කෝප් කමිටු සභාපතිවරයාගේ ක්‍රියා කලාපය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති මූල්‍ය පාලන වගකීම කෝප් කමිටුව මගින් නිසි අයුරින් ඉටු නොවන බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.
මේ තත්ත්වය තුළ ජනතා පරමාධිපත්‍ය පිළිබඳ බලය බරපතල ලෙස හෑල්ලුවට ලක්වන හෙයින් කෝප් කමිටු සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කර මෙම ඉහළ වගකීමක් සහිත තනතුර සඳහා එම ධූරයේ වගකීම නිසි ලෙස ඉටු කළ හැකි පුද්ගලයෙක් පත් කරන ලෙස ශ්‍රී ලංකා විගණන සංගමය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
එක් එක් ආයතන පිළිබඳව විගණකාධිපතිවරයා කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරනු ලබන සාකච්ඡා සටහනේ ප්‍රමුඛතාවය නොසලකා සහ මගහැර වැදගත් නොවන කරුණු සඳහා විශාල කාලයක් මිඩංගු කිරීම, විමර්ශනය කරන කරුණු සම්බන්ධව නිශ්ඡිත නිර්දේශ හෝ මාර්ගෝපදේශ ලබා දීම මගහැරීම, විමර්ශනයන්ට ලක්වන ආයතනවල කළමනාකරණ මණ්ඩලවලට හස්ථ මුද්‍රාවෙන් උපදෙස් ලබා දීම, කෝප් කම්ටු පැවැත්වීමට පෙර ඉදිරිපත්වන කරුණු සම්බන්ධව වටහා ගැනීම සදහා පූර්ව කෝප් කමිටු රැස්වීම් නොපැවැත්වීම සහිත බරපතල කාරණා හතරක් ද මෙම සභාපතිවරයා සම්බන්ධව ශ්‍රී ලංකා විගණන සංමය කථානායකවරයාගේ අවධානය යොමු කරවයි.
එම සංගමය කථානායකරයාට යැවූ ලිපිය පහත දැක්වේ.