බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තවත් මනරම් පෙරළියක්… අපටත් පාඩමක්… ඇෆ්ගනිස්ථානය පකිස්ථානය පරදා කඩුළු 08කින් ජයගත් හැටි…

by editor
ඔක්තෝබර් 23, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

තවත් මනරම් පෙරළියකි.  පකිස්ථානය පැරදවූ  ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු 08කින් දිනුම්ය.

එය අහම්බයක් නොවේ.  විශිෂ්ට ජයග්‍රහණයකි. ඇෆ්ගනිස්ථානය  මේ ජයග්‍රහණය ලැබුවේ  ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කරමින් වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළ කණ්ඩායමය.    ශ්‍රී ලංකා කණ්ඩායම  ඉතිහාස ගත පරාජයකට ඇද දැමූ  පකිස්ථානය  ය.

ජයග්‍රහණයෙන් අමන්දානන්දයට පත් වූ රෂීඩ් ඛාන්…

මේ බිහිසුණු පරාජය පකිස්ථාන නායක බාබර් අසාම්ට ජීවිත කාලය පුරාම තිගස්වන මතකයක් වනු ඇති බවට විශ්වාසය.

චෙන්නායිහි  පැවැත්වූ තරගය ඇෆ්ගනිස්ථානු කණ්ඩායමේ ස්ථාවරව ගොඩනැගෙන  රිද්මයානුකූල පරිචය සම්බන්ධව ගෞරවණීය කතාවක් කීවේය.

මෙය ඔවුන්ගේ   එක්දින තරග ඉතිහාසයේ  ඉහළම සාර්ථක හඹායාමය.  මින් පෙර හමුවූ අවස්ථා අටේ දී කළ  උත්සාහයන් අටේදීම  අසමත් වූ ඇෆ්ගනිස්ථානුවන්  පාකිස්තානයට එරෙහිව ලද පළමු ජයග්‍රහණයය..

ලෝක කුසලාන තරගාවලියක ලද තුන් වැනි ජයග්‍රහණය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වාර්තා කරන්නේ  තරගාවලියේ රිද්මය උඩු යටිකුරු කරමිනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ලෝක ශූරයන්ට පහර දී ආරම්භ කළ විශිෂ්ට ගමන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම  ගමන් කරන්නේ පිමි පනිමිනි. අද සවස් වන තුරු  මෙතෙක් කණ්ඩායම් ලබා ගන්නා ලකුණු පුවරුවේ අන්තිමයාට හිටියේ ඇෆ්ගනිස්ථානය ය. මේ වනවිට වත්මන් ලෝක ශූරයන් ලකුණු සටහනේ අන්තිමට ඇද වැටී ඇත්තේය.

චෙන්නායිහි පැවති තරගයේ කාසියේ වාසිය දිනුවේ  පකිස්ථාන කණ්ඩායමය. පකිස්තාන නායක බාබර් අසාම් පිිතිකරණය තේරුවේය. ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆිකියු ලකුණු 58ක් ලැබුවේය. නායක බාබර් අසාම් පන්දු 92ක දී ලකුණු 74ක් ලැබුවේය.

බාබර් අසාම් ගේ කදිම පිති හරඹය…

පසුපෙළ ස්ථාවර කළ ෂහාබ් ඛාන් සහ ඉෆ්ටිකාර් අහමඩ් වේගවත් ලකුණු 40 බැගින් ලැබූහ.  අනෙක් පිිතිකරුවන් සම්බන්ධව කිව යුතු තරම් පිතිකරණ වික්‍රමයක් නැත. අමතර ලකුණු 17ක් සමග පකිසථානය ඕවර 50 අවසන් වනවිට කඩුළු හතකට ලකුණු 282ක් ලැබුවේය.

ඇෆ්ගනිස්ථාන පන්දු යන්නන් පකිස්ථාන කණ්ඩායමට පීඩනයක් සහිතව පන්දු යැව්වේය. හොඳම පන්දු යැවීම වාර්තා වූයේ  18 හැවිරිදි වමත් දඟ පන්දු යවන්නා වූ නූර් අහමඩ් ගෙනි. ඔහු පන්දු ඕවර 10 තුළ දී ලකුණු 49ට කඩුළු 03ක් බිඳ හෙළුවේය.  දකුණත් මද වේග පන්දු යවන නවීන් උල් හක් ලකුණු 52කට කඩුළු 02ක් ලැබුවේය.  මොහොමඩ් නබී  පන්දු ඕවර 10 තුළ ලබා දුන්නේ ලකුණු 31කි. කඩුල්ලක් ලැබුවේය. හස්මතුල්ලා ඕමාර්සායි  දැඩි ප්‍රහාරයකට ලක් වූ නමුත් කඩුල්ලක් ලැබුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඇෆ්ගනිස්ථානය  චෙන්නායි පිටිය මුළුමනින්ම වර්ණවත් කළේය. එය එකෙකුට එකේක දෙවැනි නොවූ  දුටුවන් පිනවන රංගනයක් බඳු වූයේය.

ඊබ්‍රහීම් සඩ්‍රාන්ගේ අර්ධ ශතකය….

ආරම්භක පිතිකරු රහ්මතුල්ලා ගුරබාස් පන්දු 53ක දී හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 65ක් ලැබුවේය. ඔහුට නොදෙවෙනි පිතිකරණයක් අනෙක් පසින් ඊබ්‍රහීම් සඩ්‍රාන් දියත් කළේය. ආරම්භක කඩුල්ල සඳහා සම්බන්ධතාවය ලකුණු 130කි. සහීඩ් ෂා ඇෆ්රිඩි 21 වැනි පන්දු ඕවරයේ මුල් පන්දුවේ දී ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ හෙලුවේය.

අනතුරුව විශිෂ්ට පිතිකරණයක නිරතවෙමින් පිටිය වර්ණවත් කළ ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 87කට දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ 33.3 පන්දුවේ දීය. ඒ වනවිට ලකුණු පුවරුව ලකුණු 190කි.

ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 93ක් අවශ්‍ය වී තිබිණි. අපේ ක්‍රිකට් අත්දැකීමේ හැටියට ලකුණු 93ක් යනු බොහෝ දේ සිදුවිය හැකි දුරකි. ලකුණු 49කට දැවී ගිය කණ්ඩායමකට පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක් ගොඩ නැගූ පසු ලකුණු 209කට  දැවී ගිය කණ්ඩායමකට ලකුණු 93ක් හඹා යෑම පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකිය.

එහෙත් ඇෆ්ගනිස්ථාන පිතිකරුවෝ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ඒ සම්බන්ධතාවය ගොඩනැගූහ.  රහ්මට් ෂා පන්දු 84ක දි හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 77ක් නොදැවී ලබා ගන්නේ මිනිත්තු 129ක් කඩුල්ලේ රැඳෙමිනි.  නායකත්වයේ වගකීම  සහිත  ගැඹුර දැරූ හස්මතුල්ලාහ් සහීඩි පන්දු 45ක දී නොදැවී ලකුණු 48ක් රැස් කළේ හතරේ පහර 4ක් සමගිනි. ඔහු මිනිත්තු 74ක් කඩුල්ලේ රැඳී සිටියේය.

නායක හස්මතුල්ලාහ් සහීඩි සැමරිය යුතුම ජයග්‍රහණය ලද මොහොත…

මේ අසිරිමත් ජයග්‍රහණය ඔවුන් ලද කටුක පරාජය මාලාවක ලද අත්දැකීම්හි ගැඹුරය. මේ තරුණ ජවසම්පන්න කණ්ඩායම මේ ලෝක කුසලානයේ පෙරළියක් කරනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළහ.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද යළිත් එය තහවුරු කළේය. අද හවස් වනතුරු ලකුණු සටහනේ අන්තිමට සිටි  දැන් ඔවුන් ඉන්නේ 06 වැනි තැනය. අපටත් හිටියාට වඩා ටිකක් හිතට පහසුය. අප 09 වැනි තැනය. අපට පහලින් ඉන්නේ ලෝක ශූර එංගලන්තය ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාස හතරක ළදරුවා ඇතුළු පවුලටම වෙඩි තිබ්බ  අහුංගල්ල අපරාධයත් කොස්ගොඩ සුජී – රත්ගම ගැටුමේ දිගුවක්…! 

Next Post

මිලියන ගණනක් වියදම් කරමින්  රුපියල් බිලියන 06ක්  වන්දි ඉල්ලා “නඩු ෂම්මි” අර්ජුනට දැම්ම අපහාස නඩුව විසි වෙයි…

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.