සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වුණු පන්නල කොල්ලා…

by editor
සැප්තැම්බර් 11, 2020 - Updated on සැප්තැම්බර් 12, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ගෙවී ගිය සති අන්තයේදී  ශ්‍රී  ලංකා මලල ක්‍රීඩාවට අලුත් බලාපොරොත්තුවක් සපයන්නට පන්නලින් බිහිවූ තරුණයෙක් සමත් විය. ඔහු අබේකෝන් මුදියන්සෙලාගේ යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් ය. දැන් කවුරුත් දන්නා ලෙස ඔහු යුපුන් අබේකෝන්ය.   පසුගිය වසරේ හිමාෂ ඒෂාන් විසින් පිහිටුවා තිබූ මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව යුපුන් විසින් බිඳ දැම්මේය. දැන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන්ය.

Yupun-Abekoon
යුුපුන් අබේකොන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වුන මොහොත…

ජර්මනියේ පැවැති ආරාධිත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ඉසව්ව නියෝජනය කළ යුපුන් අබේකෝන් එම ඉසව්ව තත්පර 10.16කින නිමා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ හිමාෂ හේෂාන් අදාළ ඉසව්ව නිමා කර තිබුණේ තත්පර 10.22කිනි. යුපුන් අබේකෝන් සහභාගීවු ජර්මනියේ ආරාධිත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 ඉසව්වේ දෙවැනි ස්ථානයට පත් වූ ජර්මනියේ මීටර් 100 ශූරයා වන අලාම් ඩෙනිස් තරගය තත්පර 10.18 කින් නිමා කළ අතර ලෝකඩ පදක්කම දිනා ගත් අස්කොවික් අල්කාසා තත්පර 10.41 කින් තරගය නිමා කළේය.

යුපුන් ක්‍රීඩාවට අවතීර්ණ වන්නේ පන්නල ජාතික පාසලෙනි. අනතුරුව වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලෙන් වැඩිදුර අධ්‍යපනය ලැබූ යුපුන් ජතික තරග බිමට අවතීර්ණ වන්නේ ඒ  ඒ හරහාය.

Yupun-Abekoon, Vinoj-Suranjaya, Himasha- Eshan, Chanuka- Sandeepa
මීටර් 100X4 රන් පදක්කම දිනා දකුණු ආසියිනු ක්‍රීඩා උළෙල වර්ණවත් කළ කණ්ඩායම වමේ සිට… යුපුන් අබේකෝන්, විනෝජ් සුරන්ජය, හිමාෂ එෂාන්, චනුක සන්දීප

ඉකුත් වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මී.100X4 සහය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයකු වෙමින් රන් පදක්කම දිනා දීමට සමත් වූ යුපුන් මේ වනවිට ඉතාලියේ සිටිමින් නේවාසිකව සිය පුහුණුවල නිරත වෙමින් සිටී. ශ්‍රී ලංකාවේ ගෘහස්ත මී.60 වාර්තාව පිහිටුවලා තියෙන්නෙ මම.  ශ්‍රී ලංකාවේ ගෘහස්ත මී.60 වාර්තාව පිහිටුවා ඇති ඔහු සිය අන්තර්ජාතික ජයග්‍රහණය ගැන කියන්නේ මෙසේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මම දැන් අවුරුදු පහක ඉඳන් පුහුණුවීම් කරන්නෙ ඉතාලියේ. මම නේපාලයේ තිබ්බ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 100X4   සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළා. මට හැකි වුණා එම ශූරතාවය දිනු කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස මගෙ යතුකම් ඉටු කරන්න… ජර්මනියේ දේශාන්වල තිබ්බ මේ තරගාවලියට මට ආරාධනා කළා. ශ්‍රී ලංකාවෙන් සහභාගි වුණේ මම විතරයි. එතනදි මට දකුණු ආසියානු වාර්තාව මෙන්ම ශ්‍රී ලංකාව වාර්තාවද පිහිටුවීමට හැකිවීම ගැන විශාල සතුටක් තියනවා…“

දකුණු අසියානුයාවේ වේගවත්ම මිනිසා ලෙස මීට පෙර වාර දෙකකදී හිමාෂ ඒෂාන් වාර්තා පිහටවූයේය. ඔහු 2016 වසරේදී පැවැති දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ දී  තත්පර 10.26කින් මීටර් 100 ඉසව්ව නිමා කිරීමට සමත් විය.  ඒ ඊට පෙර චින්තක ද සොයිසා තබා තිබූ තත්පර 10.29 වාර්තාව බිඳ හෙළමිනි.   ඉන් වසර 3කට පසුව එනම් පසුගිය වසරේදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික තේරීම් තරගයේදී හිමාෂ විසින්  තමාගේම වාර්තාව බිඳ දැම්මේය. ඒ මීටර් 100 ඉසව්ව තත්පර 10.22කින් නිමා කරමිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 100 ඉසව්වේදී මෙවැනි කාලයක් සටහන් කළ පළමු ක්‍රීඩකයා බවට යුපුන් පත්ව තිබේ.

Yupun-Abekoon
යුපුන් අබේකෝන්

එය මෙම වසරේදී ක්‍රීඩකයෙකු මීටර් 100 ඉසව්වෙන් වාර්තා කළ 32 වැනි හොඳම කාලය ය.  එහෙත් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ඔලිම්පික් තරගාවලියේ පරිසාධන මට්ටම පසුකර නැත   ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ පාරිසාදන මට්ටමට පැමැණීමට නම් යුපුන් ගේ කාලය තත්පර 10.05කට අඩුවෙන් රඳවා ගත යුතුය.

ඒ සඳහා ඔහුට   ලබන දෙසැම්බර් පළමු වැනිදා සිට ජූනි  දක්වා කාලය තිබේ. මේ වන විට යුපුන් අබේකොන් පසුවන්නේ 25 වැනි වියේය.  මේ වෙනවිට ඔහුගේ ප්‍රධාන ඉල්ක්කය වී ඇත්තේ ඔලිම්පික් පරිසාධන මටට්මට ලඟා වීමය. කොවිඩ් වසංගතය නිසා ඉතාලියේ නැවතී තිබූ පුහුණු වීම් දැන් අරඹී ඇත.  ඔහු මේ වනවිට බලාපොරොත්තු සහිතව පුහුණුවීම්වලය.

ඔහු මේ වනවිට පුහුණුව ලබමින් සිටින්නේ සිය ඉතාලි ජාතික පුහුණුකරුවන් වන මව්රිස් යූ රිපරෙල්ලි සහ මිචර් දෙල්ලෝ යටතේය.

“ ලංකාවේදී මට ගොඩක් පුහුණුකරුවන් හිටියා. ඒ සියලු දෙනාටමත් මගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්තුති වන්ත වෙනවා. මට ක්‍රීඩා ඇමැතිවරයා කතා කළා. එතුමා මගෙන් ඉල්ලා සිටියේ   කොහොම හරි ඔලිම්පික්   පරිසාධන මට්ටම ඉක්මවා යන්න කියලා.”  යුපුන් අපට කියන්නේය.

ඔහු දැන් ලංකාවේ අලුත්  ක්‍රීඩා බලාපොරොත්තුව වී තිබේ.  ක්‍රීඩා ඇමතිවරයාට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකය සහ ක්‍රීඩා සභාවේ සභාපති වන මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද  යුපුන්ට සුබ පැතුම් එක්කර ඇත. මේ රටේ පොඩි මිනිස්සු හදවතින්ම ඔහු හා සිටිති. ඒ නැවත ඔලිම්පික් පදක්කම් සම්බන්ධ සිහින සේයාවක් දකිමිනි.

Tags: නවතම
Share76Tweet43
Previous Post

දික්වැල්ල බෝදරකන්ද වඩු මඩුවකින් නීති විරෝධී අවි හමුවේ…

Next Post

20 වැනි සංශෝධනය විගණකාධිපති පඹයෙක් කරයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.