අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නින්දාසහගත ටයිම් අවුට් දවා ගැනීම… මගේ අවුරුදු 15ක ක්‍රිඩා දිවියේ  කණ්ඩායමක් මේ තරම් නින්දිත පහත් තත්ත්වයට වැටෙනු දුටු පළමු අවස්ථාව මෙයයි – මැතිව්ස් කියයි!

by editor
නොවැම්බර් 7, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter
  • ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලිදේශ කණ්ඩායමට ආචාර කිරීම ප්‍රතික්ෂේප කරති… ක්‍රීඩාව ගරු නොකරන, අපට ගරු නොකරන අය තවත් අපෙන් ඉලන්නේ මොනවාද?. මැතිව්ස් විමසයි…

නින්දාසහගත “ ටයිම් අවුට් දවාගැනීම “ ගැන මේ මොහොතවනවිට ලෝකයේ සියලුම ක්‍රීඩා ලෝලීහු කතා කරමින් සිටිති.

මැතිව්ස්  පැරිණි ට්විටර් හෙවත් වත්මන්  X  සමාජ ජාලයේ ප්‍රකාශයක් කරමින් ඊයේ  පැවසුවේ මෙසේය.

විනිසුරුවරුන්ට කරන පැහැදිලි කිරීම….

“ 4 වැනි විනිසුරුට මෙතන වැරදියි! වීඩියෝ සාක්ෂි පෙන්නුම් කරන්නේ හෙල්මට් එක දුන්නට පස්සෙත් මට තව තත්පර 5ක් තිබුනා කියලයි! කරුණාකර 4 වැනි විනිසුරුට මෙය නිවැරදි කළ හැකිද? මම කිව්වේ ආරක්ෂාව ප්‍රධානයි මොකද මට හෙල්මට් නැතුව පන්දු යවන්නාට මුහුණ දෙන්න බැහැ. “

4th umpire is wrong here! Video evidence shows I still had 5 more seconds even after the helmet gave away! Can the 4th umpire rectify this please? I mean safety is paramount as I just couldn’t face the bowler without a helmet

— Angelo Mathews (@Angelo69Mathews) November 6, 2023

අනතුරුව ලෝක ඉතිහාසයේ පළමු වරට කාලය ඉකුත් වී , එකම පන්දුවක්වත් ක්‍රීඩා නොකර දැවී ගිය ක්‍රිඩකයා ලෙස ඊයේ ඈන්ජලෝ මැතිව්ස් ලෝකය ඇමතුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔහු අතිශයින්ම වෘත්තීයභාවයකින් යුතුව තමන් මුහුණ දුන් සිද්ධිය සහ ඒ පිළිබඳව වූ  සිය ස්ථාවරය ලෝකය හමුවේ ප්‍රකාශ කළේය.

“”මම කිසි දෙයක් වැරදියට කලේ නෑ. මට මිනිත්තු දෙක්ක තිබුණා ක්‍රීස් එකට යන්න.  මම ඒක කළා. ඒ අතර තමයි උපකරණවල දෝෂයක් පැමිණියේ.” ඔහු පෙන්වා දුන්නේය.

“මේ හැසිරිම පැහැදිලිවම ෂකීබ් සහ බංග්ලාදේශ කණ්ඩායම නින්දාසහගත තත්ත්වයට පත් කලා.  ඔවුන්ට මේ ආකාරයෙන් කඩුලු දවා ගැනීමට අවශ්‍යනම්  එතන විශාලා වැරැද්දක් සිද්ධවෙලා තියනවා.  “ මැතිව්ස් කිවේය.

කැඩි ගිය හිස් ආවරණ පටිය දක්වමින්…

“බංග්ලාදේශය ක්‍රීඩා කරපු විදිහ හරිම බලාපොරොත්තු සුන්කරනසුලුයි..  සිතා මතා කාලය නාස්ති කරමින්  පිටිය තුළ බාධා ඇතිකළා නම් ප්‍රශ්නයක් නැහැ මෙය තේරුම් ගත යුතුයි. විනාඩි දෙකක් ඇතුළත මම ක්‍රීස් එකේ හිටියා, මම ක්‍රීස් එකේ ඉද්දි තමයි මගේ හෙල්මට් එක කැඩිලා ගියේ. විනිසුරුවරු මේක දැක්කා. මට තව තත්පර පහක් ඉතුරු වෙලා තිබුණා.

“මම හෙල්මට් එක පෙන්නුව   විනිසුරුවන්ට. ඔවුන් කිව්වා බංගලාදේශ කණඩායම දැවී යෑම සම්බන්ධව ඉල්ලීමක් කළ බව.   ඉතින් මම ඇහුවා මගේ විනාඩි දෙක ගියේත් නෑ… කොමන් සෙන්ස් නැත්තේ ඇයි කියලා.”   මැතිව්ස් කීවේ ඒ අවස්ථාව ඔහුට පැහැදිලි කිරීමට වචන නැති බවය.

“මට ඒක පැහැදිලි කරන්න වචන නැහැ. මගේ අවුරුදු 15ක ක්‍රීඩා කාලය තුළ මම කවදාවත් කණ්ඩායමක් හෝ ක්‍රීඩකයෙක් මෙතරම් පහත් තත්ත්වයකට වැටෙනු දැකලා නැහැ.”

“අවාසනාවකට  හිස් ආවරණයේ පටිය කැඩුණේ බංගලාදේශ එරෙහි තරගයේ දි.    මම හිතන්නේ නැහැ  ලෝකයේ වෙනත් කණ්ඩායමක් මේ වගේ අවස්ථාවක මේ විදිහට හැසිරෙයි   කියලා, මොකද ඒක  ඉතා නිශ්චිතව පෙනෙන ආකාරයට    උපකරණ දෝෂයක්.  එය ක්‍රීඩකයෙක් ලෙස මගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්.    මම දන්නවා මම හෙල්මට් එකක් නැතුව. පන්දු යැවීමට මුහුණ දෙන්න බැහැ.”

මතභේදාත්මක තත්ත්වය හමුවේ ෂකීබ් පිළිබඳ ඔහුගේ අදහස වෙනස් වූ බවත්  මැතිව්ස් පැවසීය.

“අද වනතුරුම මම ඔහුට සහ බංග්ලාදේශ කණ්ඩායමට උපරිම ගෞරවයෙන් සැලකුවා,” මැතිව්ස් පැවසීය.

“ඔයාලා හැමෝම ක්‍රීඩා කරන්නේ දිනන්න. ඒක නීති රීති ඇතුලේ නම් පැහැදිලිවම හොඳයි. නමුත් අද මගේ සිද්ධියේදී විනාඩි දෙකක් ඇතුළත මම පැහැදිලිවම ඒ නීති රාමුව ඇතුළෙ හිටියා. අපි ළඟ වීඩියෝ සාක්ෂි තියෙනවා, මා මෙතෙන්ට ඇවිත්  එක එක දේවල් කියවනවා. මම සාක්ෂිත් එක්කයි කතා කරන්නේ. මුළු සිද්ධිය ඇතුළෙම මට  තප්පර පහක් ඉතිරි වෙලා  තියෙනවා.”

ඔහුගේ හිස්වැසුම් පටිය කැඩී ඇති බව මැතිව්ස් ඔවුන්ට සහ ෂකීබ්ට පැහැදිලි කිරීමෙන් පසු ඔහු දැවී යෑම සම්බන්ධව කළ ඉල්ලීම  ඉල්ලා අස්කර ගැනීම සඳහා විනිසුරුවරු ෂකීබ්ට අවස්ථාව ලබා දුන්හ. නමුත් ෂකීබ් එය කළේ නැත. මැතිව්ස් ඒ සම්බන්ධව බව පැහැදිලි කළේය.

කරුණු පැහැදිලි කළත් වැඩක් නැති හැටි…

“ඔව්, ෂකීබ්ට තමන් කළ ඉල්ලීම ඉල්ලා අස් කරගැනීමේ  විකල්පය තිබුණා. මෙය කාලය නාස්ති කිරීමක් නොවන බව ඔහු දැන සිටියා.   මගේ කාලය තුළ මා සිටියා. මම කාලය නාස්ති කිරීමට හෝ ඉන් වාසියක් ලබා ගැනීමට උත්සාහ කළේ නෑ…”

ශ්‍රී ලංකා කණ්ඩායම ද තරගයෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායමට අතට දෙන්නට ක්‍රිඩාගාරයේ ප්‍රවේශය වෙත පැමණියේ නැත.

මැතිව්ස් සිය කණ්ඩායමේ මෙම ප්‍රතික්ෂේප කිරීම පැහැදිළි කළේය.

“අපිට ගරු කරන මිනිස්සුන්ටයි අප  ගරු කරන්න ඕනේ”.  ඔවුන් ක්‍රීඩාවට ගරු කළ යුතුයි.”

ෙ” විනිසුරුවරු ඇතුළුව  අපි හැමෝම මේ ලස්සන ක්‍රීඩාවේ තානාපතිවරු, . ඔබ අනෙකාට ගරු නොකරන්නේ නම් සහ ඔබේ සාමාන්‍ය බුද්ධිය භාවිතා නොකරන්නේ නම්, ඔබට තවත් කුමක් ඉල්ලා සිටිය හැකිද?”

ලෝකයේ පලමු ටයිම් අවුට් දැවී යෑමෙන් පසු….

මැතිව්ස් අසන්නේය.  අප දැන් ලෝක කුසලානයෙන් දැන් විසිවී ඇත.  අපට ක්‍රිකට්වල නැතිවන්නට දෙයක් ද නැත. යන්තම් හෝ ඉතිරිව ඇත්තේ ක්‍රීඩාවේ දී බංගලියන්ට වඩා අප සතුව ඇති ක්‍රීඩාවේ අධ්‍යාත්මික ශික්ෂණය ය.  කුසල් මෙන්ඩිස් වැනි නායකත්වය පෞරුෂයක් රහිත සිඟිති ආතල්කාර ගොබ්බයෙක් නායකත්වයට පත් කර ජාත්‍යාන්තරය ඉදිරියේ   ඒ කෑල්ලත් විනාශකරගන්නට හදන බව මේ තරගාවලියේ දී අත්දුටුවෙමු. කුසල් මෙන්ඩිස් නායකයා කිරීමේ සිහිනය දුටු ප්‍රධානම  පුද්ගලයා මහේල ජයවර්ධනය. ඒ ගැන වෙන යමක් කියන්නේ නැත. මහෙල ගොනෙක් නොවන බව නම් සහතික කර ප්‍රකාශ කළ හැකිය.

යමෙක් විසින් මේ බාරගෙන  ඇත්තේ යම් කොන්ත්‍රාත්තුවක් නම් ඒ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ මළමිනිය භූමිදානය කිරීමේ ව්‍යාපෘතිය බව සංවේගයෙන් ලියා තබමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රිකට් අවුල ලිහන්න කැබිනට් මණ්ඩලයෙනුත් අනු කමිටුවක්… සභාපති  විදේශ ඇමති අලි සබ්රි… ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ කමිටුවේ නෑ…

Next Post

යාපනයේ වැලි ජවාරම්මු පොලිසියට වැලි ගසා පලා යති!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.