අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් උපන් එංගලන්තයට ක්‍රිකට් උගන්වන ශ්‍රී ලංකාවේ තරිඳු

by editor
සැප්තැම්බර් 30, 2020
in ක්‍රීඩා
Tharindu-Perera
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

මීට සියවස් ගණනාවකට පෙර එංගලන්තයෙන් බිහිවූ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානය වනවිට වඩාත්ම ජනප්‍රියව ඇත්තේ ආසියාතික රටවලය. සුද්දන්ගේ ක්‍රීඩාව, මහත්වරුන්ගේ ක්‍රීඩාව යනුවෙන් ඉංග්‍රීසින්ට උරුමකම් කී මේ අපූරු ක්‍රීඩාව ක්‍රීඩකයකු ලෙසින් පමණක් නොව පුහුණුකරුවකු ලෙසත් ආධිපත්‍ය පතුරුවාලිය හැකි ක්‍රීඩාවකි.

Tharindu-Perera
තරිඳු පෙරේරා

ශ්‍රී ලංකාවේ තරිඳු පෙරේරා දැන් එංගලන්තයේ  සිදු කරන්නේ ඒ ටිකය.

කොළඹ අශෝක විදුහලෙන් ක්‍රීඩාවට පිවිස පසුව එස්.එස්.සී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කළ මේ අපූරු තරුණයා එංගලන්තයේ ජනප්‍රියතම පුහුණුකරුවකු බවට පත්වී ඇත්තේ වාර්තා පිට වාර්තා තබමිනි.

වර්තමානයේ එංගලන්ත ප්‍රාන්ත තරග බිමේ ප්‍රබල කණ්ඩායමක් වන වොරික්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් පිලේ අධිතාක්ෂණ පුහුණුකරු ලෙස කටයුතු කරන තරිඳු ඊට පෙර යෝක්ෂයර් ප්‍රාන්තයේ කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය. මේ අවස්ථා ද්විත්වයම වාර්තාපොතට එක්වන්නේ එවැනි තනතුරක් ලද පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ආසියාතිකයා ද තරිඳුය. වොරික්ෂයර් ප්‍රාන්ත පිලේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා පිලේ හිටපු ප්‍රධාන පුහුණුකරුවකු වූ පෝල් ෆාබ්‍රේස් විසිනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tharindu-Perera
තරිඳු පුහුණු සැසියක

ලොවම පිළිගන්නා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුහුණුකාර පාඨමාලාව පළමු, දෙවැනි හා තුන්වැනි මට්ටම (ලෙවල් 3) සාර්ථකව නිමා කළ තරිඳු මේ වනවිට එහි සිවුවැනි මට්ටමේ පාඨමාලාව හදාරමින් සිටී. එම පාඨමාලාව ක්‍රිකට් පිටියේ සළකනු ලබන්නේ ශාස්ත්‍රපති උපාධිය ලෙසටය. එවැනි ගෞරවනීය උපාධියක් හැදෑරීමේ අවස්ථාව උදාකර ගත් පළමු හා එකම ශ්‍රී ලාංකිකයා ද , ආසියාතිකයා ද ඔහුය. එම සුදුසුකම සපුරා ඇති පුහුණුකරුවන් ලොව සිටින්නේ ද අතලොස්සකි. ටෙස්ට් ක්‍රීඩාවේ නිරත ලොව ප්‍රබල රටවල නම් දැරූ පුහුණුකරුවන් පවා සම්පූර්ණ කර ඇත්තේ තුන්වැනි මට්ටමේ පුහුණු පාඨමාලාව පමණි. තරිඳු මේ උපාධිය හැදෑරීමට තෝරා ගනු ලැබුවේ ඒ සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණය ඉහළින්ම සමත් වෙමිනි.

37 හැවිරිදි වියෙහි පසුවන තරිඳු එම උපාධිය හදාරන ලොව ළාබාලතම පුහුණුකරුවා ද විය හැකිය. ක්‍රිකට් පරිපාලනය, නායකත්වය, ප්‍රධාන පුහුණුකරුවකුගේ භූමිකාව, ජෛව විද්‍යා තාක්ෂණය, දස්කම් විශ්ලේෂණය ඇතුළු ක්‍රිකට් පුහුණුකරුවකු සතු විය යුතු සුදුසුකම් ගණනාවක් මේ පාඨමාලාවට ඇතුළත් ය.

‘මුලින්ම මම අවුරුදු 13න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළේ වේගපන්දු යවන්නෙක් විදියටයි. පස්සේ දඟ පන්දු යවන්නෙක් වුණා. අශෝක විදුහලේ අවුරුදු 13න් පහළ සිට පළමුපෙළ දක්වා කණ්ඩායම්වල නායකත්වය දරා තිබෙනවා. අවුරුදු 15න් පහළ පළාත් තරගාවලියට ක්‍රීඩා කළාට පස්සේ 17න් පහළ ජාතික කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 18ට තේරුණා. ‘තරිඳු පෙරේරා කීවේය.

ක්‍රීඩා විද්‍යාව පිළිබඳ උපාධියක් හැදෑරීමට 2005දී එංගලන්තයට ගිය තරිඳු අවසානයේ නතර වූයේ එංගලන්තයේ විශිෂ්ටතම පුහුණුකරුවකු බවට පත් වෙමිනි.

‘ඒත් මගේ හිත තිබුණේ ලංකාවේ. 2011 දී මම ආපහු මවුබිමට ආවා. කාලයක් ද්‍රවිඩ ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කළා. පස්සේ ඔස්ට්‍රේලියාවට ගිහින් නිව්සවුත්වේල්ස් දිස්ත්‍රික්කයේ ඩබෝ නගර කණ්ඩායමේ පුහුණුකරුවෙක් විදිහට කටයුතු කළා. ආපහු එංගලන්තයට ගියේ ඉන් පස්සෙයි. ‘ ඔහු පැවැසීය.

පසුව ඔහු යෝක්ෂයර් ප්‍රාන්තයේ ලීඩ්ස් නුවර බෙකට් විශ්වවිද්‍යාලයේ වසර තුනක ක්‍රීඩා උපාධියක් හැදෑරීය. එය සම්පූර්ණ කිරීමෙන් පසු 2016දී යෝක්ෂයර් ප්‍රාන්තයේ අවුරුදු 10න් පහළ පිලේ පුහුණුකරු විය. ඊළඟ වසරේදී ඔහු 12න් පහළ සහ 14න් පහළ කණ්ඩායම්වල පුහුණුකරු බවට පත්විය.

‘මගේ පවුලේ මම විතරයි. මගේ තාත්තා (වෝල්ටර් පෙරේරා) මට අවුරුදු 21දී මෙලොවින් සමුගත්තා. දැන් ඉන්නේ අම්මා (රේණුකා වීරසිංහ) විතරයි. ‘ තරිඳු  පැවැසීය.

මීට අමතරව විවිධ සුබසාධන කටයුතුවල ද නිරතවන තරිඳු ශ්‍රී ලංකාවේ ගම්බද පළාත්වල පාසල් අතර ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ නිහඬ සේවයක නිරතව සිටින බව වැඩි දෙනකු නොදනී. ඔහු එංගලන්තයේ සිට මෙරට අඩුපහසුකම් ඇති පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන දරුවන්ට ක්‍රිකට් උපකරණ බෙදා දෙයි. එමෙන්ම එංගලන්තයේ පළපුරුදු පුහුණුකරුවන් ගෙන්වා එම දරුවන්ගේ දස්කම් මුවහත් කිරීමට පුරෝගාමීව කටයුතු කරමින් සිටී.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

එංගලන්තයේ යොවුන් ක්‍රීඩකයන් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරන වොරික්ෂයර් ප්‍රාන්ත පිලේ අධිතාක්ෂණ පුහුණුකරු ලෙස කටයුතු කරන තරිඳු පෙරේරා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කදිම ආයෝජනයකි. එවැනි හැකියාවක් සහිත ශ්‍රී ලාංකිකයන් විරලය. ක්‍රිකට් බලධාරින්ගේ අවධානය යොමුවිය යුත්තේ මෙවැනි කිර්තිමත් පුහුණුකරුවන්ගේ සේවය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට එක් කරගැනීම කෙරෙහිය. එය අනාගතයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දස්කම් සපිරි යොවුන් ක්‍රීඩකයන් ඇතුළත් කරගැනීමෙහිලා  වැදගත් සාධකයක් බවට ද පත්වනු නිසැකය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.පී.එල්. අද නොවෙයි හෙට… තරගාවලිය යළිත් කල් යයි

Next Post

විල්පත්තු රක්ෂිතයේ ඉඩම් අයිතිය කියන්න බලපත්‍ර අරන් ඇවිත්…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.