මේ දිනවල දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් හරහා සිදු කෙරෙන අවුරුදු 15 න් පහළ දිස්ත්‍රික් තරගාවලිය සඳහාවන තේරීම් වලදී බොහෝ දුරට දක්ෂ ක්‍රීඩකයන් කපා දමා ඒ ඒ දිස්ත්‍රික් සංගම් වල නිලධාරීන්ගේ පුත්‍රයන් තෝරා ගෙන ඇතැයි වාර්තා වේ.
මෙම තේරීම් කටයුතු සිදු කරන්නේ ඒ ඒ දිස්ත්‍රික් සංගම් මගින් පත් කර තිබෙන තේරීම් කමිටු හා දිස්ත්‍රික් පුහුණුකරු එක්ව වන අතර මෙසේ දිස්ත්‍රික්කයෙන් කැපී යන දක්ෂයන්ට පළාත් හෝ සුපිරි පළාත් තරග සඳහාද අවස්ථාවක් නොලැබීම කනගාටුවට කරුණක් බව ලංකාසර ඇමතූ ක්‍රීඩක දෙමව්පියවරු ගණනාවක් පැවසූහ.
අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම තෝරා ගැනීම සිදු කරද්දී ඒ සඳහා පැවති තේරීම් තරගවල වැඩියෙන්ම ලකුණු රැස් කළ ක්‍රීඩකයාවත් තෝරා ගෙන නැති අතර දිස්ත්‍රික් සංගමයේ නිලධාරියකුගේ පුත්‍රයකු තෝරා ගෙන ඇත







