අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා නියුට්‍රල් අම්පයර්

ක්‍රීඩා පනත අයාලේ යවන නල්ලමලේ “ඇඩ්වයිසර්“ ලා… කණ්ඩායමට තවම පුහුණු කරුවෙක් නෑ…

by editor
මාර්තු 31, 2022
in නියුට්‍රල් අම්පයර්
Share on FacebookShare on Twitter

neutral-ampayerලංකාවේ ක්‍රිකට් නම් මාරය. ආණ්ඩුවත් මාරය. මේ දෙකම දුවන්නේ එකම ආකාරයටය.

ආණ්ඩුවට දැන් වැලේ වැල් නැති ගාණට ක්‍රිකට් වලටද වැලේ වැල් නැතිය.

ආණ්ඩුවට සල්ලි නැති වුණත් ක්‍රිකට් වලට නම් සල්ලි තිබේය.

ආණ්ඩුවට නිසි කළමනාකරණ දැක්මක් නැතිවාක් මෙන්ම ක්‍රිකට් වලටද කළමනාකරණයක් නැති ගාණය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දෙකටම ඇඩ්වයිසර්ලා නම් වැහි වැහැලාය. ඒත් උන්ගෙන් සත පහක වැඩක් වන බව නම් පෙනෙන්නට නොමැත.

ක්‍රිකට් වලට ඇඩ්වයිසර්ලා පත් කළේ ක්‍රීඩා ඇමති නාමල් ය.

ක්‍රිකට් ආයතනයේ ලක්ෂ ගණන් පඩි ගන්නා අය පනහක් විතර ඉඳිද්දී මොවුන් පත් කළේ ස්වෙච්චාවෙන් වැඩ කිරීමටය.

අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් මේ ඇඩ්වයිසර් කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ  සංගක්කාර,ටොම් මූඩි, මුරලිදරන් හා කෑරගලයි. ( කෑරගල වැන්නෙක් මේ නම් ලැයිස්තුවට එක්වුණේ කොහොමදැයි ගැටලුවකි.)
මීට කලකට පෙර රොෂාන් මහනාම ඉල්ලා අස් වුණේය.

මේ සියල්ලටම උඩින් සිටිමින් මොවුන්ටද ඇඩවයිස් කරන්නේ මහේලය. ඒ ඔහු ජාතික ක්‍රීඩා සභාවේද සභාපති නිසාය.

ජාතික ක්‍රීඩා සභාවේ ඉන්නවා නම් ජාතික ක්‍රීඩා සංගමයක හෝ ක්‍රීඩා සමාජයක තනතුරක් හෝ වැටුපක් ලබා ගැනීමත් පුහුණුකරුවකු ලෙස සේවය කිරීමත් සපුරා තහනම් ය.

ඒත් මහේල ක්‍රිකට් ආයතනයේ මසකට ඩොලර් 18,000 ක වැටුපක් ගන්නා ගමන් මුම්බායි ඉන්දියන් පිලේ පුහුණුකාරිත්වයත් SSC ක්‍ර්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිත්වයත් දරන්නේය.

ක්‍රීඩා ඇමතිවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔතරම් ක්‍රීඩා පනත උල්ලංඝනය කෙරෙන දේවල් කරන්නට තරම් මහේල වාසනාවන්තය.

අපේ ක්‍රිකට් සංවර්ධනය කරන්නට වසරකට කෝටි ගණනක දීමනාවක් ලබන ටොම් මූඩිත්, ඇඩ්වයිසර් කමිටුවේ සංගක්කාරත්, මහේලත්,මුරලිත් මේ වෙන කොට ඉන්දියාවේය. ඒ අයිපීඑල් කණ්ඩායම් පුහුණුකරන්නටය.

ඒ අනුව අපේ රටේ ක්‍රිකට් ඇඩ්වයිස් කරන්න ඉතුරු වී ඇත්තේ අරවින්දත්, කෑරගලත් පමණක් ය.

මහේල අයිපීඑල් වලින් පසු එංගලන්ත තරගාවලියකට එංගලන්තයටද යන්නේය.

එහෙත් මහේලලාගේ ඇඩවයිස් අනුව මෙතෙක් පැවති දින වකවානු වෙනස් කළ අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් තරගාවලිය ගහන්නේ අවුරුද්ද මැද නිසා එංගලන්ත ලීග් ගහන්න යන ක්ලබ් ක්‍රීඩකයන්ට දැන් එංගලන්තයට යන්නට බැරිය.

මේ තරම් ඇඩ්වයිසර්ලා සිටියදී හොඳම වැඩය නම් මාස හතරක් තිස්සේ අපේ රටේ ජාතික කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙක් නොමැති වීමයි.

මිකී ආතර්ගේ කොන්ත්‍රාත්තුව ඉවර වුණේ පසුගිය දෙසැම්බර මාසයේය.

ඒ බව දැන ගෙන සිටියේ නම් මිකීගේ සේවය දීර්ඝ කරන්නට බලාපොරොත්තු නොවූයේ නම් ( මිකී නම් තව දුරටත් සේවය කරන්නට කැමැත්තෙන් සිටියේය) පුහුණුකරුවකු සොයන්නට තිබුණේ ගිය අවුරුද්ද මැද සිටය.

මිකී ඉවත් වීමෙන් පසු මේ දක්වා ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ , ඕස්ට්‍රේලියා හා ඉන්දීය තරගාවලි තුනකට සහභාගි වුණේ නිත්‍ය පුහුණුකරුවකු හෝ කළමනාකරුවකු නොමැතිව ය.

පතෝල කරලක් වැනි රොමේෂ් රත්නායක වැනි පුහුණුකරුවකු දිගින් දිගටම තාවකාලික පුහුණුකරු හැටියට කටයුතු කළ මේ තරගාවලි තුනෙන් සිම්බාබ්වේ තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තත් ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරගාවලිය තරග 4-1 ලෙසත් ඉන්දීය ටෙස්ට් තරගාවලිය තරග 2-0 ලෙසත් පරාජයට පත් වුණේය

ඉන්දියාවේ ටෙස්ට් තරග දෙකම දින තුනකින් අවසන් වූයේ අන්ත පරාජයක් අත් කරදෙමින් ය.

තරගයක් දිනපු ගමන් ලකුණු දමා ගන්නා ක්‍රීඩා ඇමතිවරයාද මීක් නොමැත්තේ ඔහු විසින්ම පත් කරන ලද ඇඩ්වයිසර් කමිටුව නා ගන්නා අයුරු බලා සතුටු වන්නටදැයි සාධාරණ සැකයක් පැණ නැගෙන්නේය.

ඉදිරියේ ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයේ සංචාරයකට යන්නට නියමිතව ඇතත් තවමත් ඇඩ්වයිසර් වරු පුහුණුකරුවකු සොයමින් ඉන්ටර්වීව් පවත්වමින් සිටිනු පෙනෙයි.

ඔවුන් හඹා යන්නේද වෙනත් රටවලින් එලවා දැමුවන් පස්සේ වීමත් විශේෂ සිද්ධියක්.

නියුට්‍රල් අම්පයර්

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලිය සහ ඩීසල් නෑ…  දැඩි සත්කාර ඒකක හදිසි ප්‍රතිකාර නවතී… මාවනැල්ල රෝහල මුලුමනින්ම අකර්මන්‍ය වේ…

Next Post

ආණ්ඩුව සමග කන දීගය ගැන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද තීරණාත්මක සාකච්ඡාවක…

Related Posts

නියුට්‍රල් අම්පයර්

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

නොවැම්බර් 30, 2024
නියුට්‍රල් අම්පයර්

නම් මාර්කට් කළත් ගමට සෙතක් නැති LPL ක්‍රිකට් කෙරුවාව!

ජූලි 3, 2024
ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

ඔක්තෝබර් 11, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.