සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

රටේ ක්‍රිකට් අනාගතය හදන පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් අනාථයි… සමහරු ජීවත් වෙන්න “ඩිලිවරි“ යනවා..

ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පඩි ගන්න පාසල් ක්‍රිකට් බලධාරින්ගේ පැටිකිරිය හෙළි වේ...

by editor
ඔක්තෝබර් 16, 2021
in ක්‍රීඩා
school-cricket
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීමත් සෞඛ්‍ය බලධාරීන් විසින් ක්‍රීඩා පුහුණුවීම් සඳහා තහංච් දැමීමත් නිසා මෙරට පාසල් පන්සියයක පමණ ක්‍රිකට් පුහුණුකරුවන් දහසකට ආසන්න පිරිසක් අනාථයින් බවට පත්ව ඇතැයි ලංකාසරට වාර්තාවේ.

මේ වසර පුරාම මෙම පුහුණුකරුවන්ගෙන් වැඩි දෙනෙකුට පාසල් මගින් ගෙවන මාසික දීමනා හෝ වැටුප ගෙවා නැත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍ර ලේඛයට අනුව ඇතැම් පාසල්වල ඔවුන්ගේ දීමනාවෙන් 25% ක් ගෙවා ඇති අතර කොළඹ හා මහනුවර ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක් පමණක් තම විදුහල්වල ක්‍රිකට් පුහුණුකරුවන්ට සාමාන්‍ය දීමනාවෙන් අඩු තරමින් 50%ක් හෝ ඊට වැඩි ගණනක් ගෙවනු ලබයි.

වරක් පාසල් ක්‍රිකට් සංගමයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබා දු ලක්ෂ 45 න් ඔවුන් තෝරාගත් පුහුණුකරුවන් 100 කට පමණ මැයි මාසයේ රුපියල් 25,000/= හා 12,500/= බැගින් ගෙවනු ලැබුවද ඉන් පසු මේ දක්වා සත පහක්වත් ගෙවා නොමැති බව වාර්තා වේ.

පාසල් ක්‍රිකට් සංගමයේ විධායක කමිටුව ඉන් මුදල් සංඛ්‍යාවක් ඉතිරි කර ගෙන ඇතැයිද ඉන්පසු මේ දක්වා කිසිදු හඬක් නොනගිමින් ඔවුන් තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවනු ලබන මාසික දීමනාව ලබමින් සිටින බවටත් මෙම පුහුණුකරුවෝ චෝදනා කරති.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම්,වයස් කාණ්ඩ තරගාවලි ලේකම් වරුන්ට, පළාත් සංවිධායකවරුන්ට ක්‍රිකට් ආයතනයෙන් මාසික දීමනාවක් ගෙවනු ලබයි.

මෙම ගුරුවරු පාසල් වසා දමා ඇති නිසාත් ගුරු වර්ජනය නිසාත් පාසල්වල කිසිදු වැඩක් නොකරතත් ක්‍රිකට් ආයතනයෙන් මාසික දීමනාව නොවරදවා ලබා ගන්නා බව මෙම පුහුණුකරුවෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණුකර සපයා දෙන්නේ මෙම පුහුණුකරුවන් වුවත් මේ වන විට මාස ගණනක් මුළුල්ලේ කිසිදු වෙනත් ආදායමක් නොලබන බොහෝ පුහුණුකරුවන් ක්‍රිකට් පුහුණු රැකියා හැර දමා ඩිලිවරි, ගොවිතැන් වැනි කටයුතු වලට යොමු වී ඇතැයි ද වාර්තා වේ.

මේ හේතුවෙන් ලබන වසර මුල හෝ පාසල් වල ක්‍රිකට් ක්‍රීඩාව යළි ආරම්භ කළහොත් බොහෝ පාසල් වලට අලුතින් පුහුණුකරුවන් සොයා යාමට සිදු වනු ඇතැයි එක් පුහුණුකරුවෙක් ලංකාසරට පැවසීය.

ඊයේ 19න් පහළ ලෝක ශූර බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම තරග වැදිනි. ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය. මේ පාසල් ක්‍රීඩකයන් මුලුමනින්ම පාසල් පුහුණු කරුවන්ගේ නිර්මාණයන්ය.  මේ පුහුණුකරුවන්ව අත පල්ලෙන් වැටෙන්නට ඉඩ නොදී ඔවුන්ව රැක ගැනීම ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් අතිශයින්ම වැදගත් බව පාසල් ක්‍රිකට් සංගමයේ මැදහත් ප්‍රකාශකයෙක් ලංකාසරට පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලි පන්නන හඳුන්කූර සාර්ථකයි… පරිසර අමාත්‍යාංශය කියයි!

Next Post

21 දා සිට දිවයිනේ සියලුම පාසල්වල උසස්පෙළ සිසුන්ගේ එන්නත්කරණය ඇරඹෙයි!  

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.