අත්තනෝමතික ක්‍රීඩක වෙන්දේසියෙන් පසු මහේල ජයවර්ධන ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ බරපතල විවේචනයට සහ අප්‍රසාදයට ලක්වීමෙන් අනතුරුව ලංකා ප්‍රිමියර් ලීග් සංචිතවලට අනිවාර්යෙන් ඇතුළත් කරගත යුතු ක්‍රීඩක ලයිස්තුවක් ඊයේ ( 12) ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයට පත් කළේය.
අදාළ ක්‍රීඩකයන් අතුරෙන් දෙදෙනෙක් අනිවාර්යයෙන්ම එල්.පී.එල් තරගාවලියේ එක් කණ්ඩායමක් විසින් ඇතුළත් කරගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ අනුව දැනුම් දුන්නේය.
ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මිනෝද් භානුක, සධීර සමරවික්‍රම, අෂාන් ප්‍රියන්ජන් සහ ශිරාන් ප්‍රනාන්දු එම ක්‍රීඩකයන්ය.
කියවන්න…
එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසිය හොර බඩු වෙන්දේසියක් වෙයි!.. ක්‍රීඩකයන් අතරත් බරපතල විරෝධතාවක්!
LPL ක්‍රීඩක වෙන්දේසියේ අතාර්කික කුණු වැඩ ගැන මහෙල කිව්ව කන පැලෙන කතාව!







