අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පළමු දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 340ට කඩුළු 06යි….

ශ්‍රී  ලංකා කණ්ඩාය මේ දකුණු අප්‍රිකා සංචාරය...

by editor
දෙසැම්බර් 27, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සංචාරක ශ්‍රී  ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට් පාර්ක් හිදී ඊයේ (26) ආරම්භ වූයේය. මෙම තරඟයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය අවසන් වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 340ක් ලබා සිටියේය.

ඉනිම අරඹන ලද්දේ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා විසිනි. දිමුත් කරුණාරත්න ලකුණු 22ට හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 16කට දැවී ගියේය. තුන්වන කඩුල්ල ලෙස   කුසල් මෙන්ඩිස්ට සාර්ථක වන්නට ඉඩ ලැබුණේ නැත. ඔහු ලකුණු 12කට දැවී ගියේය.

කෙසේ වෙතත් මේ තරගයේ දී කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ ලකුණු 3000 පසු කළේය.  ටෙස්ට් ලකුණු  3000 සීමාව පසු කළ 14 වන ශ්‍රී ලාංකික පිතිකරුවා  කුසල් මෙන්ඩිස්ය.   තරගය ආරම්භ වනවිට ටෙස්ට් ලකුණු 3000 සම්පූර්ණ කිරීම සඳහා කුසල් මෙන්ඩිස්ට අවශ්‍යව තිබුණේ ලකුණු 05 ක් පමණයි. ඒ අනුව ඊයේ තරඟයේ දී රැස් කළ ලකුණු 12 ත් සමග කුසල් මෙන්ඩිස් ටෙස්ට් ලකුණු 3,007 ක් රැස්කර ගත්තේය. මේ ලකුණු ප්‍රමාණය රැස් කරගැනීමට ඔහු ටෙස්ට් තරඟ 45කට ක‍්‍රීඩා කර තිබිණි.  කුසල් මෙන්ඩිස් ශතක 07 ක් සහ අර්ධ ශතක 11 ක් ලංකාව වෙනුවෙන් රැස් කර ඇත.

කුසල් මෙන්ඩිස්ගෙන් අනතුරුව පිටියට එක්වූ ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 54 කට කඩුලූ 03 ක් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකා ඉණිම ශක්තිමත් කරමින් ලකුණු 131 ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූහ.  මේ අතර ආබාධයකට ලක් වූ ධනංජය ද සිල්වාට පිටියෙන් ඉවත් වීමට සිදු විය. ඒ වනවිට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 79 කි. ඉන් අනතුරුව සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් සිය ඉනිම ලකුණු 85කට නිමා කළේය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 284ක් ලබා සිටියේය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 49ක් ලබා සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට විආන් මෝල්ඩර් සමත් වූයේය. ලකුණු පුවරුවේ දිස් වූයේ ලකුණු 296ට කඩුලු 05ක් ලෙසිනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ වනවිට පිටියේ රැඳී සිට දසුන් ශානකට වනිඳු හසරංග එක් වූයේය. වනිඳු හසරංග ලංකාවේ 151 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගන්නට මේ තරගයේ දී සමත් වූයේය. එහෙත් ලකුණු 18ක් ලබා සිටිය දී වනිඳු හසරංග දවා ගැනීමට ලුතො සිපම්ලා සමත් වූයේය. ඒ වනවිට ශ්‍රි ලංකා කණ්ඩායම  ලකුණු 320ක් ලබා සිටියේය.

මුල් දිනයේ තරගය අවසන් වන විට  දසුන් ශානකට එක් වී සිටියේ කසුන් රාජිතය. දසුන් ශානක නොදැවී ලකුණු 25ක් හා කසුන් රාජිත නොදැවී ලකුණු 07ක් ලබමින් පිටියේ රැඳී සිටිති.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

පන්දු යැවීමේ දී ලුන්ගි න්ගිඩි, ලුතො සිපම්ලා, අන්රිච් නෝට්ජ්, එක් කඩුල්ල බැගින් ද, විආන් මෝල්ඩර් ලකුණු 68කට කඩුළු 3ක් ද ලබා ගත්තේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් රෝහලක් කිරීම වළක්වන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ…

Next Post

සේනා දළඹු උවදුර බැලීමට ජනපති   වගා බිමකට යයි.

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.