අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පරාදයි… උඹලා පිච් එක මැද දාන ජින්තුපිටියේ ඩාන්ස්  ක්‍රිකට් එපා කරන සුළුයි….

by editor
ඔක්තෝබර් 16, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ආයෙමත් පරාදය.  පන්දු ඕවර 50 තරගයේ දී අපි පන්දු ඕවර 43.3 ක පමණක්ල ක්‍රීඩා කර 209කට දැවි ගියේය. ඔස්ට්‍රේලියාව පන්දු ඕවර  35.2ක දී තරගය ඉවර කළේය. 

අප කඩුළු 05කින් පරාදය.

මෙවැනි හිඟන ගැහිල්ලක්  ගහන්න ජාතික කණ්ඩායමක් මොකටද කියා හිතෙන්නේය. ආරම්භක සම්බන්ධතාවය ලකුණු 125ක් වූ විට බැටින් පිච් එකක අනික් උන් හැත්තට තවත් ලකුණු 125ක් ගහනන්න බැරි කාලකණ්ණිකමට  ක්‍රිකට් කියා කියන්නට බැරිය.

කුසල් ජනිත් සහ පැතුම් නිශ්ශංක පිටියෙන් ගිය පසු ඊලඟ කෑල්ල හරියමට ඉන්දියා ශ්‍රී ලංකා ආසියානු කුසලාන අවසන් මහා තරගය වාගේය. උන් හරියට බැට්ස්මන්ලා නොව, මෙරු වාගේය. අවෝ… ගියෝ… පිතිකරුවන් 07ක් දැවී ගියේ ලකුණු 10ට පහළිනි.

තණතීරුවේ කිසිම ගැටලුවක් තිබුණේ නැත. ඒ බව කුසල් ජනිත්  සහ පැතුම් පෙන්නුවේය. ලකුණු 300ක් වුවද බේරා ගත නොහැකි තැනක තණතීරුව තිබුණේ.ය ආරම්භක පිතිකරුවන් යුගලය දැක්වූ සංයමයෙන් යුතු පිතිකරණ රිද්මය අනුව ලකුනු 325ක ලකුණක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම යනු ඇතැයි ජාත්‍යාන්තර විචාරකයෝ මුල් අවස්ථාවේ දී පුරෝකථනය කළහ.

එහෙත්  කුසල් ජනිත් ලකුණු 78කට සහ පැතුම් නිශ්ශංක ලකුණු 61කට දැවී ගිය පසු   ලකුණු 20 සීමාවට පැමිණියේ චරිත් අසලංක පමණි. චරිත් ලකුණු 25ක් ලැබුවේය. එච්චරය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

නැවුම් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 09කි. සධීර සමරවික්‍රම ලකුණු 08කි. ධනංජය ද සිල්වා ලකුණු 07කි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 2කි. චාමික කරුණාරත්න ලකුණු 02කි. මහීෂ් තීක්ෂණ ලකුණු ලැබුවේ නැත. ලහිරු කුමාර ලකුණු 04කට දැවි ගියේය. දිෂාන් මධුසංක ලකුණු නොලබා නොදැවී සිටියේය.

පන්දු ඕවර 21.4 දී පළමු කඩුල්ල ලෙස මුළු  ලකුණු  සංඛ්‍යාව 125 දී  පැතුම් නිශ්ශංක දැවී ගියේය. හරිම සතුටු හිතෙන්නේ පන්දු ඕවර 43.3 වනවිට ලකුණු 209කට සියල්ලන්ම දැවී යෑමය.

පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ටම  පන්දු යැවීම කරන්නේ දකුණතින් ලෙග් බ්‍රේක් පන්දු යවන ඇඩම් සම්ප්සාය . ඔහු ලකුණු 47ට කඩුළු 04ක් දවා ගන්නේය.  මිෂෙල් ස්ටාක් ලකුණු 43ට කඩුළු 2කි. පැට් කුමින්ස් ලකුණු 32ට කඩුළු 02කි. ග්ලෙන් මැක්ස්වෙල් අවසන් කඩුල්ල දවා ගත්තේය.

හඹා ගොස් ජයගත යුතු ලකුණක් අප ඕස්ට්‍රේලියාවට ලබා දී තිබුණේ නැත.  ආරම්භක පිතිකරු මිෂෙල් මාර්ස් පන්දු 51ක දී ලකුණු 52කි. මානස් ලබුස්චගන්  පන්දු 60ක දී ලකුණු 40කි. ජොෂ් ඉන්ගිලිස් පන්දු 59ක දී ලකුණු 58කි.

ග්ලෙන් මැක්සවෙල් ලකුනු 31ක් සහ මාර්කස් ස්ටොන්ස් ලකුණු 20ක් ලබාගෙන නොදැවී තරගය නිමා කළහ.

ඩිෂාන් මධුසංඛ විසින් තරගයේ 3වන ඕවරයේ 1 පන්දුවේ දී සහ 6වැනි පන්දුවේ දී  ලකුණු නොදී කඩුළු 02ක් ලබා ගෙන යම් තරගයක් ඔස්ට්‍රේලියාවට එරෙහිව නිර්මාණය කළේය. දවා ගත් කඩුළු 05න් තුනක් ඔහුගේය. ඩිල්ෂාන් මධුසංක ලකුණු 38ක් පමණක් දී එම කඩුළු 03 ලැබුවේය.

එක් කඩුල්ලක් ලකුණු 53කට දුනිත් වෙල්ලාලගේ ලබා ගත්තේය. ආරම්භක පිතිකරු මිෂෙල් මාර්ෂ් දුවද්දී දැවී ගියේය.

දැන් අපේ රටේ ක්‍රිකට්වලට ආදරය කරන හැම එකාටම සිදුවන දේ වැටහෙමින් තිබේ.  මේ ක්‍රිකට් නම් සුද්ද කළ යුතුය. ක්‍රිකට් ඇතුළේ සූදු කෙළින ක්‍රිකට් පාලක මණ්ඩලය පමණක් නොව, බොරුවෙන්ම ගේම ගහන මහේල ජයවර්ධනගේ සිට මේ පුහුණුකරුවන්, තේරීම් කමිටු, ඇතුළු සියල්ලන්ම සුද්ද කළ යුතුය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඒ නොවන තාක් මේ ක්‍රිකට් වලට වඩා මළ ගෙවල්වල බූරු ගහන එක හොඳය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රියා සූරියසේනගේ නිවසේ තාප්පය යාබද ප්‍රාථමික පාසලේ වැසිකිළියකට කඩා වැටී 09 හැවිරිදි දරුවෙක් රෝහලේ…

Next Post

රෝගියා සමග කතා කර කර ඔහුට චිත්‍රත් අඳින දෙන ගමන් මොළයේ සැත්කමක් කළ හැටි… රෝගියා පසුදින ගෙදර යයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.