ලලිත් චාමින්ද –
ගාල්ල පෙට්ටිගලවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් 07 දෙනෙකු හා කළමණාකරු ඊයේ (23) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය පවසයි.
පොලීසිය විසින් උපාය දුතයකු යොදවා මෙම ගණිකා මඩම වටලා ඇති අතර අත්අඩංගුවට ගත් තරුණියන් ගාල්ලේ බද්දේගම , අකුරැස්ස , වව්නියාව සහ පොළොන්නරුව යන ප්‍රදෙශවල පදිංචිකරුවන් බව විමර්ශනවලදී අණාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 24,25, 35 යන වියේ පසුවන බව විමර්ශනවලදි ආනාවරණය වි ඇත. ගණිකා නිවාසය පවත්වාගෙන ගිය හිමිකරු ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දැනට මාස දෙකකට පමණ ඉහතදි මෙකි ගණිකා මධ්‍යස්ථානය ආරම්භකොට ඇති බව පොලීසිය පවසයි.
මෙම කාන්තාවන් රුපියල් 2000,3000 වැනි මුදලකට අලෙවි කර ඇති අතර මෙම වෘත්තියේ යෙදුණු වැඩි දෙනෙකු දික්කසාදවුවන් බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත. ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 07 දෙනා සහ එහි කළමණාකරු අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි..
ගාල්ල පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වාගේ මෙහෙයවීම මත දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත පො සැ 43504 අබේතුංග, ,පො සැ 5904 ලලිත්, පො සැ 14353 මදනායක පො සැ 3391 තුෂාර පො සැ 59016 සිසිර යන නිලධාරින් කා.පො.සැ ශ්‍රියානි යන නිලධාරිණිය විසින් මෙම වැටලිම කරණු ලැබිය..