අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා නියුට්‍රල් අම්පයර්

ඇත්තම කැප්ටන් කූල්…

by editor
මැයි 30, 2023
in නියුට්‍රල් අම්පයර්
Share on FacebookShare on Twitter

neutral-ampayer

මහේන්ද්‍ර සිං දෝනි දැන් 41 හැවිරිදිය. මේ දිනවල තමිල් නාඩුවේ පමණක් නොව සමස්ත ඉන්දියාවේත් ලංකාවේත් ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුය.

මෙවර දෝනි ජනප්‍රිය වූයේ ඔහුගේ සුපුරුදු හයේ පහරවල් හෝ හෙලිකොප්ටර් ෂොට් නිසා නොවේය.

තැන්පත් පුද්ගලයකු ලෙස ප්‍රකට දෝනි මෙවර මේ ජනප්‍රියත්වය හිමි කරගත්තේ අයිපීඑල් 2023 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චෙන්නායි පිලට නායකත්වය සැපයූ විලාශය නිසාය.

චෙන්නායි පිල නියෝජනය කළ ලංකාවේ පොඩි උන් දෙදෙනා වන මහේෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ ගැන ලංකාවේ පුහුණුකරුවන් හෝ නායකයන්ටත් වඩා විශ්වාසය තැබූ දෝනි ඔවුන්ගේ විශ්වාසනීයත්වය නංවාලීම සඳහා ඔවුන් හැමවිටම දිරිමත් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලසිත් මාලිංග පන්නයේ පන්දු යවන 20 හැවිරිදි වියේ පසුවන මතීෂ ලොව පුරා අවධානයට ලක් වන පරිදි ඔප දමා ඉදිරියට ගෙනාවේ දෝනි මිස මතීෂගෙන් ලකුණු දාගන්නට වෙර දරණ අපේ ලෝකල් අයියලා නොවේය.

ඉන්දියානු පිල මෙහෙය වූ නායකයන් අතර දෝනි සුපිරිතමයා විය. ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියාව දිනා නොගත් කුසලානයක් නොමැති තරම්‍ ය. චෙන්නායි පිලේත් සුපිරිතම නායකයා දෝනි ය.

දෝනිගේ විශේෂත්වය නම් කිසි විටෙක පීඩනයක් හිස මතට නොගැනීමයි. හැමවිටම ඔහු සන්සුන් ය.

තරගයේ කුමන අවස්ථාවක වුවත් දෝනි කලබල නොවෙයි. ලෙහෙසියෙන් තරහ නොයයි.

තම පන්දු යවන්නන්ට පිට පිට හයේ පහර ගැසුවත් පන්දු රකින්නන් උඩ පන්දු අත හැරියත් දෝනි දෝනි මය. වෙනසක් නැත.
ඔහුට කැප්ටන් කූල් කියන්නේ එනිසාය.

අර්ජුන රණතුංගත් කලක් කැප්ටන් කූල් ලෙස හැඳින්වුවත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කිවහොත් ඒ දෝනි ය.

දෝනි ඉන්දීය පිලට ලෝක ශූරතාව දිනා දීම තෙක් ඔහුගේ ජීවිත කතාව අලලා නිපදවන ලද ” දෝනි- අන් ටෝල්ඩ් ස්ටෝරි” චිත්‍රපටය මෙන්ම එහි දෝනිගේ චරිතය කදිමට නිරූපනය කළ සුසාන්ට් සින්ග් රාජ්පුට් ද අතිශයින් ජනප්‍රිය විය.

චෙන්නායි පිල ශූරතාව දිනූ විගස පිටියට පිවිසුණු ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු හා ළමුන් අතර දෝනිගේ බිරිඳ හා දුවත් කැපී පෙණින. ඒ ඔවුන්ද දෝනි මෙන්ම චාම්ව හැඳ පැළඳ සිටි සරල අය වීම නිසයි.

අද කාලයේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටද ඉහළින්ම ආදර්ශයක් ගත හැකි මහේන්ද්‍ර සිං දෝනි ගේ ජීවිත කතාවේ දෙවෙනි කොටසත් චිත්‍රපටයකට නැංවීමට මේ කාලයයි.

එහෙත් එහි දෝනිගේ චරිතය නිරූපනය කරන්නට සුසාන්ට් සින්ග් අද ජීවතුන් අතර නැත.

එහෙත් එය දෝනිටම රඟපෑමට හැකි බවට සැකයක් නොමැත.

නිහතමානිත්වයේ හා සරල බවේ ප්‍රතිමූර්තියක් බඳු කැප්ටන් කූල් දෝනි හෙවත් කිංග් දෝනි කෙනෙකු වන්නට අපේ ක්‍රීඩකයනුත් උත්සාහ කළ යුතු වන්නේ යම්තම් තරග කිහිපයක් ගසා හිස උදුම්මවාගෙන ඉක්මනින්ම පිටියෙන් අතු ගෑවී යන ක්‍රීඩකයන් ඕනෑ තරම් අප දැක ඇති නිසාය.

නියට්‍රල් අම්පය

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ අපරාධ කොට්ඨාසය බොරැල්ලේ ඝාතකයා සොයයි… ඔහු රාත්‍රී සාමජ ශාලා කළමණාකරුවෙක්!

Next Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂ දෙදින නිල සංචාරයක…

Related Posts

නියුට්‍රල් අම්පයර්

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

නොවැම්බර් 30, 2024
නියුට්‍රල් අම්පයර්

නම් මාර්කට් කළත් ගමට සෙතක් නැති LPL ක්‍රිකට් කෙරුවාව!

ජූලි 3, 2024
ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

ඔක්තෝබර් 11, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.