සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැස්සට වැඩක් නෑ… විදුලිය මිල අඩු වෙන්නේ නෑ… ඇමති කියයි!

by editor
ඔක්තෝබර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මොනතරම් වැස්සත් ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාව ප්‍රමාණවත් තරම්  නොලැබෙන හෙයින්  දැනට සිදුකර ඇති විදුලිය මිල සංශෝධනයේ වෙනසක් සිදු නොවන බව විදුලි බල හා බල ශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා  කංචන විජේසේකර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

“පසුගිය සතියේ මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඔක්තෝම්බර් 21 වනදා සිට, ඉදිරි මාස කිහිපය සඳහා පැවති ගාස්තු සංසන්දනය කර සියයට 18කට ආසන්න සංඛ්‍යාවකින් ගාස්තු සංශෝධනය කළා.”

“මෙම මිල සංශෝධනය සඳහා රජයේ ප්‍රතිපත්තිය තීරණය වුණේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අනුවයි.  ඊට අනුව කිසිම රාජ්‍ය ව්‍යාපාරයක් මහාභාණ්ඩාගාරය මඟින් මුදල් ආයෝජනය කර එහි අලාභ පියවීමට හැකියාවක් නැහැ. ඒ අනුව විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව  සඳහා විශේෂ මිල සූත්‍රයක් සකස් කෙරුණා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ වන විට අධික වැසි තත්ත්වයක් ඇතිව තිබෙන නිසා ගාස්තු සංශෝධනයක් අවශ්‍යද යන්න පිළිබඳව සමාජයේ මතයක් පවතිනවා. මම නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කය වගේම ඊට ආසන්න ගාල්ල දිස්ත්‍රික්කය ද ගංවතුර තත්ත්වයත් ගම්පහ දිස්ත්‍රික්කයත් ගංවතුර තත්ත්වයට මුහුණ දුන්නා. “

“නමුත් ජල විදුලිය නිෂ්පාදනය කරන සමනල වැව, වික්ටෝරියා සහ රන්දෙනිගල වැනි ප්‍රධාන ජලාශ තවමත් තිබෙන්නේ පැවති සීමාවලයි. අපි වෙනදට දකින වර්ෂාපතනය එම ප්‍රදේශවලට ලැබී නැ. අද වන විට ජලාශවල තිබෙන ධාරිතාවෙන් අපට භාවිතා කිරීමට හැකියාව ඇත්තේ 65.81%ක් පමණයි. නමුත් 2022 ඔක්තෝම්බර් මාසයේ 22 වනදා වනවිට ජලාශ වල පැවති ජල ධාරිතාවෙන් 84.41% භාවිත කිරීමට හැකියාව තිබුණා. මේ තත්ත්වය සංසන්දනය කිරීමේදී 20% ක පමණ පරතරයක පවතිනවා.”

“ඒ වගේම 2022 වර්ෂය වනවිට අපට අයත් ජලාශවලින් පමණක් ජල – විදුලිය ගිගාවොට් පැය 5364 ජනනය කර තිබෙනවා. 2021 වර්ෂයේ දී ගිගාවොට් පැය 5639ක් ජනනය කර තිබෙනවා. නමුත් මේ වසරේදී ඔක්තෝම්බර් මාසයේ 22 වනදා වන විට අප ජනනය කර ඇති ගිගාවොට් ප්‍රමාණය 2893ක් පමණයි. පසුගිය වර්ෂ දෙකට සාපේක්ෂව බැලුවහොත් මේ වසරේ ජනනය කර ඇත්තේ එම ප්‍රමාණයෙන් අඩක් පමණයි.”

“ මේ වසර අවසන් වීමට තවත් ඇත්තේ දින 70ක් පමණයි. දැන් එම ප්‍රදේශවලට වැසි ලැබුනත් එම ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවක් අපට තවමත් නැහැ. ඒ අනුව අවශ්‍ය  විදුලිය ප්‍රමාණය සැපයීමට නම් විකල්ප වෙත යොමු වීමට සිදුවෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැබිනට් සංශෝධනයේ දී ජනාධිපතිවරයා ක්‍රියා කළ හැටි ගැන පක්ෂයක් විදිහට දැඩි විරෝධය පල කරනවා… පොහොට්ටුව කියයි…

Next Post

මාස හතරක ළදරුවා ඇතුළු පවුලටම වෙඩි තිබ්බ  අහුංගල්ල අපරාධයත් කොස්ගොඩ සුජී – රත්ගම ගැටුමේ දිගුවක්…! 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.