උපේක්ෂා උඩුවැරැල්ල –
අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ මළගෙදර ආවරණය කිරිමට කටයුතු කළ ප්‍රධානම මාධ්‍යෙවේදියෙක් වූ පතන ග්‍රෙඩ්විල් වත්තේ පදිංචි න ගනේෂන් ක්‍රිෂාන්තන්ට අගතියක් සිදුවන ආකාරයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කළ බවට චෝදනා ලැබ සිටින පතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ අර්ජුණ තිලකරත්න ලංකාසරට පැවසීය.
මේ සිද්ධිය සම්බන්ධව නුවරඑළිය ප්‍රාදේශී්‍ය සෞඛ්‍යය සේවා සේනක තලගල විසින් පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව මේ පරීක්ෂණය ආරම්භ වන බව ඔහු පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තගලග පැවසුවේ ජනමාධ්‍ය ආචාර ධර්ම පවා ව්‍යසනයට ලක්කරමින් කළ මේ වාර්තාකරණය සම්බන්ධව තමන්ව නුවරඑළිය ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැනුවත් කළ බවය.
ඒ අනුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත මේ පිළිබඳව දැනුම් දුන් බවත්, සෞඛ්‍ය සේවයේ අයෙක් යම් විනය කඩකිරිමක් සිදු කර ඇතිනම් ඔහුට විරුද්ධව කටයුතු කරන අතරම මේ වගකීම් විරහිත මාධ්‍යකරණය සම්බන්ධව පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා හරහා සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත්, අනතුරුව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් හරහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාවත් දැනුවත් කිරීමට කටයුතු කරන බවය.