අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට… මුල් තරග දෙකේ අත්දැකීම මත ඇෆ්ගන් කණ්ඩායම පන්දුවට පහරදීම තෝරයි…

"ෆ්ලැට් විකට් එකේ" ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්කය හඹා යෑමේ අභියෝගයක...

by editor
පෙබරවාරි 14, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගය තව ස්වල්ප වේලාවකින් පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ. කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම තෝරා ඇත. මුල් තරග දෙකේම ජයග්‍රහණය ලබා ගත්තේ මුලින්ම පන්දුවට පහර දුන් කණ්ඩායම ය.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතුව අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්,  සහ ඩිල්ෂාන් මදුශංක අද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරගවදිති.

විස්සයි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග සහ මුල් තරග දෙකේ ප්‍රධාන දඟපන්දු යවන්නා වූ මහීෂ් තීක්ෂණ තරගයෙන් විවේක ගන්වා ඇත. වනිඳු වෙනුවට තුන් ඉරියව් දඟපන්දු යවන්නා දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ වෙනුවට අඛිල ධනංජය කණ්ඩායමට කැඳවා තිබේ.

හස්මතුල්ලා සහීඩි යටතේ තරග වදින ඇෆ්ගනිස්ථාන කණ්ඩායම රහ්මතුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්‍රාන්, රහ්මට් ෂා, අස්මතුල්ලා ඕමාර්සායි,  මොහොමඩ් නබී, කඩුළු රකින ක්‍රීඩක ඉක්‍රාම් අලිඛිල්, ෂාරෆුඩීන් අෂ්රාෆ්, ක්වයිස් අහමඩ්, ෆසාල්හක් ෆාරුකී, සහ ෆරීඩ් අහමඩ් ක්‍රීඩා කරති. ගුල්බඩීන් නබී වෙනුවට ෂරෆ්ඩීන් අෂ්රාෆ් කණ්ඩායමට කැඳවා තිබේ.

තරගාවලියේ විශිෂ්ඨ ප්‍රවේශයක් ලබාගෙන සිටින ශ්‍රි ලංකා කන්ඩායම පසුගිය 09 දා පල්ලේකැලේ දී පැවති පළමු තරගයෙන් ලකුණු 42ක ද, පෙරේදා (11) පැවති දෙවැනි තරගයෙන් ලකුනු 155ක් ලෙස ද  ජයග්‍රහණයන් වාර්තා කරගෙන තරගාවලිය දිනාගෙන සිටී.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“අප අපේ ක්‍රිකට් ක්‍රීඩා කළ යුත්තේ කෙසේ ද, එම ක්‍රීඩාවේ පවත්වාගෙන යන්න උවමනා හොඳ  තණතීරු අපට අවශ්‍යයයි.  එමෙන්ම ක්‍රීඩකයන්ට තම ක්‍රීඩා සැලැස්ම ශක්තිමත් කරගැනීම සඳහා ක්‍රීඩක සංචලනයන් අවශ්‍යයයි.  එය සැරින් සැරේ වෙනස්වන මන්දගාමී තණතීරු මේ කටයුත්තට ගැලපෙන්නේ නෑ. මුලින්ම කිව යුත්තේ පල්ලේ කැලේ තණතිරුව විශිෂ්ටයි.  මම ඉල්ලුව ෆ්ලැට් විකට් එක ලැබුණා. ඒ ලැබුණ සහයෝගයට බලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා. “ ක්‍රිස් සිල්වර්වුඩ් පවසා තිබිණි.

ඇෆ්ගනිස්ථානය සමග පැවති අවසන් එක්දින තරග 05න් 04ක් ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමය. පසුගිය වසරේ ජූනි 07වැනි දා  හම්බන්තොට අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් කඩුළු 09ක ජයග්‍රහණයක්,  ආසියානු කුසලාන තරගාවලියේ දී  පසුගිය සැප්තැම්බර් 05 වැනිදා ලාහෝර් ක්‍රීඩාංගනයේ පැවති    තරගයෙන් ලකුණු 02ක ජයග්‍රහණයක් සහ මේ තරගාවලියේ තරග දෙක සමග මේ ජයග්‍රහණ 04 ශ්‍රී ලංකා කණ්ඩායම අත් කරගෙන තිබේ.

ඔක්තොම්බර් මස 30 වැනිදා ආසියානු කුසලාන තරගාවලියේ 30 වැනි තරගය ලෙස පූනේ දී පැවති තරගයේ දී කඩුළු 07ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. ශ්‍රි ලංකාව හා පැවති අවසන් තරග පහෙන් ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළ එකම තරගය මෙයය.

මේ තරගාවලියේ මුල් තරග දෙක ජයග්‍රහණය කරන්නේ මුලින් පන්දුවට පහර දුන් කණ්ඩායම ය. දැන් එම අවස්ථාව ඇෆ්ගනිස්ථානයට ලැබී තිබේ. අද තරගය සම්බන්ධව ඔවුහු බලාපොරොත්තු සහගතව සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගන් ශ්‍රී ලංකා 20යි  විස්ස තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නිවේදනයක්!

Next Post

හමුදාවේ 1100ක් සෞඛ්‍ය සහායක සේවාවලට….

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.