-
අවස්ථා හතරක දී අබලන් තාප්පය හදා ගන්න කිව්වා… බැරිම තැන ග්‍රාමසේවක හරහා දැන්නුවා…. ඒත් ඒ සියලු දැනුම් දීම් පැහැර හැරියා… විදුහල්පති කියයි!
නාවින්න විජයරාම ප්‍රදේශයේ පදිංචි ප්‍රවීන ගායක ප්‍රියා සූරියසේනගේ නිවසේ තාප්පය නිවසට යාබදව පිහිටි ප්‍රාථමික විද්‍යාලයේ වැසිකිළියක් මතට අද පස්වරුවේ කඩා වැටීම හේතුවෙන් එම පාසලේ අධ්‍යාපනය ලබන 09 හැවිරිදි ශිෂ්‍යයෙක් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග පවසා ඇත්තේ දරුවාගේ කොඳු ඇට පෙළට තුවාල සිදුවී ඇතැයි උපන් සැකයෙන් පරීක්ෂණ කටයුතු කරගෙන යන බවය.
මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් පාසලේ විදුහල්පතිවරයා පවසා ඇත්තේ තාප්පය අබලන් තත්ත්වයේ පැවතුන බැවින් අදාල පියවර ගන්නා ලෙස ප්‍රියා සූරියසේන වෙත අවස්ථා කීපයක දී දන්වා සිටියත් ඔහු එය පැහැර හැරිය බවය.
අවසානයේ දී ප්‍රදේශයේ ග්‍රාමසේවකවරයා මාර්ගයෙන් ද මේ සම්බන්ධව මෙම ගායකයාට දැනුම් දුන්න ද ඔහු ඒ තත්ත්වයත් නොසලකා හැර තිබුණ බව විදුහල්පතිවරයා පෙන්වා දුන්නේය.