රජය ගැසට්වල ගහන මිලට සහල් ලබා දිය නොහැකි බැවින් මේ සතියේ සිට සුපිරි වෙළෙඳසැල්වලට සහල් සැපයීම නතර කළ බව පවසන මෙරට ප්‍රධානතම පෙළේ සහල් නිෂ්පාදන සමාගමක හිමිකරුවා වන අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා තම සහල් ඒකාධිකාරය කැඩීමේ උත්සාහයක් ආණ්ඩුවට ඇති බවද ප්‍රකාශ කරයි.
පසුගියදා චමුදිත සමරවික්‍රම ගේ “ටෘත් විත් චමුදිත“ යූ ටියුබ් නාළිකාවට සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු සඳහන්කළේ දැනට රජය පනවා ඇති නිති රීති අනුව සහල් ඔවුන් කියන මිපට ලබා දිය නොහැති බවය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් සහල් ඒකාධිකාරය කැඩීම සඳහා රජය උත්සාහ දරන බව මෙසේ පැවසීය.
“ දැන් අපට තියන අභියෝග බලන්න. දැන් ගොයම් කපන කාලේ ආණ්ඩුවේ සේවකයෝ දහ දාහක් දාල වී ටොන් ලක්ෂ තුනක් ආණ්ඩුව එකතු කරනවා. වී ගන්න කුඩා සහල් මෝල් හිමියන්ට ණය සපයලා තියනවා. ඒක සාධාරණයි. ඒත් ඒකෙ අරමුණ අපේ ඒකාධිකාරය කඩන්න. නැත්නම් කුඩා වී මොල්වලට කලින් උදව් කරන්න තිබුණානේ. අපි මේ කන්නේ හාල් දෙන්නේ ගිය කන්නේගන්න වි වලින්. ගිය කන්නේ අපේ වී ඇටයක්වත් නැතිව ගබඩාවලින් ඉවර වුණා. අපට දැන් වී ගබඩා කරන්න ඕන. ගබඩා පුරවන ගමන් වී නිෂ්පාදනය කරන්නත් ඕන. අපි ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන ආයතනයක්.අපට නිෂ්පාදනය කරන්න වී ඕන.
ඉස්සර ආණ්ඩුව වී අතිරික්ත තොග එකතු කළේ කන්න තුනකටම ටොන් ලක්ෂ දෙකක් විතර. මේ සැරේ එක කන්නයකින් ටොන් ලක්ෂ තුනක් එකතු කරන්න බලනවා. දැන් ඉන්න ඇමතිවරුන්ට පිස්සු .
මිනිස්සුන්ට බලහත්කාරකම් කරල කවර දීල වී එකතු කරනවා. මහින්දානන්ද ඇමතිතුමා තමයි මේක කරන්නේ. එයා අපිත් එක්කත් කතා කරනවා එයා අපේ යාලුවා. ඒත් එතුමාට ලොකු ප්‍රෙෂර් එකක් තිබෙනවා මේක කරන්න.කෙහොම කළත් මේ කන්නේ අස්වැන්න සියයට 50කින් අඩුවෙනවා. ඊට හේතුව නිසි කාලලෙට වැසි නොලැබීම. දෙසැම්බර් මාසේ වැස්සාම ගොයම නිල්ල ගහල පීදෙනවා. ඒත් වැස්සේ ජනවාරි මාසේ. ඒ කාල වැස්සම වී බොල්වෙනවා.ඒ නිසා මේ සැරේ අස්වැන්න සියයට 50කට බහිනවා. අනිවාර්යයෙන් මේ වසරේ මැද වෙද්දී සහල් රටින් ගෙන්වන්න වෙනවා. යයිද පැවසීය.