බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

by editor
ජූනි 6, 2026
in පුවත්
Udaya-Gammanpila
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ත්‍රස්ත  ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව සැක පිට රඳවා සිටින සුරේෂ් සලේ  මාරාන්තික උපාවාසයක් ආරම්භ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක  උදය ගම්මන්පිල   කරන ප්‍රකාශය කිසිම සත්‍යයෙන් තොර අසත්‍ය ප්‍රකාශයක් බවත්, අධිකරණයේ විභාගයට ලක්වන කරුණක් සම්බන්ධව ප්‍රකාශ නිකුත් කිරීමේ දී මීට වඩා  වගකීම් සහගතව කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උදය ගම්මන්පිල ප්‍රකාශ කරනු  ලැබුවේ  ඊයේ දිනයේ රාත්‍රි‍යේ ආහාර ලෙස  බත් හැන්දක් සහ රාබු හොදි පත්තර කොලයක දමා සුරේෂ් සලෙයි වෙත ලබා දී ඇති බවය. මේ පහත් සැලකීමට විරෝධය දක්වමින් ජලය සහ ඖෂධ පවා ප්‍රතික්ෂේප කරමින් සුරේෂ් සලෙයි මාරාන්තික උපවාසයක් අරඹා ඇතැයි ගම්මන් පිල පැවසුවේය.

සලෙයි මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ පාස්කු ප්‍රහාරයේ තුවන සැකකරු ලෙස නම් කිරීමෙන් අනතුරුවය.

අද මාධ්‍ය හමුව  තබමින් උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“සුරේෂ් සලෙයි මැතිතුමා බලන්න අද දින උදෑසන ඔහුගේ සහෝදරයත් පුතත් රහස් පොලිසියට ගියා. ඒ අවස්ථාවේ දී ඔහු දැඩි ලෙස කඩා වැටිලයි හිටියේ. ඊයෙ රාත්‍රියේ ඔහුගේ රාත්‍රී කෑමට ලබා දිලා තියෙන්නෙ බත් හැන්දක් රාබු හොදි සමග පමණයි.”

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

“මේ බත් හැන්දක් දීලා තියෙන්නේ පත්තර කොලයක්  බිම තියලා ඒකට තමයි බත් හැන්දයි රාබු හොදියි බෙදලා තියෙන්නේ.”

“පත්තර කොලය කෑම වලින් පෙඟිලා. ඔහු කෑම එක තමන්ගේ අතට ගන්න යද්දි පත්තර කොලය ඉරිලා කෑම ටික බිමට වැටිලා තියනවා.”

“මේ අමානුෂික පහත් සැලකීමට  එරෙහිව    ඊයේ රාත්‍රියේ සිට මරණය දක්වා මාරාන්තික උපවාසයක්  කිරීමට එතුමා තීරණය කරලා තිබෙනවා.”

“එතුමා මේ මාරාන්තික උපවාසයේ දී මරණයම ඉලක්ක කරමින් ජලය සහ ඖෂධ ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කරලා තියනවා. “

මෙම ප්‍රකාශය සම්බන්ධව පොලිසිය වහාම කරුණු පැහැදිලි කිරීමක් කළේය. එහි දැක්වෙන්නේ සුරේෂ් සලෙයි සම්බන්ධයෙන් පොලිසිය පහර දීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් සිදුකර නොමැති බවය.

සුරේෂ් සලෙයි සම්බන්ධව ක්‍රියා කරන්නේ සාමාන්‍ය සැකකරුවෙක් පිළිබඳව කටයුතු කරන ආකාරයටම බව පොලිසිය නිකුත් කළ නිවේදනය සඳහන්ව ඇත. අධිකරණය හමුවේ විවාදයට භාජනයවන කරුණක් අධිකරණයෙන් පරිබාහිරව මෙවැනි කරුණු ඉදිරිපත් කිරීමේ දී සංයමයෙන් කරුණු ඉදිරිපත් කිරීම වැදගත් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය පහත දැක්වේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

Next Post

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.