සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මලල ක්‍රීඩාවට වින කරන අපරාධකරුවන් නිරුවත් කළ වාර්තාව මෙන්න

by editor
ජූනි 8, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

වර්ෂ 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා සහභාගීත්වය සහ ප්‍රතිඵල සමාලෝචන වාර්තාව දැන් නිකුත් වී තිබේ.  මේ කමිටු වාර්තාව ක්‍රීඩා නීතියට පමණක් නොව ක්‍රීඩාවේ විනය ගරුත්වයට හානි වන කරුණු රැසක් මතු කරයි. ග්‍රෙගරි ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුව ඉදිරිපත් කරන මෙම කමිටු වාර්තාව හෙළි කරුණු රටක සිදුවිය හැකිදැයි සිතෙන තරම්ය. මේ වාර්තාව දක්වන නිර්දේශ ප්‍රමාණය පමණක් සිහි බුද්ධියෙන් කියැවීමෙන් මේ රටේ මලල ක්‍රීඩාවට සිදු වී ඇති ව්‍යසනය වටහා ගැනීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු.

පහත දැක්වෙන්නේ ග්‍රෙගරි ද සිල්වා කමිටු වාර්තාවේ කියැවීම්ය.

විශේෂ විමර්ශන සිදු කළ යුතු කරුණු

  1. පුහුණු කටයුතු සඳහා විශාල වියදමක් දරා අවසානයේ සෞඛ්‍ය අපහසුතාවයක් බවට වාර්තා කර ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති වෛද්‍ය ආයතනයේ සහතිකයක් පවා නොමැතිව තරඟයට සහභාගී නොවීමට ක්‍රීඩකයන් ගෙන ඇති තීරණය ක්‍රීඩාවේ විනයටත් රටටත් අගෞරවයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබඳ ක්‍රීඩක චෙරන්ත ද සිල්වා හා ක්‍රීඩිකා කිමිකෝ රහීම් පිළිබඳ පරීක්‍ෂණ පවත්වන මෙන් ඉල්ලා සිටිමි.
  2. බර ඉසිලීමේ ක්‍රීඩාවේ අභියාචනා මණ්ඩලය මගින් නිර්දේශ කර ඉදිරිපත් කළ ක්‍රීඩකයා අවසාන මොහොතේ අත්තනෝමතික ලෙස තරඟයට සහභාගී නොවීම පිළිබඳව අදාළ නිලධාරීන් සම්බන්ධ පරීක්‍ෂණයක් පවත්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
  3. බැඩ්මින්ටන් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සංගමයේ මැදිහත්වීමෙන් අමතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීමෙන් (තරඟ සඳහා සහභාගී වී නැත) රටට පාඩුවක් මෙන්ම අගෞරවයක් ද ඇති වී ඇති බැවින් ඒ සඳහා පරීක්‍ෂණයක් පවත්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
  4. බොක්සිං ක්‍රීඩා ඉසව්ව සඳහා ජාතික තේරීම් කමිටුව මගින් අනුමත කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් කණ්ඩායමෙන් ඉවත් කොට ඒ සඳහා සංගමයේ අභිමතය පරිදි වෙනත් ක්‍රීඩකයින් ඇතුළත් කර ඇති බවත් එම ක්‍රීඩකයන් දෙදෙනා හට කිසිදු ජයග්‍රහණයක් කිරීමට නොහැකිවීම පිළිබඳවත් ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය සම්බන්ධව පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව යෝජනා කෙරේ.
  5. තුන් ප්‍රයාම ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සංගමයක් නොවන නමුත් මෙම උලෙළට සහභාගීවීමට ජාතික තේරීම් කමිටුවේ හෝ අභියාචනා කමිටුවේ නිර්දේශ ලබා නොගෙන සහභාගී වී ඇත. මේ පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීමට යෝජනා කෙරේ.
  6. පැසිපන්දු කාන්තා කණ්ඩායම (5 × 5) හිතාමතාම පරාජයට යොමු වී ඇති බවට පාර්ශව කිහිපයකින් කරුණු ඉදිරිපත්ව ඇත. මේ පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීමට යෝජනා කෙරේ.
  7. පාපැදි Mountain Bike Downhill ඉසව්වේ සිදුවූ තරඟ පාවාදීම සම්බන්ධව දැනට පොලිස් නීති නිලධාරීන් විසින් පරීක්‍ෂණයක් පැවැත්වීමට ලේකම්තුමා විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇති නමුත් දෙපාර්තමේන්තු මගින් ද පරීක්‍ෂණයක් පැවැත්වීමට සුදුසු බව දන්වා සිටිමි.
  8. කෝ කෝ ක්‍රීඩා සඳහා විශාල වියදමක් දරා ඇති නමුත් කිසිදු ප්‍රතිඵලයක් නොමැති වීම හා ඒ සම්බන්ධ ඇති තොරතුරු ඉතා අසතුටුදායක නිසා විනය පරීක්‍ෂණයක් පැවැත්වීම යෝජනා කෙරේ.
  9. වොලිබෝල් කාන්තා කණ්ඩායම ඉතා නොසැලකිලිමත්ව හිතාමතාම සිදු වූ පරාජය සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව මෙසේ පසුබෑම පිළිබඳ එම ක්‍රීඩිකාවන්ගෙන් හා නිලධාරීන් සම්බන්ධව පරීක්‍ෂණයක් පැවැත්වීමට යෝජනා කෙරේ.
  10. වූෂූ ක්‍රීඩාවේ ඉසව්වල අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ක්‍රීඩකයින් ඇතුළු කිරීමෙන් ශ්‍රී ලංකාවට පදක්කම් අහිමිවීම ගැන පරීක්‍ෂණයක් පැවැත්විය යුතුය.
  11. ගුවන් ප්‍රවේශ මිලදී ගැනීම සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු අතර පරස්පර විරෝධතා තිබේ. මේ සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යාංශය මත දෙකක සිටී. එබැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් කිරීමට නිර්දේශ කෙරේ.

අවධානයට යොමු කළ වෙනත් කරුණු

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාළ කරුණු 11 ට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයේ, ඔලිම්පික් කමිටුවේ සහ ක්‍රීඩා සංගම්වල අවධානය යොමුවිය යුතු කරුණු ගණනාවක් පිළිබඳව ග්‍රෙගරි ද සිල්වා ප්‍රමුඛ කමිටුව තම වාර්තාවේ සඳහන් කරයි.

පසුගිය දකුණු ආසියනු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව විශාල පදක්කම් ප්‍රමාණයක් ජයග්‍රහණය කළද ක්‍රීඩා 27ක් සඳහා රැගෙනගිය 800 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන්ගෙන් 125 දෙනෙකු පමණ (කණ්ඩායම් ක්‍රීඩා) ප්‍රමාණයකට සැලකිය යුතු ජයග්‍රහණයක් අත්කරගැනීමට නොහැකිවීම සම්බන්ධව එම කමිටුව විශේෂ අවධානයක් යොමු කර තිබේ.

කෝ කෝ, අත් පන්දු (හෑන්ඩ් බෝල්) සහ පාපන්දු යන ක්‍රීඩා කණ්ඩායම් තුන පිළිබඳ විශේෂයෙන් සඳහන් කරන කමිටු වාර්තාව එම කණ්ඩායම් තුන සඳහා රුපියල් මිලියන 30 ක පමණ මුදලක් ගුවන් ප්‍රවේශ පත් සහ නවාතැන් පහසුකම් වෙනුවෙන් වියදම් කළද ඉන් කණ්ඩායම් දෙකකට කිසිම පදක්කමක් දිනා ගැනීමට නොහැකිවීම ඒ සඳහා උදාහරණ ලෙස සඳහන් කර තිබේ.

කෝ කෝ වැනි ක්‍රීඩා ජාතික ක්‍රීඩා සංගම් ලෙස තවදුරටත් පවත්වා ගෙන යාම අවශ්‍යද යන්න සලකා බලන ලෙසද නව ක්‍රීඩා සංගම් ලියා පදිංචි කිරීමේදී නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය කර එම ක්‍රීඩා සංගම්වල විගණන කටයුතු සහ අනුබද්ධ ක්‍රීඩා සමාජ ඇත්ද යන්නද සලකා බලන ලෙසද තවදුරටත් සඳහන් එහි සඳහන් වේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩා සඳහා අදාළ ජාතික සංගම් හරි අඩක් පමණ පූර්ව විශ්ලේශනයක් සිදු කර නොමැති බව කමිටුව අවබෝධකර ගෙන ඇත.  බාස්කට් බෝල් (කාන්තා), පාපැදි තරඟ, කෝකෝ, බොක්සිං කණ්ඩායම්වල පශ්චාත් තරඟ විශ්ලේෂණයන් අනුව කණ්ඩායම් තෝරා ගැනීමේදී ගැටලු රාශියක් තිබී ඇති බව කමිටු වාර්තාව හෙළි දරවු කරයි.

පා පැදි නැතිව පා පැදි ධාවන තරගයට ගිහින්

බයිසිකල් ධාවන අංශයේ මවුන්ටන් බයික්, ඩවුන් හිල් තරඟය සඳහා ජාතික ඔලිම්පික් කමිටුව මූලික අයඳුම්පතක් හෝ යොමුකර නොමැති අවස්ථාවක නේපාලයේදී මෙම ඉසව්ව සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉදිරිපත් කර තිබේ. අවසානයේ එම ඉසව්ව සඳහා නිර්මිත බයිසිකල් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සතුව නොමැති හෙයින් තරඟය සඳහා ඉදිරිපත් නොවන බවට කණ්ඩායම් කළමණාකරු දැනුම් දී ඇත.

බොහෝ මෙවන් තරගාවලි වලදී නැවත නැවත සිදුවන දුර්වලතා මගහරවා ගැනීම සඳහා ද තම අදහස් කමිටුව මගින් ඉදිරිපත් කොට ඇත.  දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිදුවූ අකටයුතු සම්බන්ධව කරුණා කාරණා රාශියක් එළිපිට පෙනෙන්නට තිබියදී සහ ඒ සම්බන්ධව සෙවිය යුතු මූලික කරුණු ද ග්‍රෙගරිද සිල්වා කමිටුව පෙන්වා දී තිබියදීත්, ක්‍රීඩා අමාත්‍යාංශය තවමත් හොරු අල්ලා ගැනීමට ප්‍රමාද වීම මෙරට ක්‍රීඩාවේ අනාගතයට ඇති එක්තරා ඛේදවාචකයකි.

කෙසේ වෙතත් දැන් ගොනු වී ඇති කරුණු විභාග කිරීමට පත්කර ඇති කමිටුව ඉදිරිපත් වී ඇති අර්බුදය විඳීමට හැකි බරක් සහිත  එකක් නොවේ. මේ වැරිදි නිවැරදි කර ගැනීමට තවමත් කාලය තිබේ. එසේ නොවේ නම් සිදුවන ව්‍යසනය බලපානු ඇත්තේ මුලු මහත් ජාතියටමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එජාප සාමාජිකත්වය අහිමිවීම වළක්වාගන්න දාපු මද්දුමබණ්ඩාරගේ පැමිණිල්ල 15 වැනිදා විභාගයට

Next Post

කට වරද්දා ගත් පී.එච්.අයි ට වැඩ වරදින ලකුණු

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.