බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තරගාවලිය දිනුම්…අවසන් තරගයත් ලකුණු 99කින් දිනුම්… ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරිම්වලින් පියවරක් උඩට පැමිණි බංගලියනුත් දිනුම්…

by editor
ජූලි 8, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එක්දින තරගාවලිය හමාරය. තරගාවලිය දිනුම්ය. අවසන් තරගය ලකුණු 99කින් දිනුම්ය. අද (08) පල්ලෙකැලේ සැනකෙළියකි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩළු 07කට ලබා ගත් ලකුණු 285ක ඉලක්කය හඹා ගිය බංගලාදේශ කණ්ඩායම ඕවර 39.4ක දී ලකුණු 186කට සියල්ලෝ දැවී ගියහ.

කණ්ඩායමේ දෙවැනි පුහුණුකරු තිලිණ කණ්ඩම්බි ඊයේ මෙසේ කීවේය. “අපේ කණ්ඩායම හරි විදිහට කළොත් ඒ ගොල්ලන්ට අපිට කිට්ටු වෙන්නවත් බෑ,…” කිව්වා විදිහටම අප හරි විදිහට කළේය. බංගලියන්ට අපට කිට්ටු වෙන්නටවත් බැරි විය.

කාසියේ වාසිය දිනුවේ ශ්‍රි ලංකා කණ්ඩායමය. චරිත් පිතිකරණය තේරුවේය. පළමු කඩුල්ල ලකුණු 13 දී දැවී ගියේය. ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක එක ලකුණකි. එහෙත් කුසල් මෙන්ඩිස් නායක චරිත් අසලංක මෙන්ම පැතුම් නිශ්ශංකත් මනරම් පිතිකරණයක නිරත වූහ. කුසල් සිය 5 වැනි එක්දින ශතකය වාර්තා කළේය. ඔහු පන්දු114ක දී ලකුණු 124ක් ලැබුවේය. ඊට හතරේ පහර 18කි. නායක චරිත් අසලංක පන්දු 68ක දී ලකුණු 58කි. ඊට හතරේ පහර 09කි. තරගය ශ්‍රී ලංකාව දෙසට ඔසවා තැබූ ලකුණු 124ක සම්බන්ධතාවයක් චරිත් සහ කුසල් අතර ඇති විය. 3 වැනි කඩුල්ල ලෙස කමිඳු මෙන්ඩිස් මුළු ලකුණු සංඛ්‍යාව 100 තිබිය දී දැවී ගියේය. සිව්වන කඩුල්ල ලෙස චරිත් දැවී යනවිට ලකුණු පුවරුව ලකුණු 224කි.

කුසල් ලකුණු 124යි…

පැතුම් නිශ්ශංක පන්දු 47ක දී ලකුණු 35කි. හතරේ පහර 4කි.  වනිඳු අවසානය තෙක් රැඳී සිටිමින් පන්දු 14ක දී ලකුණු 18ක් ලැබුවේය. අවසාන මෙහොතේ ලකුණු 285ක උස තැනක තබන්නට වනිඳුගේ ප්‍රහාරයත් දායක විය. බංගලාදේශය වෙනුවෙන් ටස්කින් අහම්ඩ් ලකුණු 51කට කඩුළු 2ක්, මේදි හසන් මිරාස් ලකුණු 48ට කඩුළු 2ක් ද, ටන්සිම් හසන් සකිබ්, ටන්විර් ඉස්ලාම්, ෂමිම් හොසෙන් කඩුල්ල බැගින් ද ලබා ගත්හ.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලි ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දෙදෙනාවන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු හමුවේ නිරුත්තරවනු දුටුවෙමු. බංගාදේශ කණ්ඩායමේ සාර්ථක වුන එකම පිතිකරුවා ටොවිඩ් හ්‍රිඩෝයි පමණි. ඔහු ලකුණු 51 ලැබුවේය. නමුත් ඊට පන්දු 78ක් වැය කළේය. හතරේ පහර 3කි. එක් 06 පහරකි. නජ්මුල් හොසෙන් සැන්ටො ලකුනු ලැබුවේ නැත. ටන්සිඩ් හසන් ලකුණු 17කි. මෙහිඩි හසන් මිරාස් ලකුණු 28කි. ප්‍රවේස් හොස්සයින් ඉමෝන් ලකුණු 28කි. ජකීර් අලි ලකුණු 27කි.

පන්දු ඕව 39.4ක් තුළ සියල්ලෝම ලකුණු 186කට දැවී ගියහ.

පන්දු යැවීමේ දී හසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර කඩුළු 3 බැගින් ලබා ගත්හ. දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ට කඩුළු 2කි. වනිඳු හසරංග ලකුණු 35ට කඩුළු 2කි.

තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්ය. තරගාවලියේ වීරයාත් කුසල් මෙන්ඩිස්ය.

තරගාවලිය ජයගත්තේය. ඒ ජයග්‍රහණය සැබෑ නමුත් මේ තරගාවලිය නිමා වන්නේ අප ලෝක එක් දින තරග ශ්‍රේණිගත කිරීමේ එක් ස්ථානයක් පහළට ඇද වැටීමෙනි. බංගලියන් එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමෙනි. අප සිටියේ 4 වැනි තැනය. දැන් 05 වැනි තැනය. බංගලියන් හිටියේ 10 වැනි තැනය. දැන් ඔවුන් 09 වැනි තැනය. මේ තරගාවලියේ අපට වුන බරපතලම අවුල දෙවැනි එක්දින තරගය පරාද වීමය. එය ලෝක මට්ටමෙන් අපට බලපෑවේය.  ක්‍රිකට් එහෙමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත්ටත් “පත්තුවෙන” ලකුණු… ඊයේ එළඹුන කැබිනට් තීරණ සියල්ල මෙන්න!

Next Post

ආණ්ඩුවත් නිරුවත් කරන දෙහිවල පොලිසියේ පොලිස් කුපාඩිකම්වල කෙළවර කොතැන ද?

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.