අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

වාස් අස්වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, ක්‍රීඩා ඇමතිවරයාට, ක්‍රීඩා තාක්ෂණික කමිටුවට දන්වා ප්‍රතික්ෂේප වුනාට පසුවයි...

by editor
පෙබරවාරි 24, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඊයේ ( 23) පාර්ලිමේන්තුව උනුසුම් කළ චමින්ද වාස්ගේ  ඉල්ලා අස්වීමේ සිදුවීම සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබුණේ අමූලික බොරුවක් බව  ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගම වාර්තා කරයි.

වාස්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධව    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඊට පිළිතුර දුන්නේ වාස්  අවසාන මොහොතේ දීමනා ඉල්ලා තනතුරු අත්හරින අශිෂ්ටයෙක්  බව හැඟවෙන ආකාරයටය.  වාස්ගේ විනය ගැන ප්‍රශ්න කළ ක්‍රීඩා ඇමතිවරයා  මේ ආකාරයට හැසිරෙන්නේ නැතිව තමන්ගේ  හෝ ක්‍රීඩා තාක්ෂණික කමිටුව සමග මේ ගැන සාකච්ඡා කළේ නම් ගැටලුව මේ තරම් දුර දිග නොයන බවත් කීවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවිනීත හැසිරීම්  ආරක්ෂා කරමින්  ඇමතිවරයා  මේ කළ ප්‍රකාශයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තරයෙන්ම සිදුවී සැබෑ සිදුවීම වාර්තා වෙමින් ඇත.

ක්‍රීඩාවේදී ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් සදහා දෛනිකව දීමනාවක් ලබා දෙයි. එය හදුන් වන්නේ පර්ඩියම් (Per diem) යනුවෙනි.

චමින්ද වාස් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරයට නම් කළ පසු තමන්ට ලබාදෙන පර්ඩියම් (Per diem) එක වැඩිකර එම තනතුරට සරිලන ලෙස ලබා දෙන ලෙස ක්‍රිකට් බලධාරීන්ගෙන් පළමුව ඉල්ලීම් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එවිට ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා එය ඉවත දමා ඇත්තේ පිළිකුල් සහගතවය. අනතුරුව චමින්ද වාස් මෙම තත්වය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට  දන්වා තිබිණි.  ඇමතිවරයා වාස්ට   පවසා ඇත්තේ අරවින්ද ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් තාක්ෂණ කමිටුවට එම ගැටලුව යොමු කරන ලෙසය.

මේ අනුව වාස් මේ ඉල්ලීම   ක්‍රිකට් තාක්ෂණික කමිටුවට යොමු කළේය.  එම කමිටුවේ රොෂාන් මහානාම ඊමේල් පණිවිඩයක් මගින් වාස්ට දැනුම් දී ඇත්තේ වැටුප් වැඩි කිරීම හා දීමනා ගැන තම කමිටුව කටයුතු නොකරන බවය.

තත්වය එසේ තිබිය දී ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කීවේ තමන්ට හෝ ක්‍රීඩා තාක්ෂණික කමිටුවට  මේ ගැන කීවා නම් වාස්ට විසඳුමක් ලැබෙන බවය. ඇත්ත තත්වය වසං කර වාස් විනාශ කරමින් ක්‍රීඩා ඇමතිවරයා පාර්ලිමේන්තුවට බොරු  කියා ඇති බව එම ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියට එක්වන තමන්ගේ  තම දෛනික දීමනාව (Per diem)   ඇමරිකා ඩොලර් 100 සිට 300 දක්වා වැඩි කර ගැනීමේ සියළු උත්සාහයන් ව්‍යර්ථ වූ  විට  චමින්ද වාස් තමන් දැරූ සියළු පුහුණුකාර  ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් නොදන්නා පර්ඩියම් (Per diem) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු නිලධාරීහු දන්නා බවත් ඔවුන් විදේශ ගතවන විට දිනකට ඇමරිකා ඩොලර් 300 – 400 දක්වා වූ දීමනාවක් ලබා ගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න පමණක් මේ දක්වා ලබා ගත්  පර්ඩියම් (Per diem) ගණන රුපියල් කොටි ගණනක් බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.    වාස් කළ මෙම ඉල්ලීමට වඩා වැඩි මුදලක් ක්‍රිකට් ආයතන බලධාරීන් නිකරුනේ  දිනපතා විනාශ කරන ආකාරය   පාර්ලිමේන්තු කෝප් කමිටුවේ දී පසුගියදා යළි ප්‍රශ්න කෙරී තිබිණි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

වාස්ට ඩොලර් 300 ක් දෙන්න බැරි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටොම් මූඩිව ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයට ගෙනෙන්න සූදානම් වන්නේ මාසයට ඇමරිකා ඩොලර් 30,000 ක මුදලක් ගෙවමින් බව වාර්තා වේ. ඒ වසරේ මාස තුනක් මෙම වැටුප් සමගින් සියලු පහසුකම්  සහිතව  ලංකාවේ සේවය කර මාස 06කට ආසන්න කාලයක් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වෙනුවෙන් සේවය කිරීමේ එකඟතාව ඇතුව බව lankasportsnews වෙබ් අඩවිය ඊයේ වාර්තා කළේය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු අපරාධ නඩු අහන්න විශේෂ පුහුණුවක් ඇති විනිසුරුවන් සහිත වෙනම අධිකරණයක් නිර්දේශ කරයි

Next Post

ගාල්ලේ ගණිකා නිවාසයක් වටලයි… කාන්තාවන් 07ක් අත්අඩංගුවට…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.