සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මහෙල ගේ යෝධ සෙවනැල්ල තුළ මුම්බායි ඉන්දියන්ස් අයි.පී.එල් ජයගත් හැටි…

by editor
නොවැම්බර් 11, 2020 - Updated on නොවැම්බර් 12, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු අපේ මහලෙය. නායකත්වය දරන්නේ රෝහිත් ෂර්මාය. මේ සුසංයෝගය 13 වැනි අයි.පී.එල්. ශූරතාවයේ අයිතිය ඩුබායි හිදී සියතට ගත්තේය. ඒ ශ්‍රියාස් අයියර්ගේ නායකත්වයෙන් යුත් දිල්ලි කැපිටල් පිලට කඩුලු පහක පරාජයක් අත්කර දෙමිනි.

අයි.පී.එල්. ශූරතාව පස්වැනි වරටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දිනා ගනු ලැබුවේ රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් වීමද විශේෂත්වයකි. එම ශූරතා පහෙන් තුනක් මුම්බායි කණ්ඩායමට දිනා දීමට ගුරුහරුකම් මෙන්ම සැලසුම් සකස් කිරීමේ තිරය පිටුපස අසීමිත කොටසක් ඉටු කලේ   මහේල ජයවර්ධනය.2017 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූ මහේල ජයවර්ධන ලොව හොඳම ක්‍රිකට් පුහුණුකරුවකු බවට යළිත්  තහවුරු  කළේය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය පළමු අයි.පී.එල්. ශූරතාව දිනා ගත්තේ  2013 වසරේදීය.   අනතුරුව 2015, 2017, 2019 සහ 2020 වසරේදී ද ඔවුහු  ශූරයෝ වූහ.
‘තරගාවලිය පුරා අපි ගත කළ ආකාරය ඉතාමත් සතුටුයි. ආරම්භයේ සිටම අපි කිව්වෙ ජයග්‍රහණය කිරීම පුරුද්දක් කර ගැනීමට අපිට අවශ්‍ය බවයි. අපේ කණ්ඩායමට ශක්තිය දුන් තිරය පිටුපස සියලු දෙනාට විශාල ගෞරවයක් ලබා දිය යුතුයි. අපි අයි.පී.එල්. වැඩ පටන් ගන්නේ බොහෝ කාලයකට ඉස්සරවෙලා. අපි ගොඩක් දේවල් විශ්ලේෂණය කරනවා. මම යමෙකුගේ පිටුපසින් පොල්ලක් අරන් දුවන කෙනෙක් නෙමෙයි. ඔහුට කළ හැකි දේ කිරීමට අවශ්‍ය විශ්වාස ලබාදෙන කෙනෙක්.’  රෝහිත් ෂර්මා තරගයෙන් පසුව පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දහ තුන් වැනි අයි.පී.එල්. ශූරතාවයේ  අයිතිය වෙනුවෙන් වැදගත් සාධකයක් වූ කාසියේ වාසිය දිල්ලි කැපිටල් නායක ශ්‍රියාස් අයියර් විසින් දිනා ගනිමින් පළමුව පිති ප්‍රහාරය තෝරා ගත්තේය. පළමු පන්දුවෙන් මාකොස් ස්ටොනිස්ව දවා ගත් ටේ‍රන්ට් බෝල්ට් මුම්බායි ඉන්දියන්ස් බලාපොරොත්තු ආරම්භයේදීම දැල්වූයේය. අවසානයේදී දිල්ලි පිලේ කඩුලු තුනක්ම ඩැහැගත් බෝල්ට් අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

ලකුණු 22 ක් තුළ දිල්ලි පළමු පිතිකරුවන් තිදෙනාම ක්‍රීඩාගාරයට ගොස් තිබියදී සිය කණ්ඩායම ඔසවා තැබීමේ වගකීම කරටත් ගත්තේ නායක අයියර්ය. ඔහු පන්දු 50 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 65 ක් ලබා ගත්තේය. ඔහු රිෂාබ් පාන්ට් සමග එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 96 ක සබඳතාවක් පැවැත්වීමටද සමත් විය. එහිදී පාන්ට් පන්දු 38 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමග ලකුණු 56 ක් ලබා ගත්තේය.

ලකුණු 157 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු අටක් සහ කඩුලු පහක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී කඩ ඉම පසුකර ගියේය. ආරම්භක කඩුල්ලට රෝහිත් ෂර්මා සහ ක්යින්ටන් ඩී කොක් පන්දු 25 කදී ලකුණු 44 ක් එක් කිරීමට සමත් විය. ෂර්මා පන්දු 51 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් සමග ලකුණු 68 ක් ලබා ගත්තේය. අංක තුන පිතිකරුවා ඉෂාන් කිෂාන් පන්දු 19 කදී හයේ පහර සහ හතරේ පහර තුනක් සමග නොදැවී ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් විය.

මෙවර අයි.පී.එල්. තරගාවලියේදී කැපී පෙනෙනම පිතිකරුවා බවට පත්වූයේ කිංග්ස් පන්ජාබ් කණ්ඩායමේ නායක ලොකේෂ් රාහුල්ය. ඔහු තරග 14 කදී ශතකයක් සහ අර්ධ ශතක පහක් සමග ලකුණු 670 ක් ලබා ගත්තේය. ඔහුට පිටුපසින් සිටින දිල්ලි කැපිටල් කණ්ඩායමේ ෂිකර් ධවාන් තරග 17 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක හතරක් සමග ලකුණු 618 ක් ලබා ගැනීමට සමත් විය. අවසන් මහා තරගයේදී ඔහුගේ කඩුල්ල වේලාසන දැවී නොගියානම් තරගයේ ප්‍රතිඵලයද වෙනස් වීමට ඉඩ තිබුණි. මීට අමතරව ඩේවිඩ් වෝනර් (548), ශ්‍රියාස් අයියර් (519), ඉෂාන් කිෂාන් (516) සහ ක්යින්ටන් ඩී කොක් (503) ලකුණු 500සීමාව පසුකර යෑමට සමත් විය.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ කාගිෂෝ රබාඩා තරග 17කදී කඩුලු 30 ක් දවා ගනිමින් සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීය. රබාඩා සමස්ත තරගාවලියේදී යවන ලද පන්දු ඕවර 65.4 කදී එක් නිලකුණු ඕවරයක් සමග ලකුණු 548 ක් ලබා දී තිබුණි. ඔහුගේ හොඳම පන්දු යැවීමට ලකුණු 24 කට කඩුලු හතරක් විය. ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 18.26 ක් වශයෙන් වූයේය.

පන්දු යවන්නන් අතරින් දෙවැනි තැනට පත්වු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ජස්ප්‍රිට් බුම්රා තරග 15 කදී කඩුලු 27 ක්ද  ටේ‍රන්ට් බෝල්ට් කඩුලු 25 ක්ද  දවා ගත්තේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

46 වැනි කොවිඩ් මරණය රජය නිවේදනය කරයි… අද දවසට මරණ 05යි….

Next Post

අද දවසේ කොවිඩ් ශේෂ පත්‍රය…. ආසාදිතයන් 625යි…. මරණ 05යි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.