පකිස්ථාන පිතිකරු සවුද් ශකීල් ක්‍රිකට් ඉතිහාසයේ සිය පළමු ටෙස්ට් තරග 7 කදීම ලකුණු 50 ඉක්මවා ලබා ගත් පළමු පිතිකරුවා බවට ලෙස අද ලෝක වාර්තා පොතට එක් වූයේය.

ඔහු පළමු ටෙස්ට් තරගයේදී 76ක් ද. 2 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 63 සහ 94 ද, 3 වැනි ටෙස්ට් තරගයේදී 53ක් ද, 4 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු නොදැවී ලකුණු 55ක් ද, 5 වැනි ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 125ක් ද, 6 වැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී ලකුණු 208ක් ද, හත්වැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 57ක් ද ලබා ගත්තේය.
27 හැවිරිදි මෙම ක්‍රීඩකයා විසින් බිඳ දැමුවේ මින් පෙර ඉන්දියාවේ සුනිල් ගවස්කර්, පකිස්ථානයේ සයීඩ් අහමඩ්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ බැසිල් බුචර්, නවසීලන්තයේ බර්ට් සට්ක්ලිෆ් විසින් සමව තබා තිබූ පිට පිට ටෙස්ට් තරග හයක ලකුණු 50 ඉක්මවීමෙන් තැබූ වාර්තාවය.
පසුගිය සතියේ ගාල්ලේ දි පාකිස්ථානය කඩුළු 04කින් ජයගත් ශ්‍රි ලංකා පකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ දී තරගයේ වීරයා වූයේ ශකීල් ය. ඒ ඔහු පකිස්ථාන ජයග්‍රහණය තහවුරු කරමින් නොදැවී ලබා ගත් ලකුණු 208 නිසාය.
මේ සවුස් ශකීල් සිය මවුරටින් බැහැරව ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගාවලිය ය. මව් රටින් බැහැරව ක්‍රීඩා කළ මුල්ම තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ දෙවැනි පකිස්ථාන ක්‍රීඩකයා ශකිල්ය.







