සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඔස්ට්‍රේලියාව කම්පා කරන අවුරුද්දේ තුන්වන ක්‍රිකට් මරණය… එකල පිටිය එකෙළි කළ ඇන්ඩෘ සයිමන්ස් දිවියෙන් සමු ගනී!

by editor
මැයි 15, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අනූව දශකයේ අග භාගයේ සිට පුරා දශයකට අධික කාලයක් ලෝක ක්‍රිකට් ක්‍රීඩාව වර්ණවත් කළ විශිෂ්ට ක්‍රීඩකයෙක් වූ ඇන්ඩෘ සයිමන්ස් දිවි ගමනින් සමුගෙන ඇත.

මාර්තු මුල් සතියේ ෂේන් වෝන් සහ රොඩ්නි මාෂ්ගේ මිය ගියේය. ඔහුගේ මරණය 2022 වර්ෂයේ දී පුරාවෘත බඳු වූ තුන්වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාගේ මරණයයි.

ඔස්ට්‍රෙලියානු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් වර්ෂ 1998 සිට 2009 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 26කට සහ එක්දින තරග 198කට ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩයෙක් වූ ඇන්ඩෘ සයිමන්ස් ක්වීන්ස්ලන්තයේදී සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සයිමන්ඩ්ස් 46 හැවිරිදි වියේ පසුවූ අතර ඔහු විශ්‍රාමිකව ජීවත් වූ ටවුන්ස්විල් නගරයෙන් පිටත දී මෙම අනතුරට ලක් විය.
ප්‍රකාශයක් නිකුත් කරමින් ක්වීන්ස්ලන්ත පොලිසිය පැවසුවේ “ඊයේ රාත්‍රියේ ටවුන්ස්විල් සිට කිලෝමීටර් 50 ක් පමණ ඔබ්බෙන් වූ හර්වි රේන්ජ් ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇති බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පොලිස් වාර්තා අනුව අනතුර සිදුවී ඇත්තේ රාත්‍රී 11 ට පසුවය. මෝටර් රථය ඇලිස් ගංගා පාලම අසල හර්වි රේන්ජ් පාරේ ධාවනය කරමින් සිටියදී එය මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී ඇති බව පොලිසිය කියන්නේය.

හදිසි සේවා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළ නමුත්, බරපතල තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් තිබිණි.

ඔහු ගැන ක්‍රිකට් මතකය –

ඇන්ඩෘ සයිමන්ස් වර්ෂ 2003 සහ 2007 දී අපරාජිතව ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් දෙකම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඔහු 2000 දශකයේ මැද භාගයේදී ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් විය.
බර්මින්හැම් හි උපත ලද ඇන්ඩෘට එංගලන්තයට ක්‍රීඩා කළ හැකිව තිබූ නමුත් ඔහු 1995 දී එංගලන්ත ඒ කණ්ඩායමට කැඳවීම ප්‍රතික්ෂේප කළේය.

ඔහුගේ පළමු ඔස්ට්‍රේලියානු එක්දින තේරීම 1998 දී සිදු වූයේය. එහෙත් ඔහුට කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කරගැනීමට කලක් උපේක්ෂා සහගත වීමට සිදුවූයේය.

වර්ෂ 2003 ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාවේ ආරම්භක තිබුණේ පාකිස්ථානය සමගය . එම තරගයේදී ඔහු පාකිස්ථානයට එරෙහිව ලකුණු 86කට කඩුලු 4ක් දවා ගත්තේය. අනතුරුව පන්දුවට පහර දෙමින් පන්දු 125කදී ලකුණු 143ක් ලබා ගෙන පිටිය වර්ණවත් කළේය.  ඔහු එක්දින ක්‍රිකට් දිවයේ ශතක හයක් සටහන් වී තිබිණි.

ඇන්ඩෘ සයිමන්ස් සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන්නේ වර්ෂ 2004 ය. මුල් තරග වලදී අර්ධ ශතක කිහිපයක් ඔහු ලබා ගත්තේය. වර්ෂ 2006-07 එංගලන්තයට එරෙහිව පැවති බොක්සිං ඩේ ටෙස්ට් තරගයේදී ඔහු පිපිරෙන ලකුණු 156 ක් ලබා ගනිමින් පිටියේ දැවැන්ත පෙරළියක් කළේය.

ඔහු 2008 දී සිඩ්නිහිදී ඉන්දියාවට එරෙහිව ලකුණු 162 ලබා ගනිමින් සිය වෘත්තීය ජීවිතයේ හොඳම ඉනිම ක්‍රීඩා කළේය.

පිටියෙන් පිටත ගැටළු සයිමන්ඩ්ස් හට කිසිදා දුරස් නොවීය. වර්ෂ 2005 වසරේ කාඩිෆ්හිදී බංග්ලාදේශයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික පරාජයට පත්වීමට පෙර බීමත්ව සිටි ඔහු තරග තහනමකට ලක් විය.

2008 වසරේ කණ්ඩායම් රැස්වීමකට සහභාගි විය යුතුව තිබිය දී ඩාවින්හි විනෝද චාරිකාවකට එක්වීමත් සමග ඔහුගේ ජාත්‍යන්තර ජීවිතය අවසන් විය. 2009 විස්සයි 20 ලෝක කුසලානය ආසන්නයේ යළිත් විනය කඩ කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සමග ඔහු ඇතිකරගෙන තිබූ ගිවිසුම ඉක්මිනන්ම නිමා කිරීමට ක්‍රිකට් පරිපාලනය කටයුතු කළේය.

ක්‍රිකට් පිටියෙන් සමුගත් ඇන්ඩෘ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසේයය. ඒ ක්‍රිකට් විචාරකයෙක් ලෙසිනි.

ඔහුගේ වෘත්තීය ජීවිතය T20 යුගයේ ආරම්භය සපුරාලීමත් සමඟ – ඔහු 2004 දී කෙන්ට් වෙනුවෙන් පන්දු 34ක ශතකයක් ලබා ගත් අතර 2008 පළමු IPL වෙන්දේසියේදී USD මිලියන 1.35ක් උපයා ගත්තේය – ඔහු ක්වීන්ස්ලන්ඩ්, Deccan Chargers හි අක්ෂර වින්‍යාසය සමඟ සංචාරක T20 ක්‍රීඩකයෙකු බවට පත්විය. සහ 2012 දී විශ්‍රාම යාමට පෙර සරේ. පසුව ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි අතර ඕස්ට්‍රේලියාවේ විවරණ පෙට්ටියේ නිත්‍යව සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.ටී.ටී.ඊ ප්‍රහාරය ගැන හින්දු පුවත්පතේ පළවු පුවත ගැන ආරක්ෂක අංශ විමසිල්ලෙන්!

Next Post

“තෙල් හංගලා…“ මිනුවන්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හල අසල මිනිස්සු ප්‍රශ්න කරති !

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.