ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරග වටයේ පලමු තරගය ලෙස නෙදර්ලන්තය සහ අමෙරිකාව අතර අද (03) පැවැත්වුන තරගයේ දී ඇමරිකා එක්සත් ජනපදය පරාජයට පත් කර නෙදර්ලන්තය 3- 1 ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය.
නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මෙම්ෆිස් ඩිපේ, ඩේලි බ්ලයින්ඩ් සහ ඩෙන්සල් ඩම්ෆ්‍රීස් එම ගෝල තුන වාරතා කළහ.
නෙදර්ලන්ත ක්‍රීඩකයින් ඔවුන්ගේ හොඳම අවස්ථා තුනෙන් ප්‍රයෝජන ගත් අතර, එක්සත් ජනපදයට හොඳ අවස්ථා රාශියක් ලැබුණත් එම අවස්ථා ගෝල බවට පරිවර්තනය කරගැනීමට හැකි වූයේ එක් වරක් පමණි.
එක් අවස්ථාවක් හැරුණු විට නෙදර්ලන්තය සෑම වැරැද්දකටම එක්සත් ජනපදයට දඬුවම් කළේය. මෙම තරග ජයග්‍රහණයත් සමග නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන අතර එහිදී ඔවුන්ට ආර්ජන්ටිනාව හෝ ඕස්ට්‍රේලියාවට මුහුණ දෙනු ඇත.







