සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එල්.පී.එල්. පළමු තරගයම කරට කර සුපිරි ඕවරයෙන් කලම්බු කිංග්ස් ජය ගනී

by Lanka Sara Editor
නොවැම්බර් 27, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර කරට කර සටනකින් ඊයේ ආරම්භ වූ එල්.පී.එල්. තරගාවලියේ පළමු තරගයේ ලකුණු සමවීමෙන් ලබා දුන් සුපිරි ඕවරයේදී ජය හිමිකර ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බු කිංග්ස් කණ්ඩායම සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම ඕවර 20 ඇතුළත කඩුලු 3ක් දැවී ලකුණු 219ක් රැස් කළ අතර, දෙවැනුව පන්දුවට පහරදුන් කලම්බු කණ්ඩායමත් ඕවර 20 ඇතුළත කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 219ක් පමණයි. සුපිරි ඕවරයෙන් ජයග්‍රාහකයා තෝරා ගැනීමට සිදුවූයේ එබැවිනි.

සුපිරි ඕවරයේදී මැතිව්ස්ගේ කණ්ඩායම පළමුව පිතිහරඹයට පිවිසියේය. ඉනිම ආරම්භ කළේ ඉසුරු උදාන සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඇන්ඩ්‍රි රසල්ය. නුවන් ප්‍රදීප් යැවූ මේ සුපිරි ඕවරයේ දෙවැනි පන්දුවෙන් උදාන දැවී යාමෙන් පසු රසල් සමග එක්වූ නායක මැතිව්ස් කලම්බු කණ්ඩායමේ සුපිරි ඕවරයේ ලකුණු සංඛ්‍යාව 16 දක්වා ඉහළ දැමූහ.

ඇෆ්ගනිස්තාන යොවුන් පිතිකරු රහමනුල්ලාහ් ගුර්බාස් සහ නායක කුසල් ජනිත් කැන්ඩි කණ්ඩායමේ ඉනිම ආරම්භ කළ අතර සුපිරි ඕවරය යවනු ලැබුවේ ඉසුරු උදාන විසිනි. පළමු පන්දුව ගුර්බාස්ට මඟ හැරුණත් දෙවැනි හා තුන්වැනි පන්දුවලට පිළිවෙළින් දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කිරීම නිසා පන්දු 3කින් ලකුණු 10ක් රැස් කිරීමට කැන්ඩි කණ්ඩායමට හැකිවිය. ඊළඟ පන්දු 3ට ලබාගත යුතු වූයේ ලකුණු 7ක් පමණයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නමුත් උපක්‍රමශීලී අයුරින් පන්දු යැවූ ඉසුරු උදාන ඊළඟ පන්දුවට ලකුණු නොදී සිටි අතර, පස්වැනි පන්දුවට දුන්නේ එක් ලකුණක් පමණයි. අවසන් පන්දුවට ලකුණු 6ක් එල්ල කිරීමේ අභියෝගයට මුහුණ දුන් කුසල් ජනිත්ට එය සාර්ථක කර ගැනීමට හැකි නොවිය.

කාසියේ වාසිය දිනූ කලම්බු කණ්ඩායමේ නායක මැතිව්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළත් කැන්ඩි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෝ යුගළය ඕවර 5. 4කදී පළමු කඩුල්ලට ලකුණු 75ක් රැස් කරමින් විශිෂ්ට ආරම්භයක් ලබා දුන්හ. විශේෂයෙන් ඇෆ්ගනිස්තානයේ යොවුන් පිතිකරු 18 හැවිරිදි ගුර්බාස් පන්දු 22කින් ලකුණු 53ක් රැස් කරමින් එල්.පී.එල්. තරගාවලියේ පළමු අර්ධ ශතකයට හිමිකම් කීවේ හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ද එල්ල කරමිනි.

ඔහු දැවී ගියේ කලම්බු කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහුගේම රටේ පාදඟ පන්දු යවන ක්වයිස් අහමඩ්ගේ පන්දුවකටය.
කැන්ඩි කණ්ඩායමේ ලකුණු පුවරුව 200 සීමාවෙන් එපිටට රැගෙන යාමට සමත්වූ නායක කුසල් ජනිත් ඊයේ ක්‍රීඩා කළේ විශිෂ්ට ඉනිමකි. ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් ලකුණු 87ක් රැස් කළේ පන්දු 52කිනි. ඔහු ලකුණු 30ක් රැස් කළ කුසල්මෙන්ඩිස් සමග දෙවැනි කඩුල්ලට ලකුණු 59ක සම්බන්ධතාවක් ගොඩ නැගුවේය.

පසුව දුෂ්මන්ත චමීර යැවූ අවසන් ඕවරයේ පළමු පන්දුවේදී දැවී යනවිට අසේල ගුණරත්න සමග තුන්වැනි කඩුල්ලට ලකුණු 73ක සම්බන්ධතාවක් ඇතිකර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 220ක දැවැන්ත ඉලක්කය හඹා යාමේ අභියෝගය බාරගත් කලම්බු කණ්ඩායමත් ක්‍රීඩා කළේ ඊට නොදෙවැනි ඉනිමක්ය. ඔවුන්ට කැන්ඩි කණ්ඩායමේ පන්දු රකින්නන්ගෙන් ද පොඩි තල්ලුවක් ලැබුණේ උඩපන්දු කිහිපයක්ම අත්හැරීමෙනි.

හොඳම ඉනිම ක්‍රීඩා කළේ දිනේෂ් චන්දිමාල්ය. ලෝරි ඉවන්ස් සමග ඉනිම ආරම්භ කළ චන්දිමාල් 13 වැනි ඕවරයේදී පිටියෙන් ඉවත්වූයේ මුළු ලකුණු සංඛ්‍යාව 131ක දක්වා ඉහළ දැමීමෙන් පසුවය.

එහෙත් අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරතවූ නුවන් ප්‍රදීප් පිතිකරුවන් පීඩාවට හසු කරමින් කඩුලු 2ක් දවාලීම නිසා කලම්බු කණ්ඩායමේ මැද පෙළ නොසිතූ අයුරින් බිඳ වැටුණේය. බලාපොරොත්තු සහගත පිතිකරුවකු වූ නායක මැතිව්ස්ට රැස් කිරිමට හැකිවූයේ ලකුණු 2කි. කොදෙව් පිතිකරු ඇන්ඩ්‍රි රසල් ලකුණු 24ක් රැස් කළේය. ආරම්භක පිතිකරු ලෝරි ඉවන්ස් සහ තික්ෂිල ද සිල්වා ලකුණු 22 බැගින් රැස් කරමින් චන්දිමාල්ට පොඩි සහයක් දුන්හ. ලකුණු 80ක් රැස් කිරිමට චන්දිමාල් සමත්වූයේ පන්දු 46කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් එක්වූයේය.

නමුත් 17 වැනි ඕවරයේ අවසන් පන්දුව වෙද්දී කලම්බු කණ්ඩායමේ කඩුලු 6ක්ම ලකුණු 167ක් ඇතුළත බිඳ වැටී තිබුණේ තරගයේ ජයග්‍රහණය කැන්ඩි කණ්ඩායම දෙසට හරවා තබමිනි.

තරගය වෙනස් කළ ක්‍රීඩකයා බවට පත්වූ ඉසුරු උදාන පන්දු 12කින් නොදැවී ලකුණු 34ක් රැස් කරමින් කලම්බු කණ්ඩායමේ බලාපොරොත්තුව ඉහළ දැමූ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 4ක්ම ඇතුළත් විය. ඇෆ්ගනිස්තාන ක්‍රීඩක ක්වයිස් අහමඩ් ද පන්දු 8කින් ලකුණු 15ක් රැස් කරමින් මනා සහයක් දුන්නේය.

කැන්ඩි කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීමට මැතිව්ස් පන්දු යවන්නන් 7 දෙනෙක් යොදා ගනිද්දී කලම්බු කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීමට පන්දු යවන්නන් 8 දෙනෙක් යොදා ගැනීමට කුසල් ජනිත්ට සිදුවිය.

තරගයේ වීරයා සම්මානය යායුතු වූයේ චන්දිමාල්ට නොව තරගය වෙනස් කළ ක්‍රීඩකයා වූ ඉසුරු උදානටය. කැන්ඩි කණ්ඩායම දෙසට හැරී තිබුණු තරගයේ ජය වළක්වා එය සමකරගත්තේ ඔහුය. සුපිරි ඕවරය යවමින් කැන්ඩි කණ්ඩායමේ ප්‍රබලම පිතිකරු යුගලය මෙල්ල කරමින් තරගයේ ජය කලම්බු කණ්ඩායමට ගෙන දුන්නේ ඔහුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දීඝවාපියෙන් හමු වූ රන් කරඬු සහ සන්නස හෙළි කරන අතීත කතාව

Next Post

ශානි අයි.ඩීඑච් රෝහලට මාරු කරන්නැයි සජිත් මැතිසබේදී ඉල්ලයි

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.