සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දැනට තරග 02යි… තරග දෙකම ලෝක වාර්තා තබා පරාදයි… රටේ අනෙක් දේ දරාගන්නා උපේක්ෂාවෙන්ම ක්‍රිකට් දරා ගන්න හුරු වෙන්න…

by editor
ඔක්තෝබර් 10, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ජයග්‍රහණයක් පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ බලාපොරොත්තු ගිලිහී ගියේය. අඩසියවසකට ආසන්න ඉතිහාසයක් සහිත එක්දින ලෝක ශූරතා ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළ කණ්ඩායම ලෙස පකිස්ථාන කණ්ඩායම අද ලෝක වාර්තාවක් තැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 344ක ඉලක්කය පන්දු ඕවර 48.2ක දි ඉක්මවා යන්නට පකිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ. ඔවුන්ගේ දැවී ගියේ කඩුළු 04ක් පමණි. අප කඩුළු 06කින් පරාදය.

ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆිකිව් පන්දු 103ක් තුළ ලකුණු 113ක් ලැබුවේය. ඊට හතරේ පහර 10කි. හයේ පහර 03කි.

විශිෂ්ටම ඉනිම ක්‍රිඩා කළේ මොහොමඩ් රිස්වාන්ය. ඔහු සිය එක්දින තරග ඉතිහාසයේ වැඩිම   පුද්ගලික ලකුණු ප්‍රමාණය අද වාර්තා කළේය. ඔහු නොදැවී ලකුණු 131ක් ලැබුවේය. ඒ පන්දු 121ක් තුළදී ය. ඊට හතරේ පහර 08ක් සහ හයේ පහර 03ක් ඇතුළත් වූයේය. ඔහු කඩුළු අතර වේගවත් දිවීම ලකුණු රැස් කරගැනිමේ ප්‍රධානම උපාය කර ගත්තේය.

තරගයේ වීරයා මොහොමඩ් රිස්වාන්ය.  පන්දු 48.2ක දී පකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 344 ඉලක්කය ඉක්මවා ගියේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 344ක ඉලක්කයක් ලබා දීම අප කා තුළත් යම් බලාපොරොත්තුවක් ඇති කළ බව කිවමනාය.

ශ්‍රි ලංකා ඉනිම

කුසල් මෙන්ඩිස් නැවතත් පිටිය වර්ණවත් කළේය. ඔහු ශතකය ලබා ගත්තේ පන්දු 65ක් තුළය. සධීරත් මනරම් ශකතයක් සහිතවය. එය අන්තර්ජාතික එක්දින තරගයක දී ඔහු ලබා ගන්නා   මංගල ශතකය ය.

අත්දැකීමවලින් බර නිසා කණ්ඩායමට එක් කළ කුසල් ජනිත් මේ තරගයේ දීත් ෆේල්ය. ඔහු ලකුණු නොලබා දැවී යන්නේය. මුහුණ දෙන්නේ පන්දු 03කට පමණි. උරහිසේ ආබාධයෙන් පුහුණු තරගයේ දී ඉවත් වූ අවස්ථාවේ සිට ඔහු ක්‍රීඩා කරන්නේ  මානසික ඒකාග්‍රතාවයක් රහිත තමන් ගැනම විශ්වාසයක් නැති ක්‍රීඩකයෙක් ලෙසය.

එහෙත් ශ්‍රි ලංකා කණ්ඩායම වර්ණවත් පිතිකරණය නිරත වූයේය. කුසල් පෙරේරා ලකුණු නොලබා දැවී යනවිට  ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක  පන්දු 61ක දී හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් සමග   ලකුණු 51 ලැබුවේය.

මේ තරගයේ ශ්‍රී ලංකා ඉනිම අතිශයින්ම වර්ණ ගැන්වූ ක්‍රීඩකයා යළිත් කුසල් මෙන්ඩිස්ය. ඔහු පන්දු 77ක් තුළ හතරේ පහර 14ක් සහ හයේ පහර 06ක් සමගින්    ලකුණු 122ක් ලැබුවේය. කුසල් ශතකය ලබා ගත්තේ පන්දු 65ක දී ය. ඒ දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනි.  ලෝක කුසලාන තරගාවලියක දී මෙතෙක් ශ්‍රී ලංකා පිතිකරුවෙක් වාර්තා කළ වේගවත්ම ශතකය මෙයය.  කුසල් හා පැතුම් ලකුණු 102ක සම්බන්ධතාවයක් දෙවැනි කඩුල්ල වෙනුවේන ගොඩනැගූහ.

ශතක ලාභී සධීර සහ කුසල්…

අනතුරුව කුසල් සමග එක්  වන්නේ සධීරය. කුසල් සහ සධීර තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 කම්බන්ධතාවයක් ගොඩනැගූහ. තුන්වන කඩුල්ල බිඳී යන්නේ ලකුණු 218 දීය  ඒ කුසල් මෙන්ඩිස්ය. කුසල් එල්ල කළ පහර අසීරු උඩපන්දුවක් ලෙස ඉමාම් උල් හක් විසින් රැක ගත්තේය.

මෙවැනි තරගයක උඩ පන්දුවක් අතහැරීම යනු තරගයක් අත හැරීමක් වැනිය. අද කුසල් මෙන්ඩිස්ගේ උඩ පන්දුවක් ඉමාම් උල් හක් විසින් අතහැරියේය. ඒ අතහැරීම අවසානයේ නැවතුනේ ලකුණු 122කිනි.

අනතුරුව සධීර සමරවික්‍රම එක් අන්තයක් රැකගැනීමේ වගකීම ගත්තේය. ඔහු ඉවසීමෙන් මෙන්ම අතිශය විශ්වාසයෙන් යුතුව පන්දුවට පහර දුන්නේය. ඔහු පන්දු 89ක දී ලකුණු 108ක් ලැබුවේය.

දුක හිතෙන පන්දු යැවීම

පන්දු යැවීමේ දෙවැනි පෙළ ස්වරූපය යළිත් කැපී පෙනුණි. මතීෂ පතිරණ දැවැන්ත ප්‍රහාරයකට ලක් වූයේය. ඔහු පන්දු ඕවර 09ක් පමණි. එක් කඩුල්ලක් ලබා ගත් බවත් සැබෑය. එහෙත් ඔහුගේ පන්දු ඕවර 09ට පකිස්ථානු පිතිකරුවෝ ලකුණු 90ක් රැස් කළහ.

ඩිෂාන් මධුසංඛ පන්දු ඕවර 9.2ක් තුළ ලකුණු 60කට කඩුළු 02ක් බිඳහෙළුවේය. මහීෂ් තීක්ෂණ ලකුණු 59කට කඩුල්ලක් ලබා ගත්තේය.

දුනිත් වෙල්ලාලගේ කඩුළු ලබා ගත්තේ නැත. ධනංජය ද සිල්වාට කඩුළු වැටුනේ නැත. දසුන් ශානක පන්දු ඕවර 5ක් යවා ලකුණු 28ක් ලබා දී තමන්ගේ සාමාන්‍ය බේරාගෙන තිබුණේය.  කිසිම අවස්ථාවක පන්දු යවන්න පීඩනයක් එල්ල කරනු දක්නට නොලැබිනි. එවැනි ලිහිල් පන්දු යැවීමක් තුළ පිතිකරුවන් ලකුණු පන්සියයක ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නත් වැඩක් නැත

උන් ගහන්නේය. අපේ පන්දු යැවීම මේ තරගාවලියේ අපූරු දෙයක් කළේය.  ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගානක් හඹා ගොස්  ජයග්‍රහණය කරන්නට අපේ උන් පකිස්ථානයට පන්දු යැව්වේය.   දකුණු අප්‍රිකාවට ලෝක  කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගාන වූ ලකුණු 442ක් රැස් කරන්නට පන්දු යැව්වේය  එමෙන්ම  ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කරන්නට පන්දු යැව්වේත් අපිය. තරග දෙකකි. දෙකම පරාදය. පරාද වුනේ ලෝක වාර්තා තබාය.

හදාගන්නවා කියා කරන්නට දෙයක් නැත. ස්විප් එකක් ඇදෙනවා සේ වාසනාවට පමණක්  ක්‍රිකට් දිනන්නේ නැත.

අපට යෝජනා කරන්නට ඇත්තේ රටේ අනෙක් දේවල් දැක විඳදරා ගන්නා උපේක්ෂාවෙන්ම ක්‍රිකට් බලන්නත් සැරසෙන ලෙසය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉක්මනින් හමුවෙමු… සැත්කමට සාර්ථකව මුහුණ දුන් වනිඳු පණිවිඩයක් එවයි!

Next Post

ආසියාව දිනා ගත් තරුෂි ඇතුළු  මළල ක්‍රීඩා විශිෂ්ඨයෝ දිවයිනට පැමිණෙති!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.