ශිෂ්‍යත්ව ප්‍රතිඵල සහ කඩඉම් ලකුණු නිකුත් වී තිබේ. ඊයේ රාත්‍රියේ ප්‍රතිඵල නිකුත් වූයේය.
දිස්ත්‍රික් මට්ටමින් නිකුත් වී ඇති කඩඉම් ලකුණු අනුව සිංහල මාධ්‍යයෙන් කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මාතලේ, ගාල්ල, මාතර, සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ඉහළම කඩඉම් ලකුණු වාර්තා වී ඇත. එම ලකුණ 154කි. එනම් එක් විෂයයක් සඳහා ශිෂ්‍යයෙක් අවම වශයෙන් ලකුණු 77ක් ලබා ගත යුතුය.
යාපනය, කිලිනොච්චිය, මඩකලපුව දිස්ත්‍රික්වල සිංහල මාධ්‍යය සදහා කඩඉම් ලකුණු ප්‍රකාශ වී නැත. එම දිස්ත්‍රික්කවලින් එකම ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යත්ව විභාගයට සිංහල මාධ්‍යයෙන් පෙනී සිට නැත.
මන්නාරම, වව්නියා, මුලතිව්, දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයේ අවම කඩඉම් ලකුණු වාර්තා වේ. එය ලකුණු 145කි. එක් විෂයක් සදහා ලකුණු 72.5ක අගයකි.
දෙමළ මාධ්‍ය සඳහා ඉහළම කඩඉම් ලකුණු 147කි. කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල කෑගල්ල දිස්ත්‍රි සඳහා එම ලකුණ ප්‍රකාශ වී තිබේ.
දෙමළ මාධ්‍ය ප්‍රමුඛ අධ්‍යාපන මාධ්‍ය වූ වැඩිම දෙමළ ජන ප්‍රජාවක් වාසය කරන යාපනේ, කිළිනොච්චි, මන්නාරම,මඩකලපුව, දිස්ත්‍රික්වල කඩඉම් ලකුණ 145කි.
දෙමළ මාධ්‍යයෙන් අඩුම කඩඉම් ලකුණු වාර්තා වන්නේ මන්නාරම, පුත්තලම, අනුරාධපුර, පොලොන්නරුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලිනි. එය ලකුණු 143කි.