බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ජයග්‍රහණ දෙකයි… ඉනිමකුත් ලකුණු 78කින් බංගලියන් පරාදයි… තරගාවලියත් අපි දිනුම්!

ප්‍රභාත් ජයසූරිය යළිත් රිද්මය සොයාගෙන කඩුළු 05ක් දඩයම් කරයි...

by editor
ජූනි 28, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණයක. අපි තරගාවලියත් දිනුම්ය. එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වූ බංගලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 78කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වන්නේය. මේ බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව විසින් බංගලාදේශය ඉනිමකින් පරාජයට පත් කළ 09 වැනි අවස්ථාවය.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 211ක ඉලක්කයක් හඹා යමින් සිය දෙවැනි ඉනිමේ පිතිකරණයට පිවිසෙන බංගලාදේශ කණ්ඩායම මීට ස්වල්ප වෙලාවකට පෙර ලකුණු 133කට දැවී යන්නේය. දින තුන හමාරක් ගතවන්නට පෙර තරගය නිමා වී ඇත්තේය. තරගයේ වීරයා පැතුම් නිශ්ංශකය. තරගාවලියේ වීරයාත් පැතුම්ය.

මේ තරගය ශ්‍රී ලංකාව පැත්තෙන් ඉතාම සාධනීය අවස්ථා ගණනාවක් සනිටුහන් කළ බව ලියා තැබිය යුතුය. එක්ක පැතුම්ගේ පිතිකරණ ස්ථාවරය සම්බන්ධව ඇති කළ තහවුරුවය. චන්දිමාල්, කුසල් සිය අත් දැකීම් සාධනය කරගෙන දුශ්කර අවස්ථාවල් කළමනාකරණය කරගන්නා ආකාරය ය. කමිඳු සිය ටෙස්ට් ක්‍රිකට් රිද්මය ගොඩනගාගෙන තහවුරු කරගන්නා අයුරුය. තවත් වැදගත්ම කාරණාවක් වූයේ තරගාවලියේ පළමු තරගයේ දී ඉනිම දෙකේදීම එක් කඩුල්ලක් පමණක් ලබාගෙන, දෙවැනි තරගයේ මුල් ඉනිමේ දී කඩුළු නොලබා පසුබෑමකට ලක් වී සිටි ශ්‍රි ලංකා අංක 1 දඟ පන්දු යවන්නා වූ ප්‍රභාත් ජයසූරිය නැවත තියුණු කඩුළු දඩයමක යෙදෙමින් ලකුණු 56කට කඩුළු 05ක් දවා ගැනීමය.

ශ්‍රි ලංකාව සහ බංගලාදේශය අතර තරග ඉතිහාසය අවුරුදු 24ක් තෙක් ඈතට දිවෙන්නේය. දෙරට අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ වර්ෂ 2001 සැප්තැම්බර් මස 6- 10 අතරය. කොළඹ SSC පිටියේ දී ය. තරගය දින 03කින් නිමා වූයේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 137කින් ජයග්‍රහණය කළේය.

එදා සිට අද දක්වා ටෙස්ට් තරග 28ක් ශ්‍රි ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්විනි. බංගලාදේශය ජයග්‍රහණය කර තිබුණේ එක් තරගයක් පමණි. ඒ වර්ෂ 2017 දී ය. 2017 මාර්තු 15 සිට 19 දක්වා තරගය පැවැත්විනි. පැරදුන එම තරගය පැවැත්වූයේ පී.සරවනමුත්තු ක්‍රීඩාංගනයේ දී ය. බංගලාදේශය කඩුළු 04කින් තරගය ජයග්‍රහණය කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

තරග ඉතිහාසය තුළ හතරක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබිණි.

අද ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ දෙරට අතර තරග ඉතිහාසයේ 23වැනි ටෙස්ට් තරගය ය..

පැතුම්… ශතක එක හමාරයි…

ගාල්ලේ තරගය

අද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ බංගාලදේ – ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගවලින් 24 වැනි තරගය ය. තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය වූ අද නිමාවන තරගයට බංගලාදේශ කණ්ඩායම පිවිසියේ දැඩි විශ්වාසයක් සහිතවය. ගාල්ලේ පැවති මුල් තරගයේ දී ශ්‍රි ලංකා කණ්ඩායමට තියුණු අභියෝගයක් ලබාදුන් බංගලාදේශ කණ්ඩායම තරගයේ පූර්ණ ගෞරව දිනා ගත්තේය. ඔවුන් දෙවැනි ටෙස්ට් තරගයට ප්‍රවේශ වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තලා දමන්නට සැරසුන තත්ත්වයක සිටය.

ගාලු තණ තීරුව ඉතිහාසයේ කවදාවත් නැති ආකාරයට හැසිරුණේය. හැමදාම ගාල්ල පිටියේ තණ තීරුව හැදුවේ දෙවෙනි දිනයේ සිටම පන්දුව හොඳින් දඟ කැවෙන අන්දමටය. මුරලි , රංගන හේරත් ගහන කාලයේ මේ ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් තරග වැඩි ගණනක් ලංකාව ජය ගත්තේ දින තුන හමාරකින් විතරය.

එහෙත් ඈන්ජලෝ මැතිවුස් ගේ අවසන් ටෙස්ට් තරගය වෙනස් කර තිබුණේ ගාලු ක්‍රීඩාංගනයේ තණ තීරුවය. ගාලු ක්‍රීඩාංගනයේ නිත්‍ය තණතීරු සකසන්නා වූ ග්‍රොඩ්ෆි දාබරේරා වැඩ තහනමට ලක්වී සිටියේය. තණතීරුව කොපමණ වෙනස් වී තිබුණා ද යන්න පිළිබද දර්ශකය ප්‍රභාත් ජයසූරිය ය. ඔහු තම ටෙස්ට් කඩුලු 118න් 80 ක්ම ලබා ගත්තේ ගාල්ලේ ය. පසුගිය තරගයේ දී ඔහු ඉනිම දෙකේදීම ඔහු ලකුණු 246ක් දී ලබාගෙන තිබුණේ එක් කඩුල්ලක් පමණය.

අනෙක් පැත්තෙන් අද නිමා වූ තරගයට නජ්මුල් හුසේන් ෂැන්ටො,  මුෂ්ෆිකර් රහීම්, ෂඩ්මන් ඉස්ලාම්, තරග කරන්නේ ලකුණු අතර සිටින, ඉහළ මානසිකත්වයක් සහිත පිතිකරුවන් ලෙසිනි. ගාල්ලේ තරගයේ දී ෂැන්ටෝ ඉනිම දෙකේදීම ශතක ලැබුවේය. බංගලි පන්දු යැවීමේ බලඇණිය ද බලාපොරොත්තු නොවුන අභියෝගයක් එල්ල කළේය. තරගේ අවසන් කාර්තුවේ දී ශ්‍රී ලංකා කඩුළු 4ක් ලකුණු 72කට බිඳ වැටුනේය. මුල් ඉනිමේ පැතුම් හුදකලාව රැස් කළ ලකුණු 187 නොවන්නට අප නන්නත්තාර වන්නට ඉඩ තිබිණි.

එස්.එස්.සී. පිටියේ ජයග්‍රහණය

අද පැවති තරගය දෙරට අතර ටෙස්ට් තරග ඉතිහාසයේ එස්.එස්.සී පිටියේ පැවති සිවුවන තරගය ය. තරග 4ම නිමා වී තිබුණේ දැවැන්ත ජයග්‍රහණ සහිතවය.

අද නිමාවන තරගයේ මැතිවුස් නැත. මෙතැන් සිට ටෙස්ට් තරගයක යළි මැතිවුස් දකින්නට නැත. ඔහුගේ හිස් තැන පිරවීමට ටෙස්ට් වරම් ලබන්නේ සොනාල් දිනූෂය. ඒ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් ලෙසය.

කාසියේ වාසිය දිනූ බංගලාදේශ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ මුලින්ම පන්දුවට පහරදීම තේරුවේය. එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ තියුණු ඉලක්කය හමුවේ බංගලාදේශ කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 247කට සීමා වූයේය. කිසිම පිතිකරුවෙක් අර්ධ ශතකයක් ලබා ගත්තේ නැත. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු ෂඩ්මන් ඉස්ලාම්ය. ඔහු හතරේ පහර 7ක් සමග ලකුණු 46ක් ලැබුවේය.

මුල් ඉනිමේ පන්දු යැවීමේ දී සිය මුල්ම ටෙස්ට් තරගයට සහභාගීවන සොනාල් දිනූෂ ලකුණු 22කට කඩුළු 03ක් ලැබුවේය. අසිත ප්‍රනාන්දු කඩුළු 03ක්, විශ්ව ප්‍රනාන්දු කඩුළු 2ක්, තරිඳු රත්නායක සහ ධනංජය ද සිල්වා කඩුල්ල බැගිනුත් ලැබූහ. විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා අංක එකේ ටෙස්ට් දඟ පන්දු යවන්නා වූ ප්‍රභාත් ජයසූරියට යළිත් එක් කඩුල්ලක්වත් නොමැති වීමය.

පළමු ඉනිමේ යළිත් පැතුම් නිශ්ශංක දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහු ලකුණු 158ක් ලැබුවේය. පන්දු 254ක ට මුහුණ දුන්නේය හතරේ පහර 19ක් එල්ල කළේය. මුල් කඩුල්ල සඳහා පැතුම් නිශ්ශංක සහ නවක ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 88ක සම්බන්ධයක් ගොඩනැගුවේය. ලහිරු ලකුණු 40ක් ලබා සිටිය දී දැවී ගියේය.

ඉන් අනතුරුව පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් බංගලි කණ්ඩායමට ක්‍රිකට් එපා කරවන පිතිකරණයක නිරත විය. දෙවැනි කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ශතකය පෙනි පෙනී දැවී යන්නේය. ඔහු ලකුණු 93ක් රැස් කරන්නේය. ඒ හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමගිනි. දෙවැනි කඩුල්ල දැවී යන්නේ ලකුණු 282 දී ය. චන්දිමාල් සහ පැතුම් අතර දෙවැනි කඩුල්ල සඳහා ඇතිවන සම්බන්ධතාවය ලකුණු 194 කි. කුසල් මෙන්ඩිස් පැවති තත්ත්වය තුළ කණ්ඩායමට අවශ්‍යම පිතිකරණයේ නිරත වූයේය. ඔහු පන්දු 87ක් තුළ ලකුණු 84ක් රැස් කළේය. ඊට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.  ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 458ක් ලැබුවේය.

යළි රිද්මය සොයා ගත් ප්‍රභාත්…

බංගලියන්ට දුන් අභියෝගය

ඉනිමක පරාජයෙන් බේරීමට බංගලි පිතිකරුවන් ලකුණු 211ක් ලබා ගත යුතු විය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තියුණුම අභියෝගය හමුවේ  ඊයේ දිනයේ තරගය නතර කරනවිට බංගලාදේශ කණ්ඩායම ලකුණු 115කට කඩුළු 06ක් දැවී ගියේය. මුල් පෙළ බිහිසුණු ලෙස බිඳ වැටිනි. ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 12කි. අනාමුල් හක් ලකුණු 19කි. මොමිනුල් හක් ලකුණු 15කි. නජ්මුල් ෂැන්ටො ලකුණු 19කි. මුෂ්ෆිකර් රහීම් ලකුණු 26කි.

තරගයේ මුල් දින තුනේ කඩුුළු රැකීම සිදුකළේ නවක ක්‍රීඩක ලහිරු උදාරය. එහෙත් අද තරගයේ කඩුළු රැකීමේ වගකීම යළිත් කුසල් මෙන්ඩිස් විසින් පවරාගෙන තිබිණි. අද දිනයේ මුල්ම කඩුල්ල ලෙස ලිටොන් දාස් දැවි යන්නේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට කඩුළු රකින්නා ලෙස කුසල්ගේ කදිම උඩපන්දු රැකීමකිනි. දාස් දැවී යන්නේ 08 වැනි කඩුල්ල ලෙසය. යළිත් ප්‍රභාත්ජ ජසූරියගේ පන්දුවකට විශිෂ්ට ස්ටම්ප් කිරීමක් කරමින් කුසල් විසින් නයිම් හසන්ව දවා ගන්නේය.

යළිත් වරක් කිව යුතුව ඇත්තේ තරගය ජයග්‍රහණය සේම තවත් ජයග්‍රහණයක් සනිටුහන් වන්නේ ප්‍රභාත් ජයසූරිය යලි සිය සුපුරුද් විශිෂට රිද්මය සොයා ගැනීමෙන් බවය. පළමු ටෙස්ට් තරගයේ දී එක් කඩුල්ලක් පමණක් ලබා ගත්, දෙවැනි තරගයේ එක් කඩුල්ලක් වත් දවා ගැනීමට නොහැකි වුන ප්‍රභාත් කඩුළු 05ක් මේ ඉනිමේ දි ලබා ගත්තේය.

මුරලි, රංගන පරම්පරාවේ ඊලඟ ශ්‍රි ලාංකික උරුමය වූයේ ප්‍රභාත්ය. තරිඳු රත්නායක ඒ උරුමය ප්‍රභාත්ගෙන් එපිට අනාගතයට රැගෙන යන ලකුණු පහළ කරමින් ඇත. ඔහුගේ ආක්‍රමණශීලී මෙන්ම විශ්වාසවන්ත පන්දු යැවීමේ පෞරුෂය බොහෝ සුබ ලකුණු පහළ කර ඇත්තේය. තරිඳු මේ ඉනිමේ දී පන්දු ඕවර 5.2ක් පමණක් යවමින් ලකුණු 19කට කඩුළු 02ක් ලබා ගන්නේය. මේ සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ප්‍රකාශිත සුබ ලකුණු බව ලියා තැබිය යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු ජනපති රනිල්ගේ විදෙස් සංචාර වියදම් ගැන පරීක්ෂණ: BBC සිංහල තොරතුරු ඉල්ලීමෙන් හෙළි වූ කරුණු

Next Post

ධීවර බෝට්ටු 02ක් ධීවරයින් 06ක් සමග අතුරුදහන්!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.