බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මාස හතරක ළදරුවා ඇතුළු පවුලටම වෙඩි තිබ්බ  අහුංගල්ල අපරාධයත් කොස්ගොඩ සුජී – රත්ගම ගැටුමේ දිගුවක්…! 

by editor
ඔක්තෝබර් 23, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය – 

අහුන්ගල්ල, ගල්වෙහෙර නව ආදර්ශ විද්‍යාලය අසලදී පසුගිය 21 දින රාත්‍රී යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි එකම පවුලේ තිදෙනෙකුට  වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය අහුන්ගල්ල හා කොස්ගොඩ කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක බලය වෙනුවෙන් දිගුකාලීනව සිදුවන මරාගැනිල්ලේ ප්‍රතිළුලයක් බවට පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇතැයි විමර්ශන අංශ පවසයි.

මෙම වෙඩි තැබීමට අදාල විමර්ශන කටයුතු අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති, පොලිස් විශේෂ කාර්යය බලකාය, ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා ගාල්ල අපරාධ කොට්ඨාසය යටතේ වෙන වෙනම පොලිස් කණ්ඩායම් 04 ක් යටතේ ක්‍රියාත්මක වෙමින් ඇත.

ලොකු පැටී සහ සුජීගේ ගැටුම

දැනට ඩුබායියි රැදී සිටින කොස්ගොඩ සුජී සහ අහුන්ගල්ලේ මධුෂාන් හා ලොකු පැටී හෙවත් සංජීව යන කණ්ඩායම්වල ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු වී තිබෙන බවද මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. 

පසුගිය කාලයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ ඝාතන හා වෙඩි තැබීම් සියල්ලම පාහේ රත්ගම විදුරගේ හා කොස්ගොඩ සුජීගේ කණ්ඩායම් දෙක අතර පවතින බල අරගලය හේතුවෙන් සිදු වී තිබෙන බවත් අහුන්ගල්ලේ මධුෂාන් හා ලොකු පැටී, රත්ගම විදුරගේ කණ්ඩායම නියෝජනය කරමින් කොස්ගොඩ සුජීට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් මෙම කණ්ඩායම්වලට අයත් ඥාතීන්ද ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම් සිදුවන බවත් පොලීසිය කියයි. 

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබීම, සීනිගම දේවාලය අසලදී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට වෙඩි තැබීම, කොස්ගොඩ හෑගල්ලේදී කොස්ගොඩ රන් මහත්තයා නැමැති පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, පසුගිය 11 දින උදෑසන අහුන්ගල්ල නගරයේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී  ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයකුට වෙඩි තැබීම ආදියද මෙම කණ්ඩායම් දෙකේ ගැටුමේ ප්‍රතිඵල බවද පොලීසිය කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය 21 දින රාත්‍රී වෙඩි තැබීමෙන් අහුන්ගල්ල, ගල්වෙහෙර පදිංචි කිරාහන්දි දිනේෂ් මුතුමාල ද සිල්වා (31), ඔහුගේ බිරිද මෙස්ත්‍රමේන්ත්‍රිගේ මහේෂා කෞෂානි (28) සහ ඔවුන්ගේ මාස 04 ක් වයසැති කිරාහන්දි නෙෂාන් ආදීව් ද සිල්වා නැමැති තිදෙනා බරපතල තුවාල ලැබූහ. තුවාල ලැබූ දිනේෂ් මුතුමාල    ඩුබාහි රැදී සිටින එක් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුවන   ලොකු පැටී හෙවත් සංජීවගේ  බිරියගේ සොහොයුරා බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. තුවාල ලැබූ මෙස්ත්‍රමේන්ත්‍රිගේ මහේෂා කෞෂානි (28) ට අදාල සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රබලයෙකුගේ ඇති ඥාති සම්බන්ධයක් පිළිබදවද පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.

සුජී ගේ සම්බන්ධය

පසුගිය 2023 අප්‍රේල් 14 දින අහුන්ගල්ල, මිද්දරමුල්ලේදී ටී – 56 ගිනි අවියකින් වෙඩි තබා අහුන්ගල්ල, අමරමෝලි මාවතේ පදිංචි තරුණයෙකු ඝාතනය කර තිබුණි. මෙසේ ඝාතනය කර තිබුණේ තරිදු ධනුෂ්ක නිසංසල ද සිල්වා (29) නැමැති අයයි. මෙම තරුණයා විවාහ කර ගැනීමට නියමිතව සිටියේ අහුන්ගල්ලේ පදිංචි මධූෂා නැමැති කාන්තාවකගේ දියණියක බවත් මධූෂා නැමැති කාන්තාව කොස්ගොඩ සුජීගේ හිතවතියක බවත් මෙම ඝාතනයට අදාල පොලිස් පරීක්ෂණ වලදී තහවුරු කරගෙන තිබුණි. 

මෙම ඝාතනය සිදුකර තිබුණේ අහුන්ගල්ලේ බබා නැමැති වෙඩික්කරුවෙකු විසින් බවද බබා නැමැති අය රත්ගම විදුරගේ හා ලොකු පැටීගේ සමීපතමයෙකු බවද ඊට අදාල පොලිස් පරීක්ෂණ වලදී වැඩි දුරටත් තහවුරු වී තිබුණි. 

පසුගිය 21 දින වෙඩි වැදී තුවාල ලැබූ මෙස්ත්‍රමේන්ත්‍රිගේ මහේෂා කෞෂානි (28) නැමැති කාන්තාව, අප්‍රේල් 14 ඝාතනයේ වෙඩික්කරු අහුන්ගල්ලේ බබා නැමැති අයගේ සහෝදරියක් බවට තහවුරු වූ බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඒ අනුව මෙම වෙඩි තැබීම කොස්ගොඩ සුජීගේ පාර්ශවයෙන් කරන්නට ඇතැයි සැක කරන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

පසුගිය ඔක්තෝම්බර් 11 දින අහුන්ගල්ලේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට වෙඩි තැබීමක් සිදුවිය. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූයේ කොස්ගොඩ සුජීගේ සමීප ඥාතියෙක් වන 31 හැවිරිදි පුද්ගලයෙකි. මීට අදාල පොලිස් පරික්ෂණ වලදී මෙම ප්‍රහාරය ලොකු පැටී නමැති අය විසින් මෙහෙයවා තිබෙන බවට අහුන්ගල්ල පොලීසිය විසින් තහවුරු කරගෙන තිබුණි. පසුගිය 21 දින වෙඩි තැබීම මෙම වෙඩි තැබීමට එකට එක කිරීමක් බවද පොලීසිය විශ්වාස කරයි.

වෙඩි තැබීමේ තොරතුරු

21 දින වෙඩි තැබීම සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් මේ වන විට අනාවරණය කරගෙන තිබෙන බවද අහුන්ගල්ල පොලීසිය කියයි. සැකකරුවන්ට අදාල තොරතුරුද ඒ අතර වන බවත් මේ මොහොතේ සියළු කරුණු අනාවරණය කළ නොහැකි බවත් ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සදහන් කරයි. 

අහුන්ගල්ල නගරයේ ලී බඩු වෙළෙද ව්‍යාපාරයක් සිය පියා සමග පවත්වාගෙන යන වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා සිය වෙළෙද සැල වසා දමා සිය බිරිය හා දරුවා සමග අහුන්ගල්ල, ගල්වෙහෙර නිවසට යමින් සිටියදී ඉතුක් 21 දින රාත්‍රී 7.30 ට පමණ මෙම වෙඩි ප්‍රහාරයට ලක් විය. 

තුවාලකරුවන් තිදෙනා එම අවස්ථාවේදීම බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර එයින් අසාධ්‍ය තත්ත්වයේ සිටි පිරිමි පුද්ගලයා සහ දරුවා වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබිණි.

මෙම වෙඩි තැබීම ටී – 56 ගිනි අවියකින් සිදුකර තිබෙන බවද ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකය කියයි. වෙඩි තැබීම සිදුකරන ලද ස්ථානයේ තිබී ටී – 56 හිස් පතුරම් කොපු 21 ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. 

වෙඩි තැබීමට අදාලව හෙරොයින් ජාවාරම හා සම්බන්ධ කරුණක් බල පා තිබෙද? යන්න ගැනත්    පොලීසියේ අවධානය යොමු වී තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කියයි. 

අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි යූ එම් අමරවංශ, ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන  ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක, අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක හරිත් හල්විට    ගේ මෙහෙයවීම යටතේ අහුන්ගල්ල පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක පෙරේරා, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැස්සට වැඩක් නෑ… විදුලිය මිල අඩු වෙන්නේ නෑ… ඇමති කියයි!

Next Post

තවත් මනරම් පෙරළියක්… අපටත් පාඩමක්… ඇෆ්ගනිස්ථානය පකිස්ථානය පරදා කඩුළු 08කින් ජයගත් හැටි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.