සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දවස් දෙකයි… ඉනිම දෙක හමාරක් අවසන්… පිච් එකේ වරද ද? සෙට් එකේ අවුල ද?

by editor
මාර්තු 23, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

තරගය දවස් හතරක්වත් තිබුණොත් වාසනාවය. මේ යන විදිහට දවස් පහක් මේ තරගයට හොඳටෝම වැඩිය.  බංගලාදේශයේ කඩුළු හතක් සහ ශ්‍රී ලංකා පිලේ කඩුළු 05ක් අද දවස තුළ දැවී ගොස් ඇත. දවස පුරා දෙපිලේම කඩුළු 12ක් දැවී යන විට දෙපිලම දවස තුළ ලබාගෙන ඇත්තේ ලකුණු  275කි.

නිමා වූයේ දෙවැනි දවසය. දෙවැනි දවස වනවිට කණ්ඩායම් දෙකම එක්වර බැගින් පුර්ණ ලෙස දැවී ගොස් ඇත. දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායමේ ඉනිමේ බාගයක් ඉවරය.  දෙවැනි දිනය අවසන්වනවිට බංගලාදේශ කණ්ඩායමේ මුල් ඉනිමේ සියලු දෙනාම දැවී ගොස්ය. දෙවැනි ඉනිම ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 119ට කඩුලු 05කි. මුල් ඉනිමේ ලබා ගත් ලකුණු 92ක වාසියත් සමග ලකුණු 211ක් ඉදිරියෙන්ය.

දවස් දෙකයි. ඉනිම දෙක හමාරයි….

ටෙස්ට් ක්‍රිකට් සඳහා සෙට් එකේ අවුල ද, නැතිනම් පිච් එකේ ගැටලුව ද තේරෙන්නේ නැත.  අපට පෙනෙන්නේ ටෙස්ට් තරගයක රිද්මය දරා ගැනීම සහ එහි කලාව මේ තරගයේ නැති බවය.

තරගය තනිකරම වේග පන්දු යවන්නගේය. දෙපිලේම පිතිකරුවන් ඒ පන්දුකරණයට මුහුණ දීමට නුහුරුය.  මුලු තරගයටම තවමත් අපේ අංක එකේ දඟ පන්දු යවන්නා ප්‍රභාත් ජයසූරිය යවා ඇත්තේ එක් පන්දු ඕවරයක් පමණි. දෙවැනි ඉනිම තුළ මේ තත්ත්වය වෙනස් වීමට ඉඩ ඇති බව දිනයේ අවසන් පන්දු ඕවර කීපය යැවූ මේදි හසන් මිරාස් සහ ටයිජුල් ඉස්ලාම් පෙන්වා දුන්නේය.  ඔවුන් දෙදෙනාම කඩුල්ල බැගින් ලබාගෙනය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඊයේ දිනය

තරගයේ කාසියේ වාසිය දිනා පන්දු රැකීම තේරූ බංගලාදේශය මුල් ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 280කට දවා ගත්තේය. පළමු දිනයේ තුන්වන කාර්තුවේ මැද භාගය වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගොස්ය. බරපතල ව්‍යසනයකින් කණ්ඩායම ගලවා ගත් නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 102 බැගින් ලබාගෙන ලකුණු 280ක ඉලක්කයක් බංගලාදේශ කණ්ඩායමට ලබා දුන්නේය. ධනංජය සහ කමිඳු හැරුණුවිට ඉතිරි අට දෙනාම රැස් කරගෙන තිබුණේ ලකුනු 76කි.

කමිඳු 102යි… දසුන් 102 යි…

ඊයේ දිනය අවසන්වනවිට ලකුණු 32කට බංගලි කඩුළු 03ක් දැවී ගොස් තිබිණි. ටකීර් හසන් ලකුණු 05කටත්, නායක නජ්මුල් හොසෙන් සැන්ටො ලකුණු 05කට දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වූයේය. මොනිමුල් හක්ගේ කඩුල්ල ලකුණු 05කට දවා ගැනීමට කසුන් රාජිත සමත් විය.

අද තරගය  – 188ට සීමා වූ බංගලි ඉනිම

අද තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා පිල ලකුණු 248ක් ඉදිරියෙන් හිඳිමිනි.      නයිට්වොච්මන් ලෙස පැමිණි ටයිජුල් ඉස්ලාම් සහ මහමුදුල් හසන් ජෝයි උදෑසන පිටියට පැමිණියහ.   ඊයේ දිනයේ මහමුදුල් ලකුණු 09ක් ලබාගෙන සිටියේය. ටයිජුල් ඉස්ලාම් ලකුණු ලබාගෙන සිටියේ නැත.

දවසේ මුල්ම කඩුල්ල ලෙස දැවී යන්නේ ආරම්භක පිතිකරු මහමුදුල් හසන් ජෝයි ය. උදෑසන කඩුළු දඩයම ආරම්භ කරමින් ලහිරු කුමාර යැවූ පළමු පන්දුවෙන්ම මහමුදුල් තුන්වන ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රැකි නායක ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 53කි.  පස්වන කඩුල්ල ලෙස ෂහාඩ් හොසෙයින් ලකුනු 18කට දැවී යනවිට බංගලාදේශ කණ්ඩායම හිටියේ බරපතල අර්බුදයකය. ලහිරු කුමාර යලිත් ක්‍රියාත්මක වූයේය. ලහිරුගේ වේගවත් මෙන්ම ඉපිලුමක්  සහිත පන්දුවකින් ගැලවීමට උත්සාහ කළ හොසෙයින් පළමු ස්ලිප් ක්‍රීඩක ධනංජය ද සිල්වා අතට පහසු උඩපන්දුවක් ලබා දීමෙන් දැවි ගියේය. දැන් ලකුණු 83ට කඩුලු 05කි.

අනතුරුව ලිටොන් දාස් නයිට් වොච්මන් ලෙස පැමිණි ටයිජුල් ඉස්ලාම් සමග එක් විය. තම ජ්‍යෙෂ්ට පිතිකරුවන් එක් අන්තයකින් පෝලිමට දැවී යද්දී  විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ටයිජුල් ඉස්ලාම් තමන්ගේ අන්තය ආක්ෂා කරගත්තේය. යළිත් ලහිරු කුමාරගේ පන්දුවකට මැද ඉන්න ගලවා ගත් ලිටොන් දාස් ක්‍රීඩාගාරයට යනවිට ඔහු ලබාගෙන තිබුණේ ලකුණු 25කි. ලකුණු 124 දී 6 වැනි කඩුල්ල බිඳ වැටුනේය.

දිනය ආරම්භයේ දිම බංගලි ඉනිම කුඩු කළ ලහිරු…

නයිට් වොච්මන් ලෙස පැමින ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූ ටයිජුල් ඉස්ලාම් දැවී යනවිට ලකුණු 47ක් ලබාගෙන අර්ධ ශතකය මුවවිට සිටියේය. ඒ ඉනිම අර්ධ ශතක කීපයක් වටිනා ඉනිමක් බව කිව යුතුව තිබේ. ඔහු සිය ටෙස්ට් ජීවිතයේ රැස්කළ වැඩිම ලකුණත් එය ය. තම ලකුණු 47 සඳහා ඔහු හතරේ පහර 06ක් එල්ල කර  තිබිණි. ඉනිමේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා ද ඔහුය. ටයිජුල් ඉස්ලාම් හත්වන කඩුල්ල ලෙස කසුන් රාජිත ඉදිරියේ  දැවී යනවිට ලකුනු 140කි. අටවන කඩුල්ල බිඳී යන්නේ ලකුණු  147 දී ය. ඒ මේදි හසන් මිරාස්ය. ඔහුත් ලකුනු 11කට  කසුන් රාජිත හමුවේ දැවී  යන්නේය.

ඉන් අනතුරුව මේ ඉනිමේ වටිනාම සම්බන්ධය 09 වැනි කඩුල්ලට ගොඩනැගුනේය.ඒ සම්බන්ධතාවය ලකුණු 40කි. සබඳතාව ගොඩනැගෙන්නෙ ෂොරිෆුල් ඉස්ලාම් සහ සහ ඛලෙඩ් අහ්මඩ් අතරය.  අහමඩ් ලකුණු 22කි. ඉස්ලාම් ලකුණු 15කි. ෂොරිෆුල් ඉස්ලාම් සහ ඛලෙඩ් අහමඩ් විශ්ව ප්‍රනාන්දුට ගොදුරු වන්නේය. බංගලාදේශ කණ්ඩායම  දිනයේ තේ පානයට පැයකට පෙර ලකුණු 188කට සියල්ලන්ම දැවී යන්නේ පන්දු ඕවර 51.3ක් තුළය.  ශ්‍රි ලංකා කණ්ඩායම ලකුනු 92ක් ඉදිරියෙන් සිටියේය.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 48කට කඩුළු 04ක්, කසුන් රාජිත ලකුණු 56ට කඩුළු 3ක්, ලහිරු කුමාර ලකුණු 31කට කඩුලු 03ක් ලබා ගත්තේය. ඉනිමම  වේග පන්දු යවන්නගේය.  ළහිරු කුමාර, කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු යන තිදෙනාම   ඉවසීම තරම්ම විඳදරාගැනීමේ හැකියාව ප්‍රදර්ශනය කරමින් විනයගරුක සහ උසස් තත්ත්වයේ වේග පන්දු යැවිමක් වෙහෙස නොබලා සිදුකළ බව ලියා තැබිය යුතුය.

ශ්‍රි ලංකා ඉනිම – මුල් පෙළ ෆේල්

දවස නිමාවනවිට  ශ්‍රි ලංකා කණ්ඩායමේ කඩුළු 05ක් දැවී ගොස්ය. ලකුණු සංඛ්‍යාව 119කි.  ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ලකුණු 10කි. මුලින්ම දැවී යන්නේ ඔහුය. මංගල ටෙස්ට් තරගය ක්‍රිඩා කරන බංගලාදේශ යොවුන් වේග පන්දු යවන්නා වූ නහීඩ් රානාගේ පන්දුවකට කඩුළු රකින ක්‍රීඩක ලිටෝන් දාස්  අතට උඩ පන්දුවක් දී ඔහු දැවී යන්නේය. නිශාන් මධුෂ්ක ඉනිම දෙකේදීම ලබා ගන්නේ ලකුණු 12කි.

දිමුත් ලකුණු 52යි…

මෙම තරුණයාටම ගොදුරුවන ඩුප්ලිකේට් කෝලි යැයි කී කුසල් මෙන්ඩිස් ලබා ගන්නේ ලකුණු 03කි. කුසල් මෙන්ඩිස් ඉනිම දෙකේදීම ලබා ගන්නේ ලකුණු 19කි. දිනේෂ් චන්දිමාල් දැවී යන්නේ තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවේදී ලකුණු නොලබමිනි. චන්දිමාල් ඉනිම දෙකේදීම ලබාගෙන තිබුණේ ලකුණු 09කි. මැතිව්ස් ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කිරීමට සූදානම් බව සන් කළේය. නමුත් ඔහු ආසන්න උඩපන්දුවක් ලබා දී රැකගත නොහැකිව ලබා ගත් ජීවිතයෙන් ප්‍රයෝජන නොගෙන ඊලඟ  පන්දුවේ දී වගකීම් රහිත පහරකට ගොස්   ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට කඩුළු රකින ලිටොන් දාස් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. කඩුළු 04ක් දැවී යන්නේ ලකුණු 64 දී ය. ඉන් අනතුරුව පිටියට පැමිණෙන ධනංජය ද සිල්වාය. ඔහු එක් අන්තක් සොදාගෙන යද්දී අනෙක් අන්තය රැකගෙන සිටි හිටපු නායක දිමුත් කරුණාතරන් සමග එක්වී යහපත් සම්බන්ධතාවයක් ගොඩනගන බව පෙනුනේය. එහෙත් පස්වන කඩුල්ල සඳහා ලකුණු 49ක සම්බන්ධතාවයක් ගොඩනැගෙද්දී  දිමුත් කරුණාරත්න ෂොරිෆුල් ඉස්ලාම්ගේ කෙටි පන්දුවකට තර්ඩ් මෑන් කලාපයේ පන්දු රැකි නහීඩ් රානා අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.  ඒ වනවිට ඔහු ලකුණු 52ක් ලබාගෙන සිය ටෙස්ට් ජිවිතයේ 36 වැනි අර්ධ ශතකය ලබාගෙන සිටියේය.

කුසල් මෙන්ඩිස් සුන් කළ රානා….

නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23ක් ලබාගෙන, දිමුත්ට පසුව නයිට් වොච්මන් ලෙස පිටියට පැමිණි විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 2ක් ලබාගෙන ක්‍රීඩා පිටියේය.

පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායමේ මංගල  ටෙස්ට් තරගය ක්‍රීඩා කරන යොවුන් වේග පන්දු යවන්නා වූ නහිඩ් රානා ලකුණු 42කට අද දිනය තුළ කඩුළු 02ක් ලබා ගත්තේය. මුල් ඉනිමේත් ඔහු කඩුළු 03ක් ලබාගෙන තිබිණි. ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 27කටත්, ටයිජුල් ඉස්ලාම් ලකුණු 12කටත්, මෙහිඩි හසන් මිරාස් ලකුණු 05කටත් කඩුල්ල බැගින් ලබාගෙනය.

තව දින තුනක් අමුවෙන්ම ඉතිරිය. මේ ටෙස්ට් තරගය බෙහෙවින්ම කොට එකක්වන ලකුණු නම් දැනට පහළ කර ඇත. තරගය නිමාවන දිනය සහ තරගය ජය ගන්නා කණ්ඩායම පිළිබඳ තීරණාත්මක ඉඟිය හෙට දිනයේ දිවා ආහාරය තෙක් ඇදෙන මුල් කාර්තුවේ දී තීරණය වනු ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සති 3කට පෙර දැනගත්තේ… මේ සාක්ෂිය විවෘත අධිකරණයේ දුන්නොත් මගේ දරුපවුල් පිටින් විනාශ කරයි… විශේෂ ප්‍රකාශයක් කරමින් මෛත්‍රී කියයි!

Next Post

මෛත්‍රීගේ ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස් ඇමති පොලිස්පතිට නියෝග කරයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.