අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සල්ලිවලින් ජෝගි නටන කාලකණ්ණින් ගැන අර්ජුන රණතුංග කතාකරයි

by Lanka Sara Editor
ජනවාරි 30, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter
  • මහින්ද ගෝඨාභය ක්‍රිකට් නිලවරණයට ඉල්ලුවත් මේ සෙට් එකත් එක්ක දිනන්න බෑ
  • මහේල සංගා ගෙනා ඒජන්තයාට මේ රටේ ක්‍රීඩකයන් කොමිස් ගෙවනවා

මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභාය රාජපක්ෂ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයකට පැමිණියත් දිනිය නොහැකි තරමට ක්‍රිකට් ආයතනය සම්බන්ධ ක්‍රියාවලීන් අන්ත දූෂිත තත්ත්වයට පත්ව ඇති බවත් ක්‍රීඩකයන් උපයන මුදල්වලින් විනෝද වන ආකාරයේ කාලකණ්නි කණ්ඩායමක් එම ආයතනයේ සිටින බවටත් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග චෝදනා කරයි.

‘truth with චමුදිත’ යූටියුබ් නාළිකාවේ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් අර්ජුන රණතුංග මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල ඇති වී තිබෙන දැවැන්ත කඩාවැටීම ඇරඹුණේ 2015 තම ආණ්ඩු සමයේ සිට ආ වැරදි ක්‍රමවේදය නිසා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන රණතුංග මහතා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ගේ ඒජන්තයා ලෙසින් කටයුතු කරන චාලි වොට්සන් නමැත්තා මේ වනවිට මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් දස දෙනකුගේ පමණ‍ ඒජන්තයා වී සිටින බවත් ඔවුන් උපයන මුදලින් සියයට 10ක් මෙම පුද්ගලයාට ලබා දිය යුතුව පවතින බවය. මෙම පුද්ගලයන් ක්‍රීඩකයන් මෙහෙයවන බවත් මේ පිළිබඳව කිසිවකු නිසි ලෙස සොයා නොබලන බවටත් අර්ජුන රණතුංග මෙම සාකච්ඡාවේදි චෝදනා කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වන අර්ජුන රණතුංග,
“මට මතක ඇති කාලෙක ලංකාවේ ක්‍රිකට් මේ තරම් කඩා වැටීමට ලක් වුණේ නැහැ. දැක්මක් නැති පරිපාලනයක් එක්ක වෙච්ච දේවල් නිසා අද ක්‍රිකට් දුක් විඳිනවා. 2015 ඉඳලම හිටපු ක්‍රිකට් පරිපාලනය මේ කඩා වැටීමට වගකිව යුතුයි. යහපාලන ආණ්ඩුව හදපු දවසේ ඉදලා අපි හදපු ආණ්ඩු වෙලා මම අදාල මිනිස්සුන්ට මේක කිවුව. සමහර අය ඇහුව සමහර අය ඇහුවේ නෑ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ක්‍රිකට් නරකම පැත්තට ගියේ 2015 සිට. ඒකට සමහර ජේෂ්ඨ ක්‍රීඩකයොත් වගකියන්න ඕන. මම ක්‍රිකට්වලට එද්දී බන්දුල මඩුගල්ල රෝයි ඒ අය හිටියේ ඒ අය මාව හැදුවා. අපි ඉන්නකොට සනත්ලා මාවන්ලා මුරලිලාව හැදුවා. ඊට පස්සේ ඒ අය මහේලලා සංගක්කාරලව හැදුවා. හැබැයි එතනින් පස්සේ එක ක්‍රීඩකයෝ යුවලක් අපට හිටියේ නෑ. තිරිමාන්නලා චන්දිමාල්ලා දිනුක් කරුණාරත්නලා. ඒ අයව අපි හැදුවේ නෑ. මම මහේල සංගාට ඒ වගකීම භාර දෙන්නේ නෑ. නමුත් ඒ දවස්වල හිටපු තේරීම් කමිටු ඔය වගකීම භාරගත යුතුයි.

මහේල සංගා දක්ෂ අය. ඒ අය අද ක්‍රිකට් ගොඩ ගැනීම ගැන කතා කරනවා. ඒත් අපි ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්නේ කතා කතා කිරීම නෙමෙයි ක්‍රියාත්මක කිරීම. නමුත් කවුද මේ ඉන්න ක්‍රිකට් බෝඩ් එකත් එක්ක ක්‍රිකට් ගොඩ ගන්න යන්නේ. මට කිව්වොත් එන්න කියලා මම යන්නෙත් නෑ. මේ ඉන්න කට්ටියත් එක්ක කව්ද මේක බාරගන්නේ කියන එකත් ප්‍රශ්නයක්. සුමතිපාල මහත්තයාගේ කාලේ ඉඳලම තිබ්බ කඩාවැටීම තමයි මේ යන්නේ. ක්‍රිකට් පරිපාලනයේ ඉන්න උප සභාපති හෝ ලේකම් වන රවීන් වික්‍රමරත්න තරග පාවාදීමක ඉන්න කෙනෙක්. අද වෙනකම් දඬුවමක් නෑ. මම නාමල් රාජපක්ෂ ඇමතිතුමාටත් කිව්වා. එතුමා කිව්වා එංගලන්ත සංචාරය ඉවර වෙනකම් පොඩ්ඩක් ඉන්න කියලා. අපි ඉන්නවා. හිතන්නේ මේ අන්තිම අවස්ථාව තීරණයක් ගන්න. මොකද අපි දැක්කා ක්‍රීඩා ඇමැතිවරයා ගිහින් වැඩ කරන්න හදනවා එකතැනකින් බලපෑම් එනවා.
අද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ 150ක් වැඩ කරනවා. තරග බලන්න මේ අය ප්ලේන් එකෙන් හම්බන්තොට එක්කන් යනවා. ඒත් ගමේ සමහර ක්‍රීඩකයන්ට ක්‍රිකට් පුරුදුවෙන්න හරියට මැටින් එකක්වත් නෑ. ක්‍රීඩකයන්ගෙන් හම්බවෙන්න මුදලින් විනෝද වෙන ඉතාමත් කාලකන්නි කණ්ඩායමක් ක්‍රිකට් ආයතනයේ ඉන්නේ. . ක්‍රිකට් වැටිල තියෙන්නෙ දැන් වැටෙන්න දෙයක් නෑ. ක්‍රීඩකයෝ මුදල් ගේනවා. අයිසීසී එකෙන් අපිට ගෙවනව. ඒවයින් තමයි මෙයාලා ජෝගි නටන්නෙ. ඔයා ඉන්න එක්කෙනෙක්වත් රටට ගහන අය ඉන්නවද අපි යන්නේ ජනප්‍රිය වෙන්න නෙවෙයි එතනට අපි ජනප්‍රිය වෙලා යන්නේ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මිගේ තාත්තා බුකිකාරයෙක්. දැන් මේ ඉන්න ළමයි දක්ෂ අය . අපි ගමු කුසල් මෙන්ඩිස් ඒ ළමයා දක්ෂයි. නමුත් ඔලුව හදන්න ඕනේ. ගෝඨාභය, මහින්ද ආවත් ක්‍රිකට් ඡන්දයකින් දිනන්න බෑ මේ සෙට් එකත් එක්ක”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුරාබදු ගහන්න පත්කළ කමිටුව හොර අරක්කුවලින් කෝටි  104ක් ගහලා…

Next Post

පාස්කු කොමිසමේ වැඩ අවසන්ව යළි පොලිසියට ගිය එස්.එස්.පී වැඩක් නැතිව මුල්ලකට දමයි

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.