතරමං වීම එහි පවතින නිරන්තර තර්ජනයන්ය.

බලධාරීන් සංචාරකයින්ට මෙම අවදානම් පිළිබඳව කොතෙක් අනතුරු ඇඟවීම් කර තිබුණද, පෘථිවියේ පවතින අතිශය රළුම පරිසරයක  මෙවැනි ඛේදවාචකයන් තවදුරටත් වාර්තා වෙමින් ඇත.

මෙම සිදුවීමෙන් පසු නයිජර් හි අගාඩෙස් (Agadez) කලාපයේ නිලධාරීන් සිය බලවත් කනගාටුව පළ කර ඇත. ලොරි රථයට හරියටම සිදුවූයේ කුමක්ද සහ මීට වඩා යමක් කර ජීවිත බේරා ගැනීමට තිබුණේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණ ආරම්භ කර තිබේ. දැනට ප්‍රමුඛතාවය දී ඇත්තේ ශෝකයට පත් පවුල්වලට උපකාර කිරීමට සහ මියගිය අයගේ මතකයන්ට ගෞරව දැක්වීමටය.

මිනියවත් ගෙදරට යැවිය නොහැකි ලෙස කාන්තරායක සිදුවන සමූහ මරණ අප හිතාගෙන ඉන්නේ අතීත ජාතක කතාවල සිදුවීම් ලෙසය.  යළිත් අප අපගෙන්ම ප්‍රශ්න කරගත යුතු තත්ත්වයක් තිබේ. අප වෙනත් ග්‍රහ ලෝකවල පා තබන්නට යන්නේ අපේ ලෝකය හරියට ජයග්‍රහණය කරගෙන ද?

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

Related Posts

පුවත්

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ජූනි 6, 2026
chartered-institute-of-media-professionals
පුවත්

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය= පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

ජූනි 6, 2026
Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
49 දෙනා සමූහ මිනී වළේ මිහිදන් කරන අයුරු...

ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

ජූනි 6, 2026

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ජූනි 6, 2026
Iran

ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

ජූනි 6, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…
  • අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!
  • ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.