අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 15, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් (එස්එල්සී) හි ඉහළ නිලධාරීන් පසුගිය සතියේ කෝප් කමිටුව හමුවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මුහුණ දෙමින් සිටියදී, ක්‍රිකට් ආයතනය, තමන්ගේම ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර අපකීර්තියක් ඇතිකිරීමට කටයුතු කළ බවට ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් කළ විශේෂ හෙළිදරව්වකින් අනාවරණය වෙයි.

ඒ අලුතින් දියත් කරන ලද කිලෝමීටර් 2 ක යෝග්‍යතා පරීක්ෂණය, සැලසුම් සහගත ලෙස සමාජ ජාල ඔස්සේ දැඩි ප්‍රසිද්ධියක් ලබාදීමෙන් බව ඉන්දියාවේ ක්‍රිකට්ඒජ් වෙබ් අඩවිය පවසයි.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සාමාජිකයන් 36 දෙනෙකුගෙන් යුත් සංචිතයට තාවකාලික පුහුණුවෙන් ක්‍රීඩකයින් 32 දෙනෙකු සහභාගී වූ අතර මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සුගතදාස ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

නව පරීක්ෂණය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ‘යෝග්‍යතාවය සහ විඳදරාගැනීම’ මට්ටම තීරණය කිරීමේ සම්මත ක්‍රමයක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් අනුගමනය කරන ලද යෝ-යෝ ක්‍රමය වෙනුවට මෙය ආදේශ විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

නව පරීක්ෂණයට අනුව ක්‍රීඩකයින්ට කිලෝමීටර 2 ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35 ක කාල සීමාවක් තුළ ධාවනය කිරීමේ ඉලක්කයක් ලබා දී තිබුණි.

ක්‍රීඩකයින් හතර දෙනෙකු මෙම පරීක්ෂණය සමත් කිරීමට අපොහොසත් වූ අතර සමහර ක්‍රීඩකයින් යන්තම් ලකුණු සම්පූර්ණ කිරීමට සමත් විය.

මෙම සංකල්පය දිගු කාලීනව ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා ප්‍රමිතිය නංවාලීම සඳහා හොඳ මුලපිරීමක් ලෙස හැඳින්විය හැකි වුවද, එයට ප්‍රසිද්ධියක් ඇති කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වන උනන්දුව ප්‍රශ්න මතු කළ බව එම ක්‍රිකට් වෙබ් අඩවිය පෙන්වා දේ.

ක්‍රිකට්ඒජ් නමැති එම වෙබ් අඩවියට ලද ආරංචි මාර්ග වලට අනුව, යෝග්‍යතා පරීක්ෂණය ආවරණයට ප්‍රධාන ධාරාවේ මාධ්‍යයට අවසර නොතිබුණද, ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය රහසිගතව තම ප්‍රියතම පුද්ගලයින්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවසර දී ඇත.

එම පුද්ගලයින් ක්‍රීඩකයන් වෙහෙසට පත්ව බිම වැතිර සිටින විට නුසුදුසු පින්තූර ගත්තා පමණක් නොව, ඒවා රූගත කර යූ ටියුබ් වෙත මුදාහරින ලද බව ක්‍රිකට්ඒජ් පවසයි.

එහි ප්‍රතිඑලයක් වශයෙන්, මුළු රටම ඔවුන්ගේ ඡායාරූප දැක සමාජ ජාල ඔස්සේ ක්‍රීඩකයන් සමච්චලයට ලක් කළේය.

සමහර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පවා මේවා දැක පැවසුවේ ඔවුන්ගේ ශරීර යෝග්‍යතා පරීක්ෂණ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යවල දැකීම පිළිකුල් සහගත බවත් එය රහසිගතව කළ යුතු බවත්ය.

“එය ඔලිම්පික් තරඟයක් නොවේ. එය ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක් වූ අතර එය මහජන ප්‍රදර්ශනයට එක් කිරීමේ අවශ්‍යතාවයක් නෑ. එය ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපය විශාල හානියක් එක් කළා පමණක් නෙවෙයි, එය බිය උපදවන අනතුරු හැඟවීමේ ලකුණක් ” ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ක්‍රිකට්ඒජ් වෙත පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට දින දෙකකට පෙර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ද එම පරීක්ෂණවලට මුහුණ දී තිබීම සිත්ගන්නා කරුණකි.

කෙසේ වෙතත්, එය සිදු කරනු ලැබුවේ කිසිදු ඡායාරූපයක් මාධ්‍යයට බෙදා හැරීම හෝ කාන්දු වීමක් සිදු නොවන අයුරිනි.

යෝග්‍යතා පරීක්ෂණය සමාජයට මුදාහළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිතවත් මාධ්‍යවේදීන් පැහැදිලිවම, ඔවුන් හිටපු මණ්ඩලයේ සභාපති තිලන්ග සුමතිපාලගේ පක්ෂපාතී අය බැවින් ඔවුන් නීතියට ඉහළින් සලකන බවත් එම වෙබ් අඩවිය පැවසීය.

එහි සිටින මාධ්‍ය කළමනාකරු අකාර්යක්ෂම වන අතර එය විවෘත රහසක් බවද කෙසේ වෙතත්, ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා පරීක්ෂණයෙන් ලාභදායී ප්‍රචාරයක් ලබා ගැනීමට ඔවුන්ට උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න විමර්ශනය කළ යුතු බවත් එම හෙලිදරව්ව ඔස්සේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

Next Post

ජනතාවට අද සිට – මන්ත්‍රීලාට හෙට සිට කොවිඩ් එන්නත් කෙරේ

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.