අවුරුදු 15 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියත් බර ග්‍රෑම් 135 ක්වූ පන්දුවෙන් පැවැත් වූ පසුබිමක ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන කුඩාම වයස් ඛාණ්ඩයේ දරුවන් නියෝජනය කරමින් මේ දිනවල පැවැත්වෙන 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය සඳහා ග්‍රෑම් 142 ක්වූ පන්දු පාවිච්චි කරන ලෙස පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා විසින් පාසල්වලට නියෝග කිරීම නිසා පාසල් පුහුණුකරුවන් ඉමහත් අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.
මාස කිහිපයක් ග්‍රෑම් 135 පන්දුවෙන් පුහුණු වූ ක්‍රීඩකයන්ට තරගාවලිය අරඹත්ම ග්‍රෑම් 142 පන්දුවෙන් ක්‍රීඩා කළ යුතු බවට නියෝග කිරීමෙන් කුඩා ක්‍රීඩකයන් අන්ද මන්ද වී ඇතැයි වාර්තා වේ.
මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ කවුරුන් විසින් හෝ ආනයනය කරන ලද ග්‍රෑම් 142 පන්දු විකුණා ගැනීමටදැයි කුකුසක් මේ වන විට හට ගෙන ඇති බවත් මෙවැනි අතාරකික තීන්දු ගැනීමට පදනම් හේතුව නිසි ලෙස සොයා බැලිය යුතු බවත් ඉල්ලා සිටීමට පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් මේ වනවිට සූදානම් වෙමින් ඇතැයි දැනගන්නට ඇත.
ඇත්තම කතාව නම් ලංකාවේ ක්‍රිකට් ආයතනය මෙන්ම පාසල් ක්‍රිකට් සංගමයද එකම නිලධාරීන් පිරිසක් වටා බලය බ්‍රමණය වන තැනකි.
පාසල් ක්‍රිකට් සංගමයේ විධායක සභාවට පත් වන්නන්හට ක්‍රිකට් ආයතනයෙන්ම අතුරු දීමනාවක් මාසිකව ගෙවනු ලබයි.
මීට අමතරව කනිෂ්ඨ පිලක් විදෙස් සංචාරයක යෙදෙන විට ඒ සමග පාසල් නියෝජිතයෙක් ලෙස දිනකට ඩොලර් දීමනාවක් ලබමින් යාමටද අයෙකුට අවස්ථාව හිමි වේ.
පාසල් සංගමයේ සභාපති වන්නේ බොහෝ විට ප්‍රසිද්ධ පාසලක විදුහල්පති වරයෙකි. පසුගිය වසර කිහිපයේම එහි සභාපති ලෙස කටයුතු කළ විදුහල්පතිවරයා දිනකට ඩොලර් 700 ක දීමනාවක් ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග සංචාර කිහිපයකම නිරත විය.
මෙම වාසි නිසාම පසුගිය පාසල් ක්‍රිකට් සංගම් නිලවරණය බලපෑම් සහිත දූෂිත නිලවරණ පොරයක් බවටද පත්විය. මෙවැනි දූෂිත පොරයකින් පසු බලය අත් පත් කරගන්නා නිලධාරීන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වළ පල්ලට ගියත් ස්වකීය කාර්ය සාධනය පමණක් ගැන කල්පනා කරන පිරිසක් බවත් අවසන් මොහොතේ දී පන්දුවේ බර වෙනස් කරමින් ගත් මෙම තීන්දුව පසුපසත් ග්‍රෑම් 142 බර පන්දු විකුණා ගැනීම සම්බන්ධව යම් ඩීල් එකක් කැරකුනේ දැයි සොයා බැලිය යුතු බවත් පාසල් ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.







