බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් විධායක සභාවේ තුච්ඡ වැඩක්… ක්‍රිකට් දේශපාලනය නිසා ක්‍රිකට් තහනම් කළ මඩකලපුවේ ක්‍රීඩාංගනයට වුන අසාධාරණය ගැන ජනපතිට පැමිණිල්ලක්!

by editor
ඔක්තෝබර් 13, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter
  • ක්‍රිකට් ප්‍රේමී විදේශගත ශ්‍රී ලාංකිකයෙක් තම පුද්ගලික මුදලින් හැදූ ක්‍රීඩාංගනය… අධීක්ෂණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ පරිපාලකයෙක් වූ දිවංගත බන්දුල වර්ණපුර

  • මේ අත්තනෝමතික තහනම ක්‍රියාත්මක කර ඇත්තේ මඩකලපු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනකු හා එම පළාතේ ක්‍රිකට් නිලවරණ කටයුතු මෙහෙයවන ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියකුගේ බලපෑම නිසා…

ක්‍රිකට් ආයතනය විසින් කෝටි ගණන් වියදම් ඇස්තමේන්තු හදමින් තැන් තැන් වල ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන්න සැළසුම් කරද්දී තනි මිනිසකු විසින් මිලියන 750 ක් වැය කොට මඩකලපුවේ ඉදි කර ඇති අලංකාර ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රිකට් දේශපාලනය හේතුවෙන් කිසිදු ක්‍රිකට් ආයතන තරගයක් නොපවත්වන ලෙස තහනමකට ලක් කොට ඇත.

මඩකලපුව ක්‍රීඩාංගනය…

ක්‍රිකට් ආයතනයේ විධායක සභාව විසින් ගන්නා ලද මෙම තීරණය හේතුවෙන් ක්‍රීඩාංගණ නොමැති පළමු පෙළ ක්‍රීඩා සමාජ කිහිපයකටම ගැටලුවකට මුහුණ දීමට සිදුව තිබේ.

පසුගිය ප්‍රිමියර් දෙවන කොටසේ තරගාවලියේ තම හෝම් තරග හතක් සඳහා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් මෙම කොඩමුනෙයි ක්‍රීඩාංගණය වෙන් කරගෙන තිබුණත් ක්‍රිකට් විධායක සභාව විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණය හේතුවෙන් ඔවුන්ට ක්‍රීඩාංගණ සොයා ගැනීම අතිශයින් දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබිණ.

එළඹෙන ප්‍රිමියර් තරගාවලිය සඳහා තම තරග පැවැත්වීමට මෙම ක්‍රීඩාංගණය ලබා දෙන මෙන් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයද ඉල්ලා ඇතත් ක්‍රිකට් බලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ.

 Batticaloa-Kodamunei-Cricket --Stadium
ඉහළ ප්‍රමිතයෙන් යුතුව කළමනාකරණය කරන තණ තීරු..

මුළු උතුරු නැගෙනහිර පළාත් දෙකටම ඇති මේ මට්ටමේ අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණය වන්නේ කොඩමුනෙයි ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මඩකලපුවේ උපත ලබා එහි ශා. මයිකල් විදුහලේ අධ්‍යාපනය ලද පුවනසිංහම් වසීහරන් නම් දැනට එංගලන්තයේ පදිංචිව සිටින ක්‍රිකට් ප්‍රේමී ශ්‍රී ලාංකිකයකු විසින් තම පෞද්ගලික ධනයෙන් ඉදිකරන ලද මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් භාරව කටයුතු කර ඇත්තේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර විසිනි.

ඔහු මාස ගණනක් මඩකලපුවේ රැඳී සිටිමින් එම කටයුත්ත කර තිබේ.

විදෙස් කණ්ඩායම් ද මෙම ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කළහ…

මෙම ක්‍රීඩාංගණය 2022 වසරේ ආරම්භ කිරීම නිමිත්තෙන් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් හිටපු ශ්‍රීලංකා ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ප්‍රදර්ශන තරගයකටද සහභාගි විය.

ඉන්පසු මේ දක්වා එහි දෙස් විදෙස් කණ්ඩායම් රැසක් තරග පවත්වා ඇති අතර ක්‍රිකට් ආයතනයේ සරා කුසලාන තරග නවයක්ද පවත්වා තිබේ.

නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථානයක් ලෙසද මෙය ප්‍රවර්ධනය කර ගත හැකි බවත් ඉදිරියේ ජාත්‍යන්තර තරග පැවැත්වීමට හැකි මට්ටමට දියුණු කර ගත හැකි බවත් මෙහි ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ පවසති.

බාහිරින් පැමිණෙන කණ්ඩායම් වලට නවාතැන් ගත හැකි පහසුකම්ද ක්‍රීඩාංගණයම තුළ ඇති අතර පුහුණුව සඳහා පුහුණු තණ තීරු අටක්ද මෙහි තිබීමත් ඉලෙක්‍ට්‍රොනික් ලකුණු පුවරුවක්ද තිබීමත් විශේෂත්වයකි.

Batticaloa Kodamunei Cricket Stadium 1
පුහුණුවන ස්ථාන…

ලංකාසරට වාර්තාවන ආකාරයට ක්‍රිකට් විධායක සභාව විසින් මෙම ක්‍රීඩාංගණයට අත්තනෝමතික ලෙස තරග තහනමක් පවරා ඇත්තේ මඩකලපු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනකු හා එම පළාතේ ක්‍රිකට් නිලවරණ කටයුතු මෙහෙයවන ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියකුගේ බලපෑම නිසාවෙනි.

මේ අසාධාරණ තහනම හේතුවෙන් තමන්ට කියා ක්‍රීඩාංගණයක් නොමැති පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා සමාජ රැසකට හොඳ තණතීරු හා අවට පිටියක් සහිත ක්‍රීඩාංගණයක් තම තරග වෙනුවෙන් යොදා ගැනීමේ අවස්ථාව අහිමිව තිබේ.

මෙම අසාධාරණ හා අත්තනෝමතික තීරණයට එරෙහිව අභිනව ජනාධිපති වරයාට හා ක්‍රීඩා ඇමතිනියද වන අගමැතිවරියට ලිඛිතව දැන්වීමට කොඩමුනෙයි ක්‍රීඩාංගණ අධිකාරිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාවෙයි සේනාධිරාජා පක්ෂයේ වගකීම්වලින් ඉවත් වෙයි!

Next Post

බූස්ස අධි ආරක්ෂිතයේ ගණේමුල්ල සංජීවගේ සහ වෙලේ සුදාගේ සිර කුටි අසල ජංගම දුරකථන… STF මෙහෙයුමකින් සොයා ගනී!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.