සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

ක්‍රීඩකයන් සිව් දෙනෙක් ආබාධයට ලක් වෙලා... ආබාධයක් නිසා සුරංග ලක්මාල් මුල් තරගයට එක් වුනේ නෑ....

by editor
දෙසැම්බර් 30, 2020
in ක්‍රීඩා
Cricket - ICC Cricket World Cup - Sri Lanka Press Conference - Emerald Headingley, Headingley, Britain - June 20, 2019  Sri Lanka's Dimuth Karunaratne during the press conference  Action Images via Reuters/Lee Smith

Cricket - ICC Cricket World Cup - Sri Lanka Press Conference - Emerald Headingley, Headingley, Britain - June 20, 2019 Sri Lanka's Dimuth Karunaratne during the press conference Action Images via Reuters/Lee Smith

Share on FacebookShare on Twitter

දකුණු අප්‍රිකාව සමග සෙන්චුරියන් හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 45 කින් පරාජය වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනකු පමණක රෝගී වීමෙන් දෙවැනි ටෙස්ට් තරගයට ඇති ගැටලු හැකි ඉක්මනින් විසඳා ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

“දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට දින හයක් තියෙනවා. නායකයකු ලෙස මම කණ්ඩායමට දෙන පණිවුඩය තවමත් තරගාවලිය අවසන් නැති බව. අපිට තවත් ක්‍රීඩකයන් ඉන්නවා. නායකයකු වශයෙන් මම උත්සහ කරන්නේ කණ්ඩායම එකට තබා ගැනීමටයි. අපිට තියෙන ගැටලු සම්බන්ධයෙන් බොහෝ සංවාද තියෙනවා. නමුත් දෙවැනි ටෙස්ට් තරගයට පෙර සියලු දේ විසඳා ගත යුතුයි.” යනුවෙන් දිමුත් කරුණාරත්න පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා,  කසුන් රාජිත, ළහිරු කුමාර, වනිඳු හසරංග සහ දිනේෂ්  චන්දිමාල් පළමු දින තුන ඇතුළත ආබාධවලට ලක්විය. සුරංග ලක්මාල්ද ආබාධයක් හේතුවෙන් පළමු තරගයේදී විවේක ගන්වන ලදී. ක්‍රීඩකයන් බහුතරයක් ලෙඩ වීමෙන් කණ්ඩායම හැසිරවීම පහසු නොවන බව ශ්‍රී ලංකා නායකයා පවසයි.

“නායකයකු වශයෙන් එවැනි තත්ත්වයකදී කණ්ඩායම පාලනය කිරීම මට පහසු වුණේ නැහැ. මෙවැනි තත්ත්වයකදී පන්දු යවන්නන් නොමැති නිසා තුන් ඉරියව් ක්‍රීඩකයකු වු දසුන් ශානකට විශාල පන්දුවාර සංඛ්‍යාවක් යැවීමට සිදු වුණා. අපේ ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනාම තුවාල වු නිසා තමයි එසේ වුණේ.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජොහැනස්බර්ග් හිදී ලබන 3 වැනිදා ආරම්භ වේ. එම තරගයට ධනංජය ද සිල්වා, ළහිරු කුමාර සහ කසුන් රාජිතට සහභාගි වීමට නොහැකි අතර සුරංග ලක්මාල් මේ වන විටත් සුවය ලබා ඇති බව වාර්තා වේ. මීට අමතරව ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දුද ආබාධයක් හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහුද ජොහැනස්බර්ග් හී ඇරඹෙන ටෙස්ට් තරගයේදී කණ්ඩායමට එකතුවීමට නියමිතව ඇත.

දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රී ලංකා සංචිතයේ සිටින ලසිත් ඇඹුල්දෙණිය, දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුටද දෙවැනි ටෙස්ට් තරගයේදී අවස්ථාවක් හිමිවීමට වැඩි අවස්ථාවක් පවතී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලිය් වන මෙහිදී දෙවැනි තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ නැගීමට අවස්ථාවක් වුවද ආබාධ සම්බන්ධ ගැටලු ඊට පෙර විසඳා ගත යුතුව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ කොවිඩ් මරණ 01යි… ආසාදිතයන් 453යි…

Next Post

ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත් මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.