සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

දඹුල්ලයි – යාපනයයි අවසන් පූර්ව වටයට 

තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාබී ධනුෂ්ක ගුණතිලකගේ අවසන් ඉනිමත් අපතේ යයි...

by editor
දෙසැම්බර් 6, 2020
in LPL
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

එල්.පී.එල්. තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් පිට පිට තුන්වැනි අර්ධ ශතකය වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම අපතේ යැවූ දඹුල්ල වයිකින් කණ්ඩායම ලකුණු 9ක ජයක් අත්කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. 

 ඊයේ (05) පස්වරුවේ හම්බන්තොට පැවැති මේ තරගයේදී දඹුල්ල කණ්ඩායම වාර්තා කළේ තරගාවලියේ සිවුවැනි ජයග්‍රහණයයි. ප්‍රසාද ලකුණු අටක් ලබා දසුන් ශානකගේ දඹුල්ල කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබද්දී ප්‍රසාද ලකුණු අටක් ලබා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමත් අවසන් කණ්ඩායම් හතරට එක්වී සිටී. 

අර්ධ ශතක 3ක් සමග සමස්ත ලකුණු 284ක් ලබා පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සමත්වූවත් තවමත් ජයග්‍රහණ ඉඩෝරයකට හසුවී සිටින ගෝල් කණ්ඩායම මේ දක්වා ක්‍රීඩා කළ තරග 5ම පරාජයට පත්වූයේ තරගාවලියේ අවාසනාවන්තම කණ්ඩායම බවට පත්වෙමිනි. 

ගෝල් කණ්ඩායමේ අවාසනාව හඹා ආවේ නායකත්වයේ වෙනස්විම් 3ක් සමගය. තරගාවලියේ ආරම්භයට පෙර ඔවුන්ගේ නිත්‍ය නායකයා ලෙස නම් කර සිටි පාකිස්තාන පිතිකරු සර්ෆ්‍රාස් අහමඩ් පාකිස්තාන පිලේ නවසීලන්ත සංචාරයට ඇතුළත්වීම නිසා එල්.පී.එල්. පිටියෙන් ඉවත් වෙද්දී ඒ වෙනුවට නම් කළ ලසිත් මාලිංග පෞද්ගලික හේතු මත තරගාවලියෙන් ඉවත්විය. අනතුරුව නායකත්වය සඳහා පත් කළ පාකිස්තාන සුපිරි තරුව ශහීඩ් අෆ්රිඩි තරග 3කට පසුව සිය දියණිය අසනීප වීම නිසා නැවත පාකිස්තානය බලා පිටත්ව ගියේය. භානුක රාජපක්ෂ කටයුතු කරන්නේ ගෝල් කණ්ඩායමේ සිවුවැනි නායකයා ලෙසිනි. කණ්ඩායමේ එකම තරුව බවට පත්වූ ධනුෂ්ක ගුණතිලක මේ දක්වා පැවැති තරගවලදී 38, නොදැවී 30, 82, 56, 78 වශයෙන් ලකුණු ලබාගැනීම කැපී පෙනුණි. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසන් වනවිට කඩුලු 4කට රැස් කළ ලකුණු 207ට පිළිතුරු ලෙස ගෝල් කණ්ඩායමට ඕවර 20 අවසානයේදී රැස් කිරීමට හැකිවූයේ කඩුලු 7කට ලකුණු 198ක් පමණි.

දඹුල්ල කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල තරග 4කට පසුව ලකුණු අතරට පිවිසීමත්, උපුල් තරංගගේ විශිෂ්ට ඉනිමත් නිසා සාර්ථක ආරම්භයක් ලබාගත් දඹුල්ල කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරිමට හැකිවූයේ  ඕවර 12.4කදී පළමු කඩුල්ලට ලකුණු 110ක් එක්විම නිසාය. මොහොමඩ් ආමිර් දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් පළමු ඕවර 2කටම ලකුණු 3ක් පමණක් ලබාදිම නිසා ඕවර 3ක් අවසන් වනවිට ලකුණු 11ක් පමණක් ලබා සිටි දඹුල්ල කණ්ඩායම ශෙහාන් ජයසූරිය යැවු සිවුවැනි ඕවරයේදී ලකුණු 15ක් උදුරා ගත්තේ පළමු පන්දු 3ටම දික්වැල්ල හතරේ පහර 3ක් එල්ල කිරීම නිසාය. අනතුරුව ධනංජය ලක්ෂාන් යැවූ පස්වැනි ඕවරයේ අවසන් පන්දු 2ට හතරේ පහරක් සහ හයේ පහරකින් සංග්‍රහ කළ දික්වැල්ල ලකුණු අතරට එක්වීමත් සමග ඕවර 5කදී ලකුණු 38ක් රැස් කළ දඹුල්ල කණ්ඩායම 10 වැනි ඕවරය නිමාවනවිට ලකුණු 91ක් රැස් කිරීමට සමත්විය.

දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දික්වැල්ල දැවී ගියේ ලක්ෂාන් සඳකැන් යැවූ 13 වැනි ඕවරයේදිය. ඔහු දැවී ගියේ පන්දු 37කට පමණක් මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 60ක් රැස් කිරීමෙන් පසුවය. අනතුරුව උපුල් තරංග සමග එක්වූ නායක දසුන් ශානක දෙවැනි කඩුල්ලට ලකුණු 69ක් එක් කිරීම කැපී පෙනුණි. ලක්ෂාන් සඳකැන් යැවු 16 වැනි ඕවරයෙන් ලකුණු 21ක්ම සොරා ගත් මේ දෙදෙනාගෙන් පළමුව දැවී ගියේ උපුල් තරංගය. ඔහු අසිත ප්‍රනාන්දු යැවූ 18 වැනි ඕවරයේදි දැවී ගියේ ලකුණු 77ක් රැස් කිරීමෙන් පසුවය. පන්දු 54කට මුහුණ දුන් තරංග හතරේ පහර 11ක් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කරගත්තේය. දසුන් ශානක සමීට් පටේල් සහ දසුන් ශානක දෙදෙනාම දැවී ගියේ ධනංජය ලක්ෂාන් යැවූ 19 වැනි ඕවරයේදිය. නැවත වතාවක් පිත්තෙන් දස්කම් පෑ දසුන් ශානක පන්දු 21කින් ලකුණු 37ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමගිනි.

ලකුණු 208ක ඉලක්කය හඹා ගිය ගෝල් කණ්ඩායම ඕවර 4ක් නිමාවනවිට කිසිවකු නොදැවී ලකුණු 42ක් ලබා සාර්ථක ආරම්භයක් දියත් කළත්, පස්වැනි ඕවරයේදී අහ්සාන් අලි ලකුණු 19කටත්, භානුක රාජපක්ෂ 6 වැනි ඕවරයේදි ලකුණු 5කටත් දැවී යාම නිසා අසීරු තත්ත්වයකට ඇද වැටිණි. එහෙත් ධනුෂ්ක ගුණතිලක සමග එක්වූ අසාම් ඛාන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ගෝල් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 141ක දක්වා ඉහළ දැමුවේ ගෝල් කණ්ඩායමේ බලාපොරොත්තු දල්වා තබමිනි.

ඕවර 10ක් නිමාවනවිට ලකුණු සංඛ්‍යාව 107 දක්වා ඉහළ දැමූ මේ පිතිකරුවන් දෙදෙනා ඒ අතරතුර උඩපන්දු කිහිපයක්ම ලබා දුන්නත් දඹුල්ල කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම නිසා ඒ අවස්ථා කිහිපයම අහිමිවී ගියේය. අසාම් ඛාන් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 141ක්ව තිබියදිය. පන්දු 24කට මුහුණ දුන් මේ පාකිස්තාන පිතිකරුවා හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් එල්ල කිරිමට  සමත් විය. 

ඉන් අනතුරුව හුදෙකලා සටනක නිරතවූ ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමේ බර කරට ගත්තත් 17 වැනි ඕවරයේදී චැඩ්වික් වෝල්ටන් සහ ශෙහාන් ජයසූරිය දෙදෙනාම දවාලීමට අන්වර් අලී සමත්වීමත් සමග  දැඩි පීඩනයකට හසුවිය. ඔහු දැවී ගියේ අන්වර් අලි යැවූ 19 වැනි ඕවරයේදීය. පන්දු 52කදි ලකුණු 78ක් රැස් කිරීමට ධනුෂ්ක අද සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහරක් ඇතුලත් විය. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ අන්වර් අලි ලකුණු 37කට කඩුලු 3ක් දවාලමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කලවංචිකුඩි  පොලිසියත් නිරෝධායනය  කරයි

Next Post

මහනුවර මූලස්ථාන පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති බීමතින් රිය අනතුරක් කරලා..

Related Posts

LPL

සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පී.සී.ආර්. කිරීම නවලෝකයෙන් ගලවයි!

දෙසැම්බර් 20, 2021
LPL

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

දෙසැම්බර් 17, 2020
LPL

ජැෆ්නා සටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අද සූරියවැව දී අවසන් පූර්ව සටනේ…

දෙසැම්බර් 14, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.