අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ගැට පිට ගැට වැටෙන පැටලුන නූල් බෝලයක් වෙමින් ඇති අයිස් කෙළිය…

by editor
සැප්තැම්බර් 8, 2025
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

අපට හිතෙන විදිහට නම්  මේ අයිස් කෙළියත් සමග අප පැටලී ඉන්නේ කෙළවරක් නැති පැටලිල්ලකය.  එක්කෝ බැකෝ සමන් අපව වටේ යවන්නේය. නැතිනම් මොනයම් හෝ අදෘශ්‍යමාන බලවේගයක් නොතේරෙන ගේමකට අර අඳින්නේය.

මේ කියන්නේ හිතා බලා කරන යමක් කරන්නට ලොක්කන්ට උපදෙස්  දෙන්නට නොව, උඩක් යටක් නොදැන හැමෝම කරන ඝෝෂාවට දැනුම්වත් සවන් දීමට අප අපගේ දැනුම සඳහාය.

කන්ටේනර් දෙක

අයිස් මත්ද්‍රව්‍ය ටොන් ගණනක් සහිතව ලංකාවට එන කන්ටේනර් දෙකක්  ගැන පසුගිය අවුරුද්දේ ඔක්තොම්බර් මාසයේ දී ලංකාව දැනුම්වත් කළේ ඇමරිකානු බුද්ධි ඒජන්සියකි. මේ ඒජන්සිය ලංකාවට එන බව කී කන්ටේනර් දෙකක් සම්බන්ධව සියලුම තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සහ කොළඹ වරායට දැනුම් දී තිබිණි.

කන්ටේනර් දෙක කොළඹ වරාය වෙත නැවුගත කරන්නේ ඉරානයේ බන්ඩාර් අබ්බාස් (Bandar Abbas) වරායෙනි. සැපයුම්කරු ඉරානයේ ටෙහෙරානයේ පිහිටි  AF Shan Tarabar Barsava Co නැමැති ආයතනයය. එම කන්ටේනර් ආනයනය කරනුයේ ශ්‍රී ලංකාවේ කිංසි පාරේ පිහිටි ආයතනයක්වන Air Marine Logistic (Pvt) Ltd ආයතනය ය. ඒ  මාරගහවත්ත, වෙදමාවත, තුම්බෝවිල්ල, පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙක් වෙනුවෙනි.

ලේඛන අනුව මේ කන්ටේනර් දෙකේ ගෙන්වා ඇත්තේ අර්ධ ලෙස සැකසූ ටැල්ක් පාෂාණයන්ය.  එක් කන්ටේනරයක් තුළ උර 20ක බහාලු ටැල්ක් පාෂාණ කිලෝ ග්‍රෑම් 24600ක් සහ අනෙක් කන්ටේනරයේ උර 20ක බහාලූ කිලෝ 24400ක් ලෙස සමස්ථ කිලෝ 49000ක ප්‍රමාණයක් මෙම ටැල්ක් පාෂාණ ලංකාවට ගෙනැවිත් තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම කන්ටේනර් ප්‍රවාහන කරන්නේ  අප්‍රකට කුඩා අප්‍රිකානු   රාජ්‍යයක්වන කොමොරොස්  රාජ්‍යයේ ධජය යටතේ නාවික ප්‍රවාහනයේ යෙදෙන    PSL TIGER  නෞකාවෙනි. එම නෞකාව ඉරානයේ බන්ඩාර් අබ්බාස් වරයෙන් පිටත් කොළඹට එන්නට පිටත් වන්නේ  සැප්තැම්බර් මස 07 වැනි දිනය.

අර්ධ ලෙස සැකසූ ටැල්ක් පාෂාණ යනු මොනවාද?

ටැල්ක්  (මැග්නීසියම් සිලිකේට්) යනු ස්වභාවික ඛනිජයකි. එය කර්මාන්ත ගණනාවක නිශ්පාදනයන්ට පාදක කරගන්නා අමුද්‍රව්‍යයකි. හොඳින් කුඩුකරගත් පසු රසායනික ප්‍රතික්‍රියාවන්ට එක් නොවන නිශ්ක්‍රීය කුඩු වර්ගයක් ලෙස ළදරු පුයර, රූපලාවන්‍ය ද්‍රව්‍ය සකස් කිරීම ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යය ටැල්ක්ය. එමෙන්ම ඖෂධ නිශ්පාදනයේ දී බොහෝ විට බෙහෙත් පෙත්තේ ඖෂධ අඩංගු පිරවුම සකස් කරන්නේ ටැල්ක්වලිනි. පිඟන් භාණ්ඩ නිශ්පාදනයේ දී ද. තීන්ත නිශ්පාදනයේ දී ද ටැල්ක් අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා වේ.

විශේෂත්වය වන්නේ  මෙතම්ෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය සංස්ලේෂණයේදී අර්ධ සැකසුම් ටැල්ක් පාෂාණවලින් කෙරෙන රසායනික කාර්යභාරයක් නොමැති වීමය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ටැල්ක් භාවිතා කරන්නේ අයිස්, කොකේන්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවල තොග ප්‍රමාණය සහ ලාබය  වැඩි කරවන අපවිත්‍රකාරයක් ලෙසය.

එසේනම් සිදුවිය හැක්කක් තිබේ. මෙම අර්ධ සැකසුම් ටැල්ක් පාෂාණ සහිත කන්ටේනරය තුළ අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනය කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තැන්පත් කර තිබුණා විය හැකිය. එම රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය මේ වනවිට රහසිගතව සඟවා පිට කර ඇති බවට    අනුමාන කළ හැකිය.

ඊට ඉඩක් තිබේ ද?

මේ වනවිට සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර ඇති තොරතුරු අනුව නම් එසේ වීමට ඇති ඉඩකඩ අතිශය අල්පය. මක්නිසාද යත් රාජකාරිමය වශයෙන් එකිෙනෙකාට හිතවත් කමක් නැති පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ රේගුව එක්ව රඳවා තබාගෙන තිබුණු මෙම සැක සහිත කන්ටේනර් දෙකේ ඇති ඇසුරුම් 40ම විවෘත කර බලා නිරීක්ෂණය කළ බව කියැවෙන නිසාය. ඒ අවස්ථා ඡායාරූප ගත කර ඇති අයුරු පෙනේ. එමෙන්ම මෙම කන්ටේනර් දෙක විවෘත කිරීමට පෙර පුර්ණ ස්කෑන් පරීක්ෂාවකට ද ලක් කල බව වාර්තා වේ.

අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙන්ම වරාය ද මෙම මූලික තොරතුර ලබා දුන් ඇමරිකානු බුද්ධි ඒජන්සිය වෙත මෙම කන්ටේනර් දෙකේ සැක කටයුතු යමක් නොතිබුණු බවට දන්වා ඇත. කන්ටේනර් මුදා හැර ඇත්තේ එවැනි වටපිටාවක බව  විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබේ. ලංකාසර කළ විමසීමක දී  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මේ පරීක්ෂා කර මුදාහැරමේ ක්‍රියාවලිය තහවුරු කළේය.

පිරික්සන ආකාරය…

අලුත් මතුවීම

මේ සිද්ධිය අලුතින් මතුවන්නේ බැකෝ සමන් විසින් ප්‍රකාශිත අයිස් නිශ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් ගැන කළ හෙළි දරවුවෙන් පසුවය. එය ඇමරිකානු බුද්ධි ඒජන්සිය විසින් මීට මාස 11කට පෙර ලබා දුන් තොරතුරට සමපාත වූ තොරතුරකි.

මේ තොරතුර අනුව මිද්දෙණියේ පදිංචි පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගේ නිවසට යනවිට ඔහුට අයත් ඉඩමක හිස් කන්ටේනර් දෙකක් තිබේ. එහි පුරවා තිබූ අන්තර්ගතය අතිශය සැක සහිත ලෙස වළලා දමා ඇත. ආනයනික ද්‍රව්‍ය සම්බන්ධ ලේඛනයේ අඩංගු අර්ධ ලෙස සැකසු ටැල්ක් පාෂාණය ද යන්න නිශ්චිතව වාර්තා කර නැත.

එමෙන්ම යම් කිසි සැක සහිත ගනුදෙනුවක් සඳහා ඍජුව වග කිව යුතු සම්පත් මනම්පේරි නැමැති පොහොට්ටු ක්‍රියාකාරිකයා ආගිය අතක් නැත. මේ අතර රටේ තැන් තැන්වලින් මේ කන්ටේනර් දෙක තුළ තිබූණේ යැයි කියන ද්‍රව්‍යයට සමාන ද්‍රව්‍ය වළ දමා තිබෙද්දී හමුවෙමින් ඇත. මේ හමුවන්නේත් ටැල්ක් පාෂාණයම දැයි පැහැදිලි නැත.

ප්‍රශ්නය තිබෙන්නේ මේ තරම් සංකීර්ණ තැනකය. මේ සිදුවීමේ මුල මැද අග හැකි ඉක්මනින් ගලපාගෙන නිරාකරණය කිරීම විමර්ශන අංශවලට භාරය. එසේ නොවනතාක් අප පැටලී ඉන්නේ කුමණ හුයකදැයි ගැටලුව උග්‍ර වනතුරු අපම දන්නේ නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වාහනවල අනතුරුදායක අමතර කොටස් සවි කිරීම තහනම් කළ නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මකයි!

Next Post

15න් පහළ දිස්ත්‍රික් තරගාවලියට ක්‍රීඩකයින් තෝරනවිට දක්ෂයින් කැපේ… සංගම් නිලධාරීන්ගේ දරුවන් ඇතුළට….

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.