සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පළවෙන් කෑල්ල හොඳටම කළා… ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු  267ක ඉලක්කයක්!

by editor
පෙබරවාරි 14, 2024
in ක්‍රීඩා
අවිශ්ක සිය විශිෂ්ට පන්දු රැකීමෙන් පසු...

අවිශ්ක සිය විශිෂ්ට පන්දු රැකීමෙන් පසු...

Share on FacebookShare on Twitter

 තුන්වන සහ අවසන් එක්දින තරගයකාසියේ  වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 266කින් නවත්වා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වී තිබේ.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැතලි තණ තීරුවේ ලකුණ 266ක් යනු හඹා යා නොහැකි ඉලක්කයක් නොවන බව මේ තණතීරුමත ක්‍රීඩා කළ ඉතිහාසය විසින් සහතික කර ඇත.  එහෙත් එය සම්භාවිතාවක් මත ප්‍රකාශිත නිගමනයක් පමණි.  කිසිම  ක්‍රීඩාවක  එවැනි නිශ්චිත නියමයන් නොමැත. ක්‍රීඩාවේ ආනන්දය උපදින්නේ එය මිනිස් ස්වරූපයේ යථාර්ථය පිළිබිඹු කරන බැවිනි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කාසියේ වාසිය දිනා පිතිකරණය තේරුවේය. තරගාවලියේ මුල් තරග දෙකම ජයග්‍රහණය කළේ පිතිකරණයේ යෙදුන කණ්ඩායමය.

පන්දුවට පහරදීමට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ස්ථාව වෙමින් පැවති පිතිකරණය මුලින්ම බිඳ දමන්නේ අසිරිමත් පන්දු රැකීමකිනි. තරගයේ හතරවැනි ඕවරය යවමින් සිටියේ අසිත ප්‍රනාන්දුය. අසිත ප්‍රනාන්දුගේ තුන්වන පන්දුවට ඊබ්‍රහීම් සද්‍රාන්  එල්ල කළ පහර බිම පෙරළී රැක ගන්නා අවිශ්ක ප්‍රනාන්දු පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ල වෙත කෙලින්ම පන්දුව එල්ල කරමින් ලබා ගන්නා දුවද්දී දවා ගැනීම මෑත වකවානුවේ සිදුකළ විශිෂ්ටම පන්දු රැකීමක් බව අන්තර්ජාතික විස්තර විචාරකයෝ කීහ.

22 හැවිරිදි ජවසම්පන්න  ඊබ්‍රහීම් සද්‍රාන් සිය එක් දින තරග දිවියේ තරග 31ක් තුළ දුවද්දී දැවී යෑමට හසුවන මුල්ම අවසථාව මෙයය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ  පන්දු රැකීමේ වික්‍රමය   නව පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන ගැනත් ඉහළින් කතා කරන්නට තේමාවක් සැකසිනි. ඒ වනවිට ලකුණු 39කට කඩුල්ලකි. පන්දු ඕවර 4.3කි.

එහෙත් උජාරුව ඊලඟ පන්දුවේ දීම සේදුනේය. අසිත ප්‍රනාන්දු එවූ කදිම පන්දුවකට පළවෙනි ස්ලිප්හි ක්‍රීඩා කළ චරිත් අසලංක අතට රහ්මනුල්ලා ගුර්බාස් විසින්  ලබාදුන් පහසු උඩපන්දුව ඔහු අතහැරියේය.  එම උඩපන්දුව රැක ගත්තා නම් ඇතිකළ හැකිව තිබූ පීඩනය පැහැදිලි විය.

එහෙත් ඒ  ලැබුණු ජීවිතයෙන්  ඒ තරම් ඉහළ ප්‍රතිඵලයක් ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් විසින් ලබා ගත්තේ නැත. ඔහු ලබා ගත්තේ ලකුණු 48කි. ඊට හයේ පහරක් සහ හතරේ පහර 06ක් ඇතුළත් විය. අකිල ධනංජයගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ගුර්බාස් දැවී ගියේය.

රහ්මට් ෂා ගේ පිතිකරණය…

ඉනිමේ හොඳම පිතිකරණය රහ්මට් ෂා ගෙනි. ඔහු පන්දු 77ක දී ලකුණු 65ක් ලැබුවේය. ඊට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

ඊලඟ අර්ධ ශතකය ලබන්නේ  අස්මතුල්ලා ඕමාර් සායි ය. ඔහු ලකුණු 54ක් ලැබුවේය. පන්දු 59කට මුහුණ දුන්නේය. එල්ල කර තිබුණේ හතරේ පහර 4ක් පමණි. අසිත ප්‍රනාන්දු යළිත් ක්‍රියාත්මක විය. අස්මතුල්ලාගේ කඩුල්ල කුඩු වී ගියේය.

ඉන් අනතුරුව යම් සාධාරණ ඉනිමක් ක්‍රීඩා කළේ  කඩුළු රකින ක්‍රීඩක ඉක්‍රාම් අලිඛිල් පමණි. ඔහු පන්දු 38ක දී ලකුණු 32ක් ලබා සිටිය දී දුනිත් වෙල්ලාලගේට ගොදුරු විය. ඒ පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.

අනෙක් එකම කීඩකයෙක්වත් ලකුණු 15 සීමාව ඉක්මවා ගියේ නැත. පන්දු ඕවර 48.2ක් තුළ ඇෆ්ගන් ඉනිම ලකුණු 266කට සීමා විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වික්‍රමය

චරිත් අසලංකගේ ගිලිහී ගිය උඩපන්දුව නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම මරුය. වේගපන්දු යවන්නන්ගේ ආගමනය බලාපොරොත්තු උපදවන්නේය. හසරංග වෙනුවට ඇතුළට දැමූ දුනිත් වෙල්ලාලගේ පන්දු යවන්නනට විශාල සහයෝගයක් නැති තණතීරුවේ වික්‍රමයක් කළේය.  මහීෂ් තීක්ෂණ එළියේ තබා කණ්ඩායමට කැඳවූ අඛිල ධනංජය මහීෂ් තීක්ෂණ එළියේම තැබීමට බල කරන පන්දු යැවීමක නිරත වූයේය.

මෑතක දී සනත් කීවේ ඔවුන් ක්‍රීඩා කරන වකවානුවේ දී එක තරගයකින් හෝ ඩ්‍රොප් වීමට බය හිතෙන බවය. ලෙජෙන්ඩ්ස්ලා නැති බවත්  තරගයක් හැලුනොත්  ඒ තැන ගන්නට හැකි සුපිරි වැඩ්ඩන්  එදා සිටි ආකාරයත්ය.  කණ්ඩායමේ රැඳී සිටිය යුතු නම් කොන්දේසි නැතිව උපරිමය ලබා දිය යුතු බවට වන අතීත තියරිය යළිත් ආදේශ වනු දැකීම නියමය.

මේ තරගයේ දී රිද්මය ගලිහී ගියේ ඩිල්ෂාන් මධුශංකගේ පමණි. ඔහු පන්දු ඕවර හය තුළ වයිඩ් පන්දු 04ක් දැම්මේය. එක් නෝ බෝල් පන්දුවක් දැම්මේය. ලකුණු 52ක් ලබා දුන්නේය.  ඔහුගේ මානසික ඒක්‍රග්‍රතාවය ගිලිහී ගොස් ඇති අයුරු පෙනුණි.

ප්‍රමෝද් මධුශාන් පන්දු ඕවර 8.2ක් යවා ලකුණු 45ට කඩුළු 03ක් බිඳහෙළුවේය. අසිත ප්‍රනාන්දු කැඳවූයේ අබාධයට ලක් වූ  දුෂ්මන්ත චමීර වෙනුවටය. ඔහු පන්දු ඕවර 9ක් යවා කඩුළු 02ක් ලබා ගත්තේය. අසිතගේ ආක්‍රමණශීලී මෙන්ම බුද්ධිමත් පන්දු යැවීම තමන් කණ්ඩායමේ සිටියම යුතු ක්‍රීඩකයෙක් බව ඔහු තහවුරු කළේය.  හසරංග වෙනුවට කැඳවූ දුනිත් වෙල්ලාලගේ සිය වගකීම නියමෙටම කළේය . පිතිකරුවන් මත දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දු යැවූ දුනිත් පන්දු ඕවර 10 තුළ ලබා දුන්නේ ලකුණු 38කි. කඩුළු 02ක් ලැබුවේය.

මහීෂ් තීක්ෂණ වෙනුවට කැඳවූ අකිල ධනංජය පන්දු ඕවර 10ක් යවා ලකුණු 54ට කඩළු 02ක් ලැබුවේය.

මුල් අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳටම කළේය. ඉතිරි කෑල්ල පිතිකරුවන් අතේය. ඇෆ්ගනිස්ථානය දැන් තරග කරන්නේ ලෝකයේ හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා සමග ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටින පන්දු ක්‍රීඩකයින් තිදෙනෙක් සමගය.

මේ වනවිට ශ්‍රී ලංකා ඉනිම අරඹී ඇත්තේය.  මේ ක්‍රිකට් අසිරිය වින්දනය කිරීමට ක්‍රීඩා ලොලී සහෘද ඔබට ඇරයුම් කරන්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩිල්ෂාන්ගේ වාර්තාව බිඳ දමා අංක එකට පැමිණි වයස්ගත ක්‍රීඩකයා… මොහොමඩ් නබී!

Next Post

සෙවනපිටිය දුම්රිය හරස් මාර්ගයේ දී 15 දෙනෙක් ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය නියමව සිටියදී සැඟව සිටි මනිමරු රියදුරු අත් අඩංගුවට…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.