අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අපට “චියර් ” කරන්නවත් එවුන් නැති අවසන් මහා තරගයක්…

by editor
නොවැම්බර් 16, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලකුණු 212කින් ලබා දිය හැක්කේ කුමණ තරගයක් දැයි සිති තිබිණි. ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක ස්වරූපය අනුව ලකුණු 212ක් යනු පීඩනයක් රහිත ජයග්‍රාහී ඉලක්කයකි. එහෙත් ඒ තරගයේ අවසන් මොහොත වනතුරු ක්‍රීකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැකගෙන තරගය අත් නොහැර කළ සටන නම් විචිත්‍ර බව කිව යුතුව ඇත.

ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ. ඒ දකුණු අප්‍රිකානු පිල සමග කළ සටන්කාමී තරගයකින්  අනතුරුව ලබා ගත් කඩුළු 03ක ජයග්‍රහණයකින් අනතුරුවය.  අඩු ලකුණු සංඛ්‍යාවක් සහිත තරගයකදී තරගය අත් නොහැර සෑම පන්දුවක්ම කළමනාකරණය කරගන්නා ආකාරය දකුණු අප්‍රිකානු කණ්ඩායම පෙන්වා දුන්නේය.  අවසාන මොහොතේ ඒඩන් මැකරම් එවූ පන්දුවකට ඔස්ට්‍රේලියානු නායක පැට් කුමෙන්සි ලබා දුන් උඩපන්දුව කඩුළු රකින ක්‍රීඩක  ක්වින්ටන් ඩි කොක් අතින් ගිලිහී නොයන්නට තරගය මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලබා දෙන්නට ඉඩ තිබිණි.

අවසන් මහා තරගයට…

කෙසේ වෙතත් යළිත් වරක් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලානයේ අවසන්සි මහා තරය පෙනි පෙනී  යළිත් අවාසනාවන්ත ලෙස ලෝක කුසලාන සිහිනයෙන් විසි වී   ඇත.

කාසියේ වාසිය දිනුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායමය. අප සිතුවේ  වාසනාව ඔවුන් සතු බවය. තමන්ගේ කණ්ඩායම ලෝක වාර්තා තබා පරාජය වී මව් රටට පැමිණ විවේක සුවයෙන් රූපවාහිනිය ඉදිරියේ අවසන් පූර්ව වටය අපත් සමගම ගෙවල්වල සිට නරඹන විට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වඩාත් කැමති වූයේ දකුණු අප්‍රිකාව ඉන්දියාව සමග තරග වදින අවසන් මහා තරගයක් නැරඹීමටය.  එය සුන් වී ගියේය.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 03කි. නායක ටොම්බා බවුමා ලකුනු ලැබුවේ නැත.  රසෙල්ඩි වැන් ඩර් ඩුසේන් ලකුණු 06කි. ඒඩන් මැක්රම් ලකුණු 10කි.  පළමු ක්‍රීඩකයන් හතර දෙනාම කණ්ඩායමට එක් කරන්නේ ලකුණු 19කි. ලකුණු 24ක දී කඩුළු 04ක් දැවී ගොස්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ක්වින්ටන් ඩි කොක්… පරාජයේ වේදනාවත් සමග…

එහෙත් 5වන කඩුල්ල වෙනුවෙන්  හෙන්රිච් ක්ලාසන් සහ ඩේවිඩ් මිලර් අතර සටන්කාමී ලකුණු 95ක සම්බන්ධතාවයක් ගොඩනැගුනේය. 5 වැනි කඩුල්ල ලෙස හෙන්රිච් ක්ලාසන් දැවි යන විට ලකුණු පුවරුව ලකුණු 119කි. 6වැනි කඩුල්ල ලෙස පිටියට පැමිණි තරුණ ක්‍රීඩක මාර්කෝ  ජන්සන් තමන් මුහුණ දුන් පළමු පන්දුවේම දැවී ගියේය. 119 දී හය වැනි කඩුල්ලත් බිඳ වැටුනේය. ලකුණු 200 සීමාව ඉක්මවා යනු නොසිතන තරමේ පීඩනයක දකුණු අප්‍රිකානු කණ්ඩායම වැටුනේය.

එහෙත් මැදපෙළ පිතිකරු ඩේවිඩ් මිලර් බිඳවැටෙන කණ්ඩායමක් ගොඩනන්වන ආකාරයට ලෝක ආදර්ශයක් වෙමින් එක් අන්තයක් රැකගෙන පන්දු 116ක දී හතරේ පහර 08ක් සහ හයේ පහර 05ක් සමගින් ලකුණු 101ක් රැස් කළේය. මුළු කණ්ඩායමම රැස් කළ ලකුණු 212න්  101ක් ඩේවිඩ් මිලර් ගේ ය. ලකුණු 47ක් හෙන්රිච් ක්ලාසන්ගේ ය. ඉතිරි පිති කරුවන් 09 දෙනාම රැස් කර තිබුණේ ලකුණු 64කි.

පන්දු යැවීමේ දී මිෂෙල් ස්ටාර්ක් ලකුණු 34ට කඩුළු 3ක්, නායක පැට් කුමින්ස් ලකුණු 51ට කඩුළු 03ක්, ජොස් හසල්වුඩ්  ලකුණු 12ට කඩුළු 02ක් සහ ට්‍රවිස් හෙඩ් ලකුණු 21ට කඩුළු 02ක් ලැබුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඔස්ට්‍රේලියානු පිතිකරුවො  ඊඩන් ගාර්ඩන් තණතීරුවේ අපහසුවකින් තොරව පන්දුවට පහර දෙමින්  පළමු කඩුල්ල සඳහා ලකුණු 60ක සාර්ථක ආරම්භයක් ලබා ගන්නේය. ඔවුන් ලකුණු 60ක් ලබා ගන්නේ ඕවර 06කිනි. වේගය  ඕවරයට ලකුණු 10කි.

එහෙත් ඔස්ට්‍රේලියානු 02 කඩුල්ල ලකුණු 61 දී බිඳ වැටෙන්නේය. ඒ මිෂෙල් මාර්ෂ් ලකුණු නොලබා දැවී යාමෙනි. ට්‍රවිස් හෙඩ් ලකුණු 62ක් ලබා ගන්නේය. ස්ටීවන් ස්මිත් ලකුණු 30කි.  මානස් ලබුස්චාන් ලකුණු 18කි.  නොතිබූ ජයග්‍රහණයක් රැගෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අන්දමන්ද කළ ග්ලෙන් මැක්ස්වෙල් ලබා ගත්තේ එක් ලකුණකි.

මැක්ස්වෙල්ගේ දැවී යාමත් සමග දකුණු අප්‍රිකානු කණ්ඩායම තියුණු තරගයකට එළඹුනහ. ලකුණු 137ට කඩුළු 05ක් දැවී ගියේය.  කේෂේව් මහරාජ් මෙන්ම ටබ්‍රයිස් ෂම්සි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළේය. ඒඩන් මැක්රම් දඟ පන්දු යවන්නෙක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම බැඳ දැම්මේය.

තරගයේ මනරම් සටන්කාමී පන්දු යැවීම රූපණය කලේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ජෙරල්ඩ් කොඑට්සිය. ඔහුගේ පන්දු වේගය පැයට කිලෝමීටර 150 ඉක්මවා ගියේය. ඒ වේගපන්දු යවන ප්‍රාහාරක පීඩනයෙන් මිදුනේ පන්දුව නවත්වාගන්නට පිත්ත රුවා සිටිද්දී පිත්තේ වැදෙන පන්දු හතර අතේ ඇදී යාමෙනි.

අවසන් මහා තරගය දැක දැක යළිත් පරාදයි…

තරගය නිමා කළ පිතිකරුවන් දෙදෙනා වූ මිචෙල් ස්ටාක් මෙන්ම නායක පැට් කුමින්ස් කොඑට්සි අභියස දැඩිව අසරණ වූයේය.

කෙසේ වෙත්ත අද වාසනාව තිබුණේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගය. ලබා ගත යුතුම පහසු උඩපන්දුවක් කඩුළු රකින ඩිකොක් අතින් ගිලිහී ගියේය.  අවසන් පන්දුව දක්වා දැඩි පීඩනයක් එල්ල කරමින් ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකාව කටයුතු කළේය. කෙසේ වෙතත් දැන් ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයේය.

පන්දු යැවීමේ දී ජෙරල්ඩ් කොඑට්සි කඩුළු 02ක්, ටබ්‍රයිස් ෂම්සි කඩුළු 02ක්,  කේෂේව් මහරාජ්, කගිසො රබාඩා, ඒඩන් මැක්රම් කඩුල්ල බැගින් ලබා ගත්හ.

අද ඊඩන් ගාර්ඩන් තණතිරුව ඊයේ වෙන්කඩේ තණ තීරුවට වඩා හාත්පසින් වෙනස්ය.  ඉරිදා  අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද් තණතීරුව කෙසේ හැසිරේදැයි අප දන්නේ නැත. බොහෝ විට ඉන්දියාවට ගැලපෙන ලෙස එය හැසිරෙනු ඇතැයි ලෝකයේම ක්‍රිකට් රසිකයෝ අනුමාන කරති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට නම්  මේ මහා තරගය උපේක්ෂාවෙන් බැලිය හැකිය. මේ කණ්ඩායම් දෙකම  සම්බන්ධව අපේ ප්‍රේක්ෂකයන්ගේ විශේෂ ආකර්ශනයක් නැත. ඒ නිසා කවුරු දිනුවත් පැරදුනත් එකය.  අපේක්ෂාව තියුණු අවසන් මහා තරගයක් බැලීමය. ඉන්දියාව ඒ අපෙක්ෂාව සුන් නොකරනු ඇතැයි විශ්වාස කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තුවටත් අගෞරවයක්… වගකීම නොදත් ඔහුව ඉවත් කරන්නැයි ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකගෙන් ඉල්ලයි!

Next Post

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු කියන කතාව… දිස්ත්‍රික්ක 08ක දරුවන්ට ශිෂ්‍යත්වය පාස් වෙන්න විෂයයකට ලකුණු 77ක් ගන්න වෙලා!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.