සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

අද හම්බන්තොට රත් කළ තිසරගේ ගිනි කෙළි සංදර්ශනය – පන්දු 44කින් ලකුණු 97ක්

by editor
නොවැම්බර් 30, 2020
in LPL
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හතර අතටම පහරවල් එල්ල කරමින් ඕනෑම ආකාරයක විස්සයි20 තරගයක සිය විශිෂ්ටතම පිතිහරඹය පෙන්නුම් කළ නායක තිසර පෙරේරාගේ ප්‍රවේගකාරී ඉනිමට පින්සිදු වන්නට ලකුණු 66කින් දඹුල්ල වයිකින් කණ්ඩායම පරදවා තව දුරටත් එල්.පී.එල්. තරගාවලියේ අපරාජිතභාවය රැක ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද සමත් විය. 

වනිඳු හසරංග

අද පස්වරු 3.30ට ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දෙන ලෙස කළ ආරාධනාවට අනුව පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ අවිශ්ක ප්‍රනාන්දුට සහ මිනෝද් භානුකට තැන්පත්වීමට හෝ ලකුණු අතරට පිවිසීමට කිසිදු බුරුලක් ලබා නොදුන් අතර සිය පළමු තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පිතිහරඹයක නිතරවෙමින් නොදැවී ලකුණු 92ක් ලැබූ අවිශ්ක  ලකුණු 4කට දවාලීමට තුන්වැනි පන්දුවේදීම ළහිරු කුමාර සමත්විය. අනතුරුව රමේෂ් මෙන්ඩිස් යැවූ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවෙන් ටොම් මුවර්ස් ලකුණු 5කට දැවීයාමත් සමග ජැෆ්නා කණ්ඩායම දැඩි පීඩනයකට හසුවිය. 

9 වැනි ඕවරයේදී සොහේබ් මලික්ගේ ඉනිම ලකුණු 23කට සීමා කිරීමට සමිට් පටේල්  සමත්වීමත් සමග ජැෆ්නා කණ්ඩායමේ පිතිකරුවන් 5 දෙනකුම ලකුණු 64ක් ඇතුළත ක්‍රීඩාගාරයේ නැවත අසුන් ගනිද්දී පිටියට පිවිසි නායක තිසර පෙරේරාට ද ආරම්භයේදී කිසිදු ආකාරයේ බුරුලක් නොදීමට දඹුල්ල කණ්ඩායමේ පන්දු යවන්නෝ වගබලා ගත්හ. 

තිසරගේ මනරම් පිති හරඹය

තිසරට උපක්‍රමශීලී අයුරින් පන්දු යැවීමට දඹුල්ල වයිකින් කණ්ඩායමේ පන්දු යවන්නන් කටයුතු කළ නිසා ඔහුට සිය පළමු ලකුණු 11 සඳහා පන්දු 12ක්ම වැය කිරීමට සිදුවී තිබිණි. එබැවින් ඕවර 12ක් නිමාවනවිටත් ජැෆ්නා කණ්ඩායම රැස් කර තිබුණේ කඩුලු 5කට ලකුණු 93ක් පමණි. නමුත් අභියෝග හමුවේ නොසැලෙන නායකත්වයක් පෙන්නුම් කළ මේ වමත් පිතිකරුවා ළහිරු කුමාර යැවූ ඉනිමේ 13 වැනි ඕවරයේදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමග ලකුණු 16ක් උදුරා ගනිමින් සිය සටන්කාමී ඉනිම දියත් කළ අතර චතුරංග ද සිල්වා සමග එක්ව ඉනිම ගොඩ නැගීමට පදනම දැමුවේය. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

චතුරංග ලකුණු 29කට දැවී යාමෙන් පසු පිටියට පිවිසි වනිඳු හසරංග ලබා දුන් සහයෝගයෙන් ඕවර 15ක් අවසන් වනවිට ජැෆ්නා කණ්ඩායමේ ලකුණු පුවරුව 131ක් දක්වා ඉහළ නැංවීමට තිසර සමත්වූයේ පන්දු 23කින් ලකුණු 33ක් වාර්තා කරමිනි. ඉන් අනතුරුව ළහිරු මධුසංඛ යැවූ 16 වැනි ඕවරයෙන් හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමග ලකුණු 19ක් උදුරා ගත් තිසර 18 වැනි ඕවරයේදී වනිඳු හසරංග ලකුණු 24කට දැවීයාමෙන් පසුව ඉනිමේ මුළු බර කරට ගත්තේ ළහිරු කුමාර යැවූ 19 වැනි ඕවරයෙන් ලකුණු 30ක්ම උදුරා ගනිමිනි. පන්දු 27කින් සිය අර්ධ ශතකය රැස් කළ තිසර 7 වැනි කඩුල්ලට වනිඳු සමග තවත් ලකුණු 55ක් එක් කළ අතර අෆ්ටාබ් අලාම් යැවූ අවසන් ඕවරයේ යෝකර් පන්දුවට එල්ල කළ හයේ පහර කාගෙත් පැසසුමට ලක්විය. 

තිසර හ උස්මාන් ෂින්වාරි

ඉනිම නිමාවනවිට ජැෆ්නා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 218 දක්වා ඉහළ දැමූ නායකයා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 97කි. පන්දු 44ක් පමණක් වැයවූ ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 8ක් එක්විය. එය මෙතෙක් එල්.පී.එල්. තරගාවලියේ ඉනිමක පිතිකරුවකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්විය. ඊට පෙර එම වාර්තාවට හිමිකම් කියමින් නොදැවී ලකුණු 92ක් රැස් කළ අවිශ්ක ප්‍රනාන්දු ද ජැෆ්නා කණ්ඩායමේ පිතිකරුවකු වීම විශේෂත්වයකි. 

ලකුණු 219ක ඉලක්කය හඹා ගිය දඹුල්ල වයිකින් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට  නිරෝෂන් දික්වැල්ලට ඉඩ ලැබුණේ නැත. මුළු ලකුණු සංඛ්‍යාව 24ක්ව තිබියදී දික්වැල්ල දවාගත් උස්මාන් ෂින්වාරී අවසානයේ දඹුල්ල කණ්ඩායමට ලොකුම හානිය සිදු කළ පන්දු යවන්නා බවට පත්වූයේ ඔහු  යැවූ ඕවර 4දී ලකුණු 16ක් පමණක් ලබාදී පිතිකරුවන් තිදෙනකුම දවාලීමට සමත්වීම නිසාය. 

සමිට් පටෙල් දවා ගත් වනිඳු හසරංග

මුළු ලකුණු සංඛ්‍යාව 63ක් වනවිට දඹුල්ල කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ ජැෆ්නා කණ්ඩායම අනතුරුව යම් අස්වැසිල්ලක් ලැබුවේ සමිට් පටේල් රැස් කළ ලකුණු 41 නිසාය. වනිඳු හසරංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී ඔහු දැවී ගියේ හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් එල්ල කරමින් දඹුල්ල කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දමමින් සිටියදිය. නායක දසුන් ශානක ද පන්දු 21කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 35ක් රැස් කළ අතර, අන්වර් අලී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 13කින් ලකුණු 21ක් ලැබුවේය. එහෙත් ජැෆ්නා කණ්ඩායමේ ජයග්‍රහණය ආපසු හැරවීමට ඒවා සමත් වූයේ නැත.

දඹුල්ල කණ්ඩායමේ අවසන් කඩුලු 6ම  බිඳ වැටුණේ ලකුණු 28ක් ඇතුළතදීය. 

Share69Tweet43
Previous Post

දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 20 000 ඉක්මවා යයි….

Next Post

තවත් කොවිඩ් මරණ 02ක්… මුළු මරණ ගණන 118යි…

Related Posts

LPL

සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පී.සී.ආර්. කිරීම නවලෝකයෙන් ගලවයි!

දෙසැම්බර් 20, 2021
LPL

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

දෙසැම්බර් 17, 2020
LPL

ජැෆ්නා සටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අද සූරියවැව දී අවසන් පූර්ව සටනේ…

දෙසැම්බර් 14, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.